lakbima.lk

පීපල්ස් ලීසිං මන්නාරමේ සිට තංගල්ල දක්වා ශාක 5500ක් රෝපණය කරයි

plc

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මන්නාරමේ සිට තංගල්ල දක්වා මුහුදුබඩ ප‍්‍රදේශයෙහි පැල 5500ක් සිටුවීමේ වැඩසටහනක් පසුගියදා කි‍්‍රයාත්මක කෙරුණි.

වෙරළ ඛාදනය වැළැක්වීම, කලපු ආශි‍්‍රත පරිසර පද්ධති සංරක්ෂණය හා ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ අරමුණෙන් ‘ජෛව සංරක්ෂණ සංගමය’ හා ‘වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ’ සහයෝගීතාවෙන් සිදු කළ මෙම පැළ සිටුවීමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මන්නාරෙම සිට තංගල්ල දක්වා මුහුදුබඩ තීරයේ මන්නාරම, (කන්දකුලිය) පුත්තලම, (කරුකුපනේ) හලාවත, (දුන්ගල්පිටිය) මීගමුව, (පොතුපිටිය) පානදුර, (අතුරුවැල්ල) අළුත්ගම, (අහුන්ගල්ල) අම්බලන්ගොඩ, (මහමෝදර) ගාල්ල, (මිදිගම) මාතර හා (කපුහේන්වල) තංගල්ල යන ස්ථාන 10ක වැටකෙයියා පැල 4,500ක් හා කඩොලාන පැල 1,000ක් රෝපණය කරන ලදී.

මෙම වැඩසටහනට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, පානදුර, අළුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර හා තංගල්ල පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරුවන් හා එහි කාර්ය මණ්ඩලය තම පූර්ණ සහයෝගීතාව ලබා දුන්හ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.