lakbima.lk

South Asia Textiles රනින් පිදුම් ලබයි

හරස් වියුම් රෙදිපිළි නිශ්පාදනය සම්බන්ධයෙන් විශේෂ නිපුනත්වයක් දක්වන මෙරට ප්‍රමුඛතම රෙදිපිළි නිෂ්පාදකයෙකු වන South Asia Textiles Limited පසුගියදා පැවති ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල 2018 හිදී නිෂ්පාදන-ඇගලුම්, නිමි ඇදුම් සහ සම් නිෂ්පාදන කාණ්ඩය යටතේ රන් සම්මාන දිනා ගැනීමට සමත් විය.

එම සම්මානය පිලිබදව අදහස් දැක්වූ South Asia Textiles Limited හි කලමනාකර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරි ප්‍රිතිව් දොරෙයි මහතා සදහන් කළේ  "අප ප්‍රමුඛත්වය දක්වන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ විශිෂ්ට සම්මානයකට පාත්‍ර වීම අප ලැබූ ඉහලම ගෞරවයක් වනවා. අපගේ සේවකයන්ගේ නොමද ශක්තිය නිසාම නොකඩවා දේශීය ඇගලුම් සහ නිමි ඇදුම් ක්ෂේත්‍රය තුළ වර්ධනයක් අත්පත් කර ගැනීමත් ඒ හරහා ප්‍රධාන පෙලේ අන්තර්ජාතික ඇගලුම් සන්නාම රැසක දේශීය සැපයුම්කරු වීමට අප සමත් වී තිබෙනවා" යනුවෙනි.

Ambeon සමුහ ව්‍යාපාරයේ පරිපාලිත ආයතනයක් වන  South Asia Textiles Limited, 2004 වර්ෂයේදී තම ආරම්භය සනිටුහන් කරන ලදී. එදින පටන් ක්‍රම ක්‍රමයෙන් තම ව්‍යාපාරයන්හි නිම වළලු පුළුල් කරගත් ඔවුන් හරස් වියුම් රෙදිපිළි කර්මාන්තය තුල ප්‍රමුඛයා වී සිටින අතර දේශීය සහ විදේශීය සේවාලාභින් රැසකට තම උසස් ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදන සපයනු ලබයි.

South Asia Textiles Limited හිමි කරගත් සම්මානය පිළිබද අදහස් දැක්වූ Ambeon Holdings PLC  හි සමුහ කලමනාකර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරි මුරලි ප්‍රකාශ් මහතා කියා සිටියේ "ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලබා ගත් රන් සම්මානය අපගේ කාර්යක්ෂම සේවක මඩුල්ල සතු දක්ෂතාවය සහ කැපවීම පිළිබිබු කරන මිනුම් දණ්ඩක් වනවා.අපගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් මේ ලබා දුන් සම්මානය උදෙසා  සංවිධායක පාර්ශව හට අපගේ ස්තුතිය පුද කරනවා" යනුවෙනි.

ගෙතුම්, සායම් පෙවීම්, නිම කිරීම්, මුද්‍රණය, මැදීම සහ ඔප දැමීම යන ඇගලුම් සේවා සදහා ප්‍රමුඛයෙකු  වන South Asia Textiles Limited,  Victoria Secret, Next, Marks & Spencer, Tesco, Calvin Klein, Decathlon, Levi’s, Hugo Boss සහ Adidas වැනි ලොව සුපතල ඇගලුම් සන්නාම සදහා තම නිෂ්පාදන දායකත්වය ලබා දෙයි. දක්ෂතාවයෙන් සහ අත්දැකීම් වලින් පරිපුර්ණ වූ කළමනාකාරිත්වය නිසාම නව්‍යකරණය වූ අමුද්‍රව්‍ය විසදුම් සහ අගය එකතු කල නිෂ්පාදන හරහා සේවලාභින්ගේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදන නිසි ප්‍රමිතියෙන් සහ අපේක්ෂා කරන කාල රාමුව තුල සැපයීමට ඔවුනට හැකියාව පවතියි. නව පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනිමටත්, එමගින් ස්ථිරසාර මුල්‍ය ප්‍රතිපල ලබා ගැනිමටත් South Asia Textiles Limited තව දුරටත් බලාපොරොත්තු වෙයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.