lakbima.lk

සෙලාන් බැංකුව EPF සඳහා අන්තර්ජාලය හඳුන්වා දෙයි


සෙලාන් බැංකුව පසුගිය දා සේවක අර්ථසාධක අරමුදල් අන්තර්ජාලය හරහා බැරකිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දීමසඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවසමග ගිවිසුමකට අත්සන් තැබීය. මෙම ක‍්‍රමය යටතේව්‍යාපාර වලට සෙලාන්බැංකුවේ ආයතනික බැංකුසේවා අන්තර්ජාල (Corporate Internet Banking Portal) ඔස්සේසේවක අර්ථසාධක අරමුදල්බැර කිරීමේ අවස්ථාව හිමිවේ. මේ අනුව මින් ඉදිරියටමෙරට කුඩා පරිමාණසමාගම් වලට මෙන්මවිශාල පරිමාණයේ සමාගම්වලට ද සෙලාන් බැංකුවේඅන්තර්ජාල බැංකු සේවාපදනම භාවිතයෙන්ඉතාමත් පහසුවෙන් සේවකඅර්ථසාධක මුදල් අදාළගිණුම් වලට යොමු කළහැකි වනු ඇත. සෙලාන්බැංකුවේ අන්තර්ජාලබැංකු සේවාව නිසා වසරේසෑම දිනකම පැය 24 පුරාතමන්ට කැමති වේලාවක දී, ඕනෑම ස්ථානයක සිට මෙම මුදල් බැර කිරීම සිදුකළහැකි වේ.

‘‘සුහද හදක් ඇති දේශීයබැංකුව ලෙස සෙලාන්බැංකුව කවදත් පුද්ගලිකගනුදෙනුකරුවන්ටත්,සමාගම් හා ආයතන වලටත්විශිෂ්ට සේවාවන් සැපයීමටකැප වී කටයුතු කරනවා.මේ ආකාරයට අන්තර්ජාලය ඔස්සේ සේවක අර්ථසාධක අරමුදල් බැර කිරීමේක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමයනු අප වර්තමාන ලෝකයේ අවශ්‍යතාවන්ටගැළපෙන ආකාරයේ,නවීන තාක්ෂණයෙන්බලගැන්වෙන, නිර්මාණශීලී බැංකු සේවාවන් හඳුන්වාදීම සඳහා දරන නිරන්තරඋත්සාහයේ තවත්ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වාදීමට පුළුවන්.” සෙලාන්බැංකුවේ නියෝජ්‍යසාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) මලික් වික‍්‍රමනායක මහතා පැවසී ය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.