lakbima.lk

කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් අලුතින් මිළදීගැනීමට ගිවිසුම් අත්සන් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. 

ඇමරිකන් ඩොලර් මිලියන 3.12ක ආයෝජනයක් මේ සඳහා සිදු කරන බව කී අමාත්‍යවරයා කොළඹ ඩොක්යාඩ් සමාගම මෙම නියමු දියත් යාත්‍රා සැපයීම සිදු කරන බව ද සඳහන් කළේය. 

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මෙම මිළදී ගැනීම සිදු වන අතර මාස දහයක කාල සීමාවක් තුළ මෙම දියත් යාත්‍රා නිෂ්පාදනය කොට කොළඹ වරායට භාර දීම සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා වනවිට මෙම නව යාත්‍රා භාවිත කිරීමට කොළඹ වරායට හැකියාව ලැබෙනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. 

කොළඹ වරාය සතුව දැනට නියමු දියත් යාත්‍රා හතරක් ඇති අතර ඒවා අවසන් වරට යාවත්කලීන කොට ඇත්තේ 2007 වර්ෂයේය. අලුතින් එක්වන නියමු දියත් යාත්‍රාවන් දෙකත් සමග වරායේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් වන  බවත්, ඒ සමගම නවීන නෞකාවන් වඩාත් ඉක්මනින් හැසිරවීමේ හැකියාව කොළඹ වරායට ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.  

අලුතින් එකතු වන නියමු යාත්‍රාවන් දෙක දැනට පවතින යාත්‍රා හතරටම වඩා වේගවත් බවත්, නවීන අංගයන්ගෙන් සමන්විත බවත් අමාත්‍යවරයා පැවසීය. 

පසුගිය වසර කිහිපය තුළ කොළඹ වරායට පැමිණෙන නෞකා සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා ඊට සරිලන පරිදි වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ද අනිවාර්ය අවශ්‍යතාවක් බව පැවසුවේ ය.

  1. ප්‍රතිචක්‍රීය කරන ලද කන්ටේනර් භාවිතයෙන් BOXIT නව නිවාස ලෑන්ඩ්මාර්ක් වෙතින්
  2. ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමුන් දිරිමත් කරයි
  3. ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය
  4. Huawei Y 2019 නව ජංගම දුරකථන මාදිලි පෙළ වෙළඳපලට
  5. ණයවී ගෙවීමේ අපූරු ආර්ථික ප‍්‍රතිපත්තිය
  6. ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ මාසික හමුව ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් නවමු මාතෘකා රැසක්
  7. IIHS සිසු කණ්ඩායමක් SMART සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස උපාධි ලබයි
  8. IIT ආයතනය ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කරයි
  9. ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්
  10. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුරක්ෂා සිසු රක්ෂණයේ ප්‍රතිලාභ එවේලේම
  11. තායි සුමේධා ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලබයි
  12. රැකියා දෙරණ ගිවිසුම් අත්සන් කරයි
  13. ඩොලරය තවත් පහලට
  14. කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද
  15. කොළඹ නගරයට ඇ.ඩො.මි. 1850 සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්
  16. ඩොලරය පහලට
  17. ලොව ප්‍රථම Under-Display කැමරාව සහිත NOVA 4 ජංගම දුරකථනය HUAWEI වෙතින්
  18. ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට
  19. සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්
  20. ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි
  21. ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි
  22. Hutch සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි
  23. සෙලාන් බැංකුව EPF සඳහා අන්තර්ජාලය හඳුන්වා දෙයි
  24. මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ පත්වෙයි
  25. ලංකා හොස්පිට්ල්ස් නොමිලේ ඇසේ සුද ඉවත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.