lakbima.lk

COM-BANK ව්‍යාපාරික ණය පොලී අනුපාත අඩු කරයි

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ලබාදී තිබෙන ව්‍යාපාරික ණයවල පොලී අනුපාත පහළ දමන බව නිවේදනය කර තිබේ.

මේ අනුව, රුපියල් මිලියන 250 ක් දක්වා ණය ලබාගන්නා බැංකුවේ ‘බිස් ක්ලබ්’ සාමාජිකයින්ට හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ආයතන වලටත් 13%කින් ආරම්භ වන වාර්ෂික පොලී අනුපාතවලට ණය ලබාදීමට කටයුතු කරන බව බැංකුව සඳහන් කරයි.

මෙම පොලී අනුපාත අඩුකිරීම හඳුන්වාදී තිබෙන්නේ සාර්ව ආර්ථික අභියෝගවලට මුහුණ දී තිබෙන ව්‍යාපාරවලට සහයෝගය ලබාදීමට පමණක් නොවන අතර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ගනුදෙනුකරුවන් දිගු කාලයක් පුරා බැංකුව සමග තිබෙන පක්ෂපාතී බැඳීම ඇගයීම ද මෙම වැඩසටහනේ අරමුණකි.

මෙම බැඳීම නිසාම කොමර්ෂල් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ප‍්‍රියතම බැංකුව බවට පත්වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩිම ණය ලබාදුන් බැංකුවක් ලෙස කැපී පෙනෙන කොමර්ෂල් බැංකුව ඉදිරියේදී මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා තවත් තරඟකාරී පොලී අනුපාත සහ නැවත ගෙවීමේ වැඩසටහන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.