lakbima.lk

DFCC බැංකුව සිය ශාඛා ජාලයට රුවන්වැල්ලත් එක් කර ගනියි



DFCC බැංකුව දකුණු හා බස්නාහිර පළාත් තුළ සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ පරිශ‍්‍රමයේ කොටසක් ලෙස නොබෝ දා සිය නවතම ශාඛාව රුවන්වැල්ලේ දී විවෘත කළේ ය. රුවන්වැල්ලේ පදිංචිකරුවන්ට දැන් DFCC බැංකුවේ සංවර්ධන හා වාණිජ බැංකුකරණ සේවාවන් සියල්ලට ම ප‍්‍රවේශ වෙමින් විශිෂ්ට පාරිභෝගික සේවාවේ සහ සිත් ගන්නාසුලූ ප‍්‍රවර්ධන වැඩසටහන්වල ප‍්‍රතිලාභ ද භුක්ති විඳිය හැකි ය. 2018 සැප්තැම්බර් 20 දින ෘත්‍ක්‍ක්‍ ජාලයේ නවතම ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා විසිනි. බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කාර්ය මණ්ඩලය සහ සුබ පැතීම සඳහා එක්ව සිටි ප‍්‍රාදේශීය ප‍්‍රජාවේ හිතවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. DFCC බැංකුව දැන් රුවන්වැල්ල ප‍්‍රදේශයේ දී ද සලසා ගත හැකි සිය අද්විතීය මූල්‍ය සේවා සන්නාමය හරහා ශ‍්‍රී ලංකාවේ කාර්මික හා වාණිජ ක්ෂේත‍්‍ර තුළ පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කර ඇත.


රුවන්වැල්ලේ ගනුදෙනුකරුවන්ට දැන් අංග සම්පූර්ණ බැංකුකරණ අත්දැකීමක් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි ය. ජංගම හා ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු, උකස් සේවා, ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඞ් හා පේ‍්‍රෂණ ඇතුළු බැංකුකරණ සේවාවන් රැුසක් ම බැංකුව විසින් සම්පාදනය කෙරෙයි. ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායික බැංකුකරණය සම්බන්ධයෙන් DFCC බැංකුව සතු ප‍්‍රවීණත්වයෙන් ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාවන්ට ද ප‍්‍රතිලාභ ලැබිය හැකි ය. බැංකුව යොදා ගන්නා නවෝත්පාදක සේවා සම්පාදන ක‍්‍රම නිසා මෙම සේවාවන් තව දුරටත් වැඩි දියුණු වී ඇත.

බැංකුව රුවන්වැල්ලට පා තැබීම ගැන අදහස් දැක්වූ ප‍්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසීය: DFCC බැංකුවේ නවතම ශාඛාව ඉත සිතින් පිළිගැනීම සම්බන්ධයෙන් රුවන්වැල්ල නගරයට අපි අපේ කෘතඥතාව පුද කර සිටිනවා. පුරා විද්‍යාත්මක හා සංස්කෘතික අඩවි රැුසකින් පොහොසත් ඉතිහාසයක් සහිත සුප‍්‍රකට නගරයක ශාඛාවක් විවෘත කිරීමට හැකි වීම අපට ආඩම්බරයක්. නගරයේ ජනතාව සමග සම්බන්ධ වීමටත් අපගේ සුවිශේෂ පාරිභෝගික සේවාවන් පදනම් කර ගෙන ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීමටත් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.DFCC බැංකුව ගෞරවයට පාත‍්‍රව තිබෙන්නේ සංවර්ධන බැංකුකරණය පිළිබඳව විශේෂඥතාවක් දරන අද්විතීය වාණිජ බැංකුකරණ ආයතනයක් ලෙස වුණත් නවෝත්පාදනය සම්බන්ධයෙනුත් බැංකුව නම් දරා සිටින බව කිව යුතු යