lakbima.lk

85 වෙනි සාන්තුවරයන්ගේ සටනට එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට් සමාදර අනුග්‍රහය

 

මෙරට පාසැල් ක්‍රිකට් වංශ කතාවේ දිගු ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශාන්ත ජෝසප් සහ ශාන්ත පීතර දෙවිදුහල් අතර පැවැත්වෙන ‘සාන්තුවරයන්ගේ සටන‘ මහා ක්‍රිකට් තරඟය සඳහා එලිෆන්ට් හවුස් සහ කීල්ස් ක්‍රෙස්ට්, ආහාරපාන සහ අයිස්ක්‍රීම් සහකරුවා ලෙසින් මෙවරත් එක් විය . ‘සාන්තුවරයන්ගේ සටන‘ මහා ක්‍රිකට් සංග්‍රාමය මෙවර පැවැත්වුණේ 85 වැනි වරටයි.

කොළඹ 10, ශාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් ගැටුම මෙරට දිගු ඉතිහාසයකට හිමිකම් කියනු ලබන පාසැල් මහා ක්‍රිකට් සංග්‍රාමවලින් එකකි. මේ දක්වා පැවති තරඟවලින් ශාන්ත ජෝසප් විද්‍යාලය 12 වතාවක් මෙම ශූරතාවය හිමිකරගෙන තිබෙන අතර 2008 වසරේ දී අවසන් වරට ඔවුන් මෙම මහා ක්‍රිකට් සංග්‍රාමයේ ජයග්‍රාහකයා බවට පත්විය. එසේම ශාන්ත පීතර විද්‍යාලය මෙම ක්‍රිකට් කුසලානය දිනා ඇති වාර ගණන 10කි . අවසාන වරට ඔවුන් ජයග්‍රාහකයින් බවට පත් වූයේ 2016 වසරේ දීය.

ශ්‍රී ලංකාවේ ඉතා විශාල වශයෙන් ප්‍රේක්ෂකයින් එක්වන මහා ක්‍රිකට් ගැටුම් සඳහා සිය දායකත්වය ලබා දෙමින් වසර ගණනාවක් ශාන්ත පීතර - ශාන්ත ජෝසප් සාන්තුවරයන්ගේ සටනට එක්වන ප්‍රේක්ෂකයින් වෙත සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී (එලිෆන්ට් හවුස්) සහ කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී (කීල්ස් ක්‍රෙස්ට්) පෙර සැකසූ මාංශ ආහාර, පාන වර්ග සහ අයිස්ක්‍රීම් ලබා දෙමින් නරඹන්නන් උද්යෝගීමත් කරනු ලබයි. මෙම මහා ක්‍රිකට් තරඟය සඳහා එක්වන ප්‍රේක්ෂකයින් නිසැකවම කීල්ස් ක්‍රෙස්ට් රසින් හා එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් රසින් ප්‍රබෝධමත් වන බව නොඅනුමානය.

මෙරව මහා ක්‍රිකට් සංග්‍රාමයට සිය දායකත්වය ලබා දෙන එලිෆන්ට් හවුස් සහ කීල්ස් ක්‍රෙස්ට් අනුග්‍රාහකයා ලෙසින් හුදු ගිවිසුම් අත්සන් කිරීමකින් ඔබ්බට ගොස් සාන්තුවරයන්ගේ සටනෙහි සාර්ථකත්වය උදෙසා වසර ගණනාවක් පුරාවට දුන් දායකත්වයට මෙම දෙවිදුහල්වල සිසුන්, ආදි සිසුන්, දෙමව්පියන් හා අමුත්තන් සාක්ෂි දරනු ඇත. එසේම මෙම මහා ක්‍රිකට් ගැටුම පැවැත්වෙන දෙදින පුරාවට තරඟ වදින ක්‍රීඩකයින්ගේ මිත්‍රත්වය හා ක්‍රීඩා සම්ප්‍රදාය තවදුරටත් වර්ධනය කරලීමට එලිෆන්ට් හවුස් සහ කීල්ස් ක්‍රෙස්ට් ඇපකැප වේ. සාන්තුවරයන්ගේ සටනට සෑම වසරක දීම මෙලෙස එක්වෙමින් ක්‍රීඩාශීලිත්වයේ හා ක්‍රීඩාවේ ජීව ගුණය ශක්තිමත් කිරීමට සියලු වයස්, ජාති ආගම් හරහා පාසැල් දරුවන් එකට එක්කරලීමට හැකි වීම ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.