lakbima.lk

ලංකා හොස්පිට්ල්ස් නොමිලේ ඇසේ සුද ඉවත් කරයි

ලංකා හොස්පිට්ල්ස් විසින් දියත් කරන ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මෙරට අඩු  පහසුකම්ලාභී පුද්ගලයන් වෙනුවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ  සැත්කම් 100ක් නොමිලේ සිදුකිරීම පසුගිය දා සිදුවිණි. ශ‍්‍රී ලංකා - චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය, චීනයේ  AIDI අක්‍ෂි රෝහල සහ චීනයේ සිචුවාන් සිංහ සමාජය සමඟ අත්වැල්  බැඳගනිමින් ලංකා හොස්පිට්ල්ස් විසින් පැවැත්වූ මෙම සායනය  සඳහා චීනයේ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සහභාගී  වීම විශේෂත්වයකි. ලංකා හොස්පිට්ල්ස් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව මෙම ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 100 ම ලංකා හොස්පිට්ල්ස් ශල්‍යාගාරයේ දී සිදුකෙරිණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.