lakbima.lk

ලොව ප්‍රමුඛත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන Huawei සමාගම, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ තමන් 2019 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමය හරහා එරට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය වැඩිදියුණු කිරීමට කැපවන බවය. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුන්ලි  වොංමහතා මේ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේය.
 
"අප සාමූහිකව කටයුතු කරන, විශ්වසනීය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරුවෙකු වන අතර ගෝලීය වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අප දැනුම බෙදාහැරිම තුළින් ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිණාමනය සඳහා උපකාරී වනවා" වොංමහතා සඳහන් කළේය.
 
"අප අඛණ්ඩව මෙම වෙළඳපල තුළ ආයෝජන සිදු කර තිබෙන අතර ලොව ප්‍රමුඛ පෙළේ සහ නවෝත්පාදන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා"
 
"ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් ද Huawei සමාගම සාමූහිකව කටයුතු කරන විශ්වසනීය ගෝලීය විදුලි සංදේශන සමාගමක් බව තහවුරු කර තිබෙනවා" මෑතකදී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් Huawei සමාගම ශ්‍රී ලංකාවේ විදුලි සංදේශන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පරිණාමය සඳහා දැක්වූ දායකත්වය අගය කළ බව සඳහන් කරමින් වොංමහතා එසේ ප්‍රකාශ කළේය.
 
 
තවද ඒ මහතා අවධාරණය කළේ, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ගරු අජිත් පී. පෙරේරා මහතා සහ විදුලි සංදේශන, විදේශ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා ද Huawei හෝ චීන නිෂ්පාදන හෝ ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමේදී ආරක්ෂාව සම්බන්ධව ගැටළුවක් පැන නැගී නොමැති බව තහවුරු කර ඇති බවය.
 
පසුගිය වසර ගණනාව පුරා Huawei සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ කැපවීම පැහැදිලි කරමින් වොංමහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය වර්ධනය සහ ඩිජිටල් පරිණාමය සඳහා මෙරටට 5G තාක්ෂණය අවශ්‍ය බවත්, 5G තාක්ෂණය මෙරටට ගෙන්වීම සඳහා Huawei සමාගම කැපවන බවත් සඳහන් කළේය. මින් පෙර 2G යුගයෙන් 3G සහ 4G යුගය දක්වා පරිණාමය වීම සඳහා Huawei සමාගම සුවිශේෂී භූමිකාවක් ඉටු කළේය.
 
2006වසරේ 3G තාක්ෂණය හඳුන්වා දීමෙන් පසුව දකුණු ආසියාවේ පළමු වරට වාණිජ වශයෙන් 4G-LTE සේවා දියත් කළ රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ද Huawei සමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. 2018වසරේදී ශ්‍රී ලංකාව Huawei තාක්ෂණය සමගින් 5G තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථන පද්ධතියක් ක්‍රියාත්මක කළ දකුණු ආසියාවේ ප්‍රථම රාජ්‍යය බවට පත්වූ අතර Huawei සමාගමේ තාක්ෂණික විසඳුම් සහ මෙවලම් හරහා මෙරට ජනගහණයෙන් 70%ක් ආවරණය කෙරේ.
 
 
Huawei සමාගම ගෝලීය විශිෂ්ට ක්‍රමවේද බෙදාහැරීම සම්බන්ධව සාර්ථකත්වයට පත්ව ඇති අතර දැවැන්ත MIMO තාක්ෂණය දියත් කිරීම සඳහා ප්‍රධාන පෙළේ මෙහෙයුම් කරුවන් හට සහයෝගය ලබාදී ඇත. මෙම තාක්ෂණය මගින් සංඛ්‍යාත කාර්යක්ෂමතාව උසස් මට්ටමකට ගෙන ඒම, මධ්‍යස්ථාන ධාරිතාව තුන් ගුණයක් බවට පත්කිරීම සහ භාවිත කරන්නන් සඳහා ෆයිබර් ආකාරයේ අත්දැකීමක් ලබාදීම සඳහා සහයෝගය ලැබේ.
 
 
Huawei සමාගම ගෝලීය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් බවත් 2016වසරේදී ශ්‍රී ලංකා රජය සමග අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අනුව එම සමාගම ශ්‍රී ලංකාවේ දැනුම් හුවමාරු බලවේගය බවට පත්වන බවත් වොං මහතා සඳහන් කළේය. එම අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව Huawei සමාගම ශ්‍රී ලංකා ජංගම දුරකථන සබඳතා සමුළුව සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට සහයෝගය ලබාදීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුව 2016-2018දක්වා පැවැත්වීමට කටයුතු කළ අතර එය 2019වසරේදී ද සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
 
