lakbima.lk

CameraLK සංවිධානය කළ ලංකාවේ විශාලතම කැමරාකරණ උපාංග ප්‍රදර්ශනය

ශ්‍රී ලංකාවේ විශාලතම කැමරාකරණ සහ ඩිජිටල් උපාංග අලෙවිකරු වන CameraLK විසින් සංවිධානය කරන ‘Image Expo 2018’,  ශ්‍රී ලංකාවේ විශාලතම කැමරාකරණ උපාංග ප්‍රදර්ශනය 2018 ඔක්තෝම්බර් 5 වන දා සිට 7 වන දා දක්වා BMICH හි ‘මිහිකත මැදුර’ පරිශ්‍රයේදී උදෑසන 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්විණි.
 
මෙම Image Expo 2018 හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ සන්නාම හා සමාගම් වල නවතම තාක්ෂණය එකම වහලක් යටදී අත්විදීමට වෘත්තීයමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමි විය. ලොව පුරා ප්‍රදර්ශනය කරන්නට යෙදුන ඉහළ පෙළේ තාක්ෂණික නිෂ්පාදන සහ ලොව හොඳම නිෂ්පාදකයින්ගේ නවතම කැමරා, කැමරා කාච, ආලෝකකරණ උපාංග, tripods සහ ඡාරූපකරණයට සහ වීඩියෝකරණයට අවශ්‍ය ඩ්‍රෝන සහ action camer ආදී බොහෝ උපාංග අත්විදීමට මෙහිදී හැකි විය. මෙයට සහභාගීවන්නන්ට තම කැමරා සිහින යථාර්ථයක් කර ගැනිමට බැංකු කිහිපයකින්ම ලබා දෙන විශ්මිත ක්‍රෙඩිට් කාඩ් දීමනා අත්විදීමටත් ප්‍රදර්ශනයේ තිබුණු ක්‍රියාකාරකම් වලින් වටිනා ත්‍යාග දිනා ගැනීමටත් අවස්ථාව හිමි වුණි.
 
මෙම  Image Expo 2018 උළෙලේදීම ඊට සමගාමීව සෝනි ඇල්ෆා උළෙලද පැවැත්විණි. එහිදී සෝනි විසින් පුළුල් පරාසයක ඇති ඩිජිටල් රූප නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීමට යෙදුණි. ප්‍රදර්ශනයේ පැවති 'Experience Area' හරහා ඡාරූප ශිල්පීන්ට සහ වීඩියෝ ශිල්පීන්ට සොනි හි නවතම උසස් තාක්ෂණික උපාංග අත්විදීමටත් ඒ හරහා නිර්මාණශීලී අදහස් හා දැක්මක් ඇතිකර ගැනීමටත් අවකාශය හිමි විය. එලෙසම මෙම ප්‍රදර්ශනය හරහා සොනි හි නවතම ප්‍රධාන නිශ්පාදන වන කාච රහිත කැමරා වන ඇල්ෆා A9 සහ ඇල්ෆා A7 III ද මෑතකදී ඉදිරිපත් කරන ලද A7 III හා වඩාත් අපේක්ෂාවෙන් සිටි G master Lens Sony 400mm f2.8 ද ලබා ගැනීමට මෙහිදී හැකි විය.
 
මෙම ප්‍රදර්ශනය හරහා ලොකප්‍රකට සන්නාම වනSony, Canon, Nikon, Sigma, Tamron, Surui, Tokina, DJI, GoPro, Profotto සහ Wescottහි උපාංග අත්විදීමටත් ශ්‍රී ලංකාවේ ඡාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමි විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.