lakbima.lk

දන්ත වෛද්‍ය විශිෂ්ටයන් ඇගයුමට ලක් කරන Dental Awards 23 වැනිදා

ශ්‍රී ලංකාවේ පළමු වරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයුමට ලක්කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘දන්ත සම්මාන - 2018’ (Dental Awards - 2018) සම්මාන උළෙල 2018 නොවැම්බර් මස 23 වැනි දින සවස 6.00 ට කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ.  ඕරම් (පුද්ගලික) සමාගම, (Oram [Pvt] Ltd),  පුද්ගලික දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (General Dental  Practitioners Association [GDPA]) සමගින් එක්ව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කළ දන්ත වෛද්‍යවරු ඇතුළුව දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය කාණ්ඩ 13 ක් යටතේ ඇගයුමට ලක් කරමින් සම්මාන පිරිනැමේ. ඊට අමතරව දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ විශිෂ්ටයන් තුන් දෙනකුද ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානයෙන්  (lifetime achievement award) මෙහිදී පිදුම් ලබති.

ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය සතු විශිෂ්ටත්වය තවදුරටත් වැඩිදියුණු කරමින්, එම හැකියාවන් ජාත්‍යන්තර තලයේද අවධානයට ලක්කිරීම අරමුණු කරගෙන "Going Global"යන තේමාව යටතේ සම්මාන උළෙල පැවැත්වේ. ලින්ක් සුදන්ත මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

2018 නොවැම්බර් 5 වැනි දින කොළඹ, ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.