lakbima.lk

ප්‍රජාව තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට "ගමට තාක්ෂණය" ඇරඹෙයි.


දිවයින පුරා විසිරී සිටින තාක්ෂණික ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණින්  "ගමට තාක්ෂණය"  නමින් වැඩසටහනක් ඇරඹෙයි.  2018 UN SDG Action සම්මාන ලාභියෙකු සහ සමාජ ව්‍යවසායකයෙකු හා The Road to Right තරුණ සංවිධානයේ නිර්මාතෘවරයා වන ආචාර්ය  අශාන් පෙරේරා ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. Bannercuts.com හි සහයෝගය ඇතිව The Road to Right  හා මිතුරු මිතුරෝ ව්‍යාපාරය මගින් මෙම  "ගමට තාක්ෂණය" ව්‍යාපෘතිය දියත් කරයි. මෙහි ඉලක්කය වන්නේ ග්‍රාමීය වශයෙන් විසිරී සිටින තාක්ෂණික ව්‍යවසායකයින් සහ විශේෂඥයින් හඳුනාගනිමින් ඔවුන් සඳහා ව්‍යවසායක පදනමක් සකසා නව රැකියා නිර්මාණය කරන්නන් බවට ඔවුන් පත් කිරීමයි. එමෙන්ම දේශිය හා ජාත්‍යන්තර සම්පත් හා සම්බන්ධවීමට අවශ්‍ය පසුබිම සකසාදීම ද මෙහිදී සිදුවෙයි.

"ගමට තාක්ෂණය"  වැඩසටහනෙහි සමාරම්භක උත්සවය 2018 ඔක්තෝබර් 14 වන දින නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී තරුණ ව්‍යවසායකයින්, ප්‍රමුඛ පෙලේ තාක්ෂණික සමාගම්, කීර්තිමත් පුද්ගලයින් සහ දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක් ආවරණය කරමින් පැමිණි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.


මෙහිදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳව වන සංවාදය වඩා පුළුල් කරමින් විවිධ විෂය ප්‍රවීණයින් විසින් අදහස් දැක්වූ අතර  දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි  1000 කට අධික පිරිසක් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන පැවැත්වෙන බව ද අවධාරණය කෙරිණ.

ගමට තාක්ෂණය වැඩසටහනේ සම සභාපති ආචාර්ය  අශාන් පෙරේරා මහතා මෙම සමාරම්භක උත්සවය අමතමින් සඳහන් කළේ දිනෙන් දින සීඝ්‍රයෙන් වර්ධනය වන තාක්ෂණය සහ එහි වර්ධනයේ වටිනාකම ග්‍රාමීය ජනතාවට පැහැදිලි කරදීම සහ තාක්ෂණික වර්ධනයට අවශ්‍ය පසුබිම සැකසීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ  සංකල්පය පෙරටු කොට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මෙහිදී පෙන්වා දුන් අශාන් පෙරේරා මහතා  කියා සිටියේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා සම්බන්ධන හා එය පිළිගන්නා ජනසංඛ්‍යාව ඉහළ නංවමින් එම වැඩසටහනෙහි ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි. රාජ්‍ය සේවය සහ අනිකුත්  අංශ ඩිජිටල්කරණය කිරීම සඳහා මෙම වැඩසටහන මගින් මහත් පිටුබලයක් ලැඛෙන බවද හෙතෙම  මෙහිදී සඳහන් කළේය.

