lakbima.lk

Mahindra e2O රථ පහසු මිලට

ලංකාවේ වඩාත් විශ්වාසය හිමිකර ගත් නව්ය ඉ-වාණිජ වෙළඳපලක් වන Takas.lk, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමගම සමග එක්ව වඩාත් ආකර්ෂණිය මිලකට Mahindra e2O ඉලෙක්ට්රික් රථ අලෙවි කිරීමට මුල පුරා තිබේ.ඒ අනුව රු.18,95000ක සිත්ගන්නාසුළු  මිලකට Mahindra e2O  රථයක් Takas.lk හරහා ඇනවුම් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව උදා වී තිබේ.

මීට අමතරව තවත් සුවිශේෂී දීමනාවක් හදුන්වා දෙමින් HNB ෙක්‍ර්ඩිට් කාඩ් පත් භාවිතා කර Takas.lk හරහා අන්තර්ජාලයෙන් Mahindra e2O රථයක් ඇනවුම් කරන පාර්භෝගිකයන් හට 20%ක වට්ටමක්ද, පොළී රහිත මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ හැකියාවද ලබා දී තිබේ.
 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Takas සමාගමේ සම නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී ළහිරු පත්මලාල් මහතා සඳහන් කළේ, " අයිඩියල් මෝටර්ස් හා එක්ව හදුන්වාදෙනු ලබන මෙම අද්විතීය ප්‍රවර්ධනය පිලිබඳ අප වඩාත් සතුටට පත් වනවා. මේ හරහා අපගේ පාරිභෝගිකයන් හට වඩාත් වාසිදා ප්‍රතිපල හිමි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. එසේම Takas.lk හරහා ඔබගේ සිහින මෝටර් රථය මිලදී ගැනීමට ඔබට වැය වන්නේ මිනිත්තු කිහිපයක් පමණයි," යනුවෙනි.

අයිඩියල් සමුහයේ නෛතික සහ සංස්ථාපිත සම්බන්ධතා අධ්යක්ෂ නිමිෂා වෙල්ගම මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, "අප විශ්වාස කරන පරිදි මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගතය රැදී පවතින්නේ නවමු ඉලෙක්ට්රික් මෝටර් රථ නිෂ්පාදන තුලයි. එම නිසා Mahindra e2O වැනි ඉලෙක්ට්රික් මෝටර් රථයක් ඉ-වාණිජ වෙළඳපලක් හරහා ප්‍රවර්ධනය කිරීමට අප සැලසුම් කළා. ඒ අනුවයි අප Takas.lk හා එක් වුණේ," යනුවෙනි.


2012 වසරේදී පත්මලාල් මහතා, සම නිර්මාතෘ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මුර්ටාසා මූසාජි සහ සම නිර්මාතෘ දිලේන්ද්ර විමලසේකර යන මහත්වරුන් සමග එක්ව ආරම්භ කරන ලද Takas.lk, ඉතා කෙටි කලෙකින් මෙරට විශාලත ම අන්තර්ජාල සාප්පු සංකීර්ණය බවට පත්විය. වර්තමානය වන විට Takas.lk වඩාත් නවෝත්පාදන ඉ-වාණිජ සේවා සම්පාදකයා ලෙස සිය ප්‍රමුඛස්ථානය තහවුරු කරගෙන ඇති අතර විශිෂ්ටතම නව්යකරණ සේවා, සැබෑ ප්‍රවර්ධන සහ දීමනා සමගින් නිරන්තරයෙන් සිය තරගකාරී සමාගම් අභිබවීමට සමත්ව සිටී.

කොළඹ නගර මධ්‍යයේ අංක 288, ගාලු පාර, බම්බලපිටිය යන ස්ථානයෙහි පිහිටි ඔවුන්ගේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පිහිට තිබෙන අතර Takas.lk විවෘත කරන ලද ප්‍රථම ප්‍රදර්ශනාගාරය එය වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.