තවද එම සමාගම 2016-2018කාලය තුළ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළු දෙකක් ද සංවිධානය කිරීමට කටයුතු කළේය. තවද, Huawei සමාගම පාරිභෝගික විසඳුම් නවෝත්පාදන සහ ඒකාබද්ධ මධ්‍යස්ථානය (CSIC) කොළඹදී ස්ථාපනය කරමින් Huawei සමාගාමේ විශිෂ්ට ක්‍රමවේද සහ අදහස් බෙදාහදා ගැනීමටත්, නව්‍යකරණ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් නිර්මාණය කිරීම සඳහා හවුල්කරුවන්ට සහයෝගය ලබාදීම සඳහාත් අවස්ථාව සලසා ඇත. පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් සහ අදහස් වලට අනුව කටයුතු කරන ඒකාබද්ධ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස එය කටයුතු කරයි. ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව Huawei සමාගම 2016-2018දක්වා අඛණ්ඩව වසර තුනක් 'Seeds for the Future' ප්‍රජා සත්කාරක වැඩසටහන දියත් කළේය.
 
ෂුන්ලි වොං මහතා සඳහන් කරන පරිදි 5G තාක්ෂණය හරහා සියලු ශ්‍රී ලාංකිකයන් හට එකමුතුව කටයුතු කිරීමටත් අනාගත IoT සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණය කිරීමටත්, ඒ හරහා ඉදිරි වසර කිහිපය තුළ මෙරට දළ දේශීය නිෂ්පාදනය සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාගැනීමටත් හැකිවනු ඇත.
 
ශ්‍රී ලංකාවේ නියාමන බලධාරීන් විසින් සුදුසු සංඛ්‍යාත හඳුනා ගැනීමෙන් පසුව 5G තාක්ෂණය දියත් කිරීම සඳහා ශ්‍රී ලාංකේය විදුලි සංදේශන අංශය බලාසිටින බව ද ඒ මහතා අවධාරණය කළේය. Huawei සමාගමට අනුව 2019 වසර යනු 5G තාක්ෂණය ආරම්භ වන වසරයි. මෙතෙක් බිහිවූ වඩාත් වැදගත් ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකමවන 5G තාක්ෂණය ශ්‍රී ලංකාව ඇතුළු ගිනිකොනදිග ආසියානු කලාපය සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක කර්මාන්ත අවස්ථා හිමිකර දෙනු ඇත.
  1. විදෙස් ආයෝජකයින් මෙරට දේපළ සංවර්ධනයට යොමුකරගැනිමේ සන්කෙන් උත්සහය සාර්ථකයි
  2. ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට netauction.lk වෙතින් online වෙන්දේසි ක්‍රමයක්
  3. ikman ගනුදෙණුකරුවන්ට Huawei ස්මාර්ට්ෆෝන් සඳහා වට්ටම්
  4. අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංගර් "සූර්ය දීමනා" ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ
  5. ජෝන් කීල්ස් “ප්ලාස්ටික් සයිකල්” වැඩසටහන නාවිත හමුදාව සමඟ ක්‍රියාත්මක කරයි
  6. හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් මාර්තු 28දා
  7. රේගුවේ ගැටළුවකින් Wagon R ආනයනය නවතී?
  8. මැක්සිස් වෙළද නියෝජිත සම්මාන රාත්‍රිය
  9. Taxi ලොවේ පෙරළියක් - Caboo (කැබූ) Taxi සේවාව හදුන්වා ළගදීම
  10. ඇ.ඩො.මි. 450ක ආයෝජනයක් සිදුකරමින් Belluna Co. Japan සිය හැකියාවන් පෙන්වයි
  11. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් අවුරුදු තෑගි
  12. LOLC 3 වසරටත් SLIM - Nielsen ජනතා සම්මානයෙන් පිදෙයි
  13. කොමර්ෂල් බැංකුව අන්තර්ජාල ගනුදෙනුකරුවන් දිනවයි
  14. Dialog වසරේ ජනප‍්‍රියතම ටෙලිකොම් සහ අන්තර්ජාල ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
  15. ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන අතර ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ඇරඹීමට සාකච්ඡා
  16. මොබිටෙල් අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නව ස්ථානයකට
  17. ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි
  18. පන්නිපිටිය පෞද්ගලික රෝහලින් නිවසටම ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර
  19. තෙල් නැතිව ආහාර පිසීමට සිංගර් මයික්‍රොවේව්
  20. දකුණු ආසියාවේ උසින් පිහිටි ‘අහස් පාලම’ කොළඹ ගුවන් ගැබෙහි ඉදි වෙයි
  21. 85 වෙනි සාන්තුවරයන්ගේ සටනට එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට් සමාදර අනුග්‍රහය
  22. ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
  23. ග්ලෝරියස් රෙසිඩන්සීස් විවෘත වේ
  24. සුපිරි වෙළෙඳසල්වලට සීමාවූ ‘‘මැක්කරි’’ දැන් සිල්ලර වෙළෙඳ සල්වලින්
  25. හච් සහ ආයෝජන මණ්ඩලය අතර ඇ.ඩො. මිලියන 115ක ආයෝජනයක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.