ඩිජිටල්කරණය  නව අවස්ථා රැසක් විවර කර දෙන අතර  ව්‍යාපාර මාදිලි, සංවිධාන ව්‍යුහය, නීති සහ ප්‍රතිපත්ති, ආර්ථික ව්‍යූහය සහ විශේෂයෙන්ම සංස්කෘතික බාධක ආදී ක්ෂේත්‍ර ගණනාවක වර්ධනය කෙරෙහි බලපායි.
මෙහිදී අදහස් දැක්වූ සම සභාපති ආචාර්ය අශාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ  අතිශයින් නාගරිකකරණය සහ කාර්මිකකරණය වූ ප්‍රදේශවල ඩිජිටල්කරණය සීමා සහිත ලෙස ක්‍රියාත්මක වීම ගැටළුවක් වී ඇති බව පෙන්වා දුන්නේය. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව තවමත් තාක්ෂණය භාවිත කිරීමේ දී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන බව  සඳහන් ඒ මහතා කියා සිටියේ ඇතැම් ගම් ප්‍රදේශ වෙත තවමත් තාක්ෂණය ළගා වී නොමැති බවයි. මෙම තත්වය රටෙහි සංවර්ධනය කෙරෙහි සෘජුවම බලපාන බව පෙන්වා දුන් අශාන් පෙර්රා මහතා සඳහන් කලේ රාජ්‍ය අංශය ඩිජිටල් කරණය කිරීමේන් පමණක් සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි බවයි. මෙම තත්වය පිළිබඳ පුද්ගලික අංශයේ අවධානය මේ වනවිට යොමු වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ පුද්ගලික අංශය විසින් දිනෙන් දින නව තාක්ෂණික විශේෂතා හඳුන්වා දෙමින්  සිය පාරිභෝගිකයා වෙත තත්වයෙන් උසස් සේවාවක් ලබාදීමේ ක්‍රමවේදයක් පුද්ගලික අංශය විසින් අනුගමනය කරන බවයි.

ශ්‍රී ලංකා වෙළඳපල නව තාක්ෂණයට අනුවර්තනය වීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැඛෙන අතර මෙරට තාක්ෂණික පද්ධතියේ එම විප්ලවය වර්තමානය වන විට  ලෝක තාක්ෂණය හා තරග කිරීම දක්වා වර්ධනය වෙමින් පවතී. මෙම විදාරණයත් සමග නාගරික සහ ග්‍රාමීය තාරුණ්‍යයට නවීන තාක්ෂණය හා එක්වීමට ඇති අවස්ථාව පුළුල් වී තිබේ. ගමට තාක්ෂණය වැඩසටහන දක්ෂතා පිරි ව්‍යවසායකයින්ට තාක්ෂණික අංශයෙන් සිය කුසලතා ප්‍රදර්ශනය කිරීමට හිමිවන කදිම අවස්ථාවකි.
මෙම ව්‍යාපෘතිය යටතේ තාක්ෂණික නවීනතා ග්‍රාමීය ප්‍රදේශ වෙත හදුන්වාදීම සිදුකෙරෙන අතර මෙමගින් ප්‍රජාව අතර සන්නිවේදන පහසුකම් දියුණු වීම , කාලය සහ අවකාශය අතර සීමා අතික්‍රමණය කිරීම, තොරතුරුවලින් සහ දැනුමින් සන්නද්ධ වීමට අවස්ථාව හිමිවීම, අධ්‍යයන අවස්ථා ආදිය සැපයීමෙන් ආදායමක් උපයාගැනීමට අවස්ථාව හිමිවීම, ප්‍රජාව තීරණ ගැනීමේ මෙහෙවර සඳහා දායක වීම තුලින්  විනිවිද භාවය හා පිරිමැසුම්දායී බව  වර්ධනය වීම, යනාදී වාසි රැසක් ද හිමිවෙයි. මෙමගින් ඇතිවන ආර්ථික සංවර්ධනය තුළින්  වෙළඳපල, ඵලදායිතාව, තරගකාරීත්වය ආදී අංශ වර්ධනය වීමෙන් පොදු ජනතාවගේ  ජීවන තත්වය උසස් කරලීමට හැකියාව ලැබේ.

Bannercuts.com  මෙන්ම I.C.N.A Advertising ආදී ආයතන වල සහයෝගය ඇතිව දිවයිනේ දිස්ත්‍රික්ක 15ක තාක්ෂණික පදනම ඉහළ නැංවීමේ බිම් මට්ටමේ මැදිහත්වීම් රැසක් මේ යටතේ පැවැත්වීමට නියමිතය. ක්ෂේත්‍රයේ වසර 6කට අධික අත්දැකීම් ඇති විශේෂඥයින්ගෙන් සැදුම්ලත් I.C.N.A ආයතනය වසර 3ක් තිස්සේ මෙරට තාක්ෂණික සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටියි.

Comments  

0 #1 kelum sadanayaka 2018-10-05 12:12
good idea
Quote
0 #2 kelum sadanayaka 2018-10-05 12:14
good idea thise
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.