lakbima.lk

ශ්‍රී ලාංකිකයින් සදහා ප්‍රථම වරට online වෙන්දේසි ක්‍රමය ඇතුලත් netauction.lk වෙබ් තමන්ගේ දේපලක්, ඕනෑම භාණ්ඩයක්, ඕනෑම නිෂ්පාදනයක් කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව නොමිලේ වෙළඳ දැන්වීමක් ලෙස netauction.lk වෙබ් අඩවියේ පළකරගෙන තම භාණ්ඩ, දේපල හා නිෂ්පාදන සෘජුවම ගැණුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැඛෙනු ඇත.

ශ්‍රී ලාංකිකයින් සදහා ප්‍රථම වරට online වෙන්දේසි ක්‍රමය ඇතුලත් netauction.lk වෙබ් තමන්ගේ දේපලක්, ඕනෑම භාණ්ඩයක්, ඕනෑම නිෂ්පාදනයක් කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව නොමිලේ වෙළඳ දැන්වීමක් ලෙස netauction.lk වෙබ් අඩවියේ පළකරගෙන තම භාණ්ඩ, දේපල හා නිෂ්පාදන සෘජුවම ගැණුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැඛෙනු ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් අරමුණු කරගනු ලබන්නේ විකුණුම්කරුවා සහ ගැණුම්කරුවා අතර අතරමැදියන් රහිතව සෘජු සම්බන්ධතාවයක් ගොඩනැගීම වන අතර එමගින් අතරමැදියන් උපයන අධික ලාභය විකුණුම්කරුවාට ලැබී ඔහුගේ අත මිට සරුවේ. ඔවුන් යම් නිෂ්පාදන සිදුකරයි නම් ඔහුන්ගේ නිෂ්පාද ක්‍රියාවලිය තව තවත් වැඩිවී ඔවුන්ගේ ආර්ථිකය දියුණු වෙයි.
රට තල පවතින අනෙකුත් මෙවැනි වෙබ් අඩවි වල දැන්වීම් පල කිරීමට විශාල මුදලක් වැය වුවද, netauction.lk වෙබ් අඩවිය මගින් එම සේවාව නොමිලේ ලබාගත හැක.
පළමුව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු අතර ඉන් පසු භාණ්ඩ, නිෂ්පාදන, දේපල දැන්වීම් මගින් පලකර විකුණාගත හැක. එලෙස විකිණීමේදී ඔබට ක්‍රම දෙකක් යටතේ විකිණීම සිදුකල හැකිය. එනම් විකුණුම්කරු විසින් අදාල භාණ්ඩයේ මිල තීරණය කර විකිණීම හා වෙන්දේසි ක්‍රමයට විකිණීමයි. මෙලෙස online වෙන්දේසි ක්‍රමයක් ශ්‍රී ලාංකිකයන්ට හදුන්වාදෙන්නේ ප්‍රථම වතාවටය.
එමෙන්ද තවත් නොබෝ දිනකින් ජංගම දුරකථන සදහා Netauction.lk App එක හදුන්වා දීමට නියමිතයි. එවිට එය තවත් පහසුවක් වනු ඇත.
භැඒමජඑසදබගකන නිල Facebook පිටුවෙන්, Instagram පිටුවෙන් හා Youtube චැනලයෙන් මෙම වෙබ් අඩවිය පිළිඹදව තොරතුරු ලබාගත හැක.
එමෙන්ම 011 7950002 දුරකතනයෙන් ඔවුන් හා සම්බන්ධ විය හැක ප්‍රධාන කාර්‍යාලය, අංක118, නව ගුවන්තොටුපල පාර, රත්මලාන යන ලිපිනයේ පිහිටා ඇත. විද්‍යුත් තැපැල් ලිපිනය info@netauction.lk වේ.
‘තරුණයන් හැටියට අප මෙමගින් බලාපොරොත්තු වන්නේ අපේ රටේ මුදල් රට තුලම ඉතිරි කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලාංකිකයන් මෙය ජාතික සේවයක් ලෙස සලකා මෙම වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනීවි කියා අපි විශ්වාස කරනවා.’ යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ කළමනාකරු ගෝමිත යසස් විජේසිරි මහතා පවසා සිටියේය. දමිළ මාධ්‍යයෙන් අදහස් දැක්වීම මොහමඩ් කාමීල් මහතා විසින් සිදුතරනු ලැබීය. 

  1. ikman ගනුදෙණුකරුවන්ට Huawei ස්මාර්ට්ෆෝන් සඳහා වට්ටම්
  2. අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංගර් "සූර්ය දීමනා" ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ
  3. ජෝන් කීල්ස් “ප්ලාස්ටික් සයිකල්” වැඩසටහන නාවිත හමුදාව සමඟ ක්‍රියාත්මක කරයි
  4. හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් මාර්තු 28දා
  5. රේගුවේ ගැටළුවකින් Wagon R ආනයනය නවතී?
  6. මැක්සිස් වෙළද නියෝජිත සම්මාන රාත්‍රිය
  7. Taxi ලොවේ පෙරළියක් - Caboo (කැබූ) Taxi සේවාව හදුන්වා ළගදීම
  8. ඇ.ඩො.මි. 450ක ආයෝජනයක් සිදුකරමින් Belluna Co. Japan සිය හැකියාවන් පෙන්වයි
  9. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් අවුරුදු තෑගි
  10. LOLC 3 වසරටත් SLIM - Nielsen ජනතා සම්මානයෙන් පිදෙයි
  11. කොමර්ෂල් බැංකුව අන්තර්ජාල ගනුදෙනුකරුවන් දිනවයි
  12. Dialog වසරේ ජනප‍්‍රියතම ටෙලිකොම් සහ අන්තර්ජාල ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
  13. ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන අතර ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ඇරඹීමට සාකච්ඡා
  14. මොබිටෙල් අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නව ස්ථානයකට
  15. ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි
  16. පන්නිපිටිය පෞද්ගලික රෝහලින් නිවසටම ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර
  17. තෙල් නැතිව ආහාර පිසීමට සිංගර් මයික්‍රොවේව්
  18. දකුණු ආසියාවේ උසින් පිහිටි ‘අහස් පාලම’ කොළඹ ගුවන් ගැබෙහි ඉදි වෙයි
  19. 85 වෙනි සාන්තුවරයන්ගේ සටනට එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට් සමාදර අනුග්‍රහය
  20. ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
  21. ග්ලෝරියස් රෙසිඩන්සීස් විවෘත වේ
  22. සුපිරි වෙළෙඳසල්වලට සීමාවූ ‘‘මැක්කරි’’ දැන් සිල්ලර වෙළෙඳ සල්වලින්
  23. හච් සහ ආයෝජන මණ්ඩලය අතර ඇ.ඩො. මිලියන 115ක ආයෝජනයක්
  24. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දත් සිටුවීම පිළිබඳ අන්තර්ජාතික සමුළුවක්
  25. Mahindra e2O රථ පහසු මිලට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.