lakbima.lk

මැක්සිස් වෙළද නියෝජිත සම්මාන රාත්‍රිය

2018 මැක්සිස් වෙළද නියෝජිතවරුන්ගේ සම්මාන රාත්‍රිය 2019 මාර්තු 23 දින කොළඹ හිල්ටන් හි දී උත්සවාකාරයෙන් පවත්වන ලදී. මැක්සිස් ජත්‍යන්තර සමාගමේ උප සභාපති ලෙනි. එච්.කේ. ලි මහතා උත්සව රාත්‍රියේ ප්‍රධාන අමුත්තා විය.  

2018 වසර සදහා ප්‍රථම ස්ථානය දිනා ගත් මැක්සිස් වෙළද නියෝජිතවරයා දෙහිවල සීමාසහිත රවින්ද්‍ර ලංකා ඔටෝ සර්විස් (පුද්ගලික) සමාගම වූ අතර, මාරවිල විරාන් ටයර් සර්විස් 2018 වසරේ අනුශූරතාවය ද බත්තරමුල්ලේ නිව් ලසන්ත ටයර් ට්‍රේඩර්ස් තුන්වන ස්ථානය ද දිනා ගන්නා ලදී.  

ස්වර්ණා මල්ලවාරච්චි,ජැක්සන් ඇන්තනි සහ සබීතා පෙරේරා යන කීර්තිමත් නළු නිලියන් විසින් ජයග්‍රාහකයින් වෙත ජය සංකේත පිරිනමන ලදි.

ටයර් හවුස් සමුහ ව්‍යාපාරයේ  කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා මහතා,ටයර් හවුස් සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ගයාන් ෆොන්සේකා  මහතා සහ ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් පීරිස් මහතා  අනෙකුත් සම්භාවනීය ආරාධිතයන් මැද සම්මාන රාත්‍රිය සදහා සහභාගි විය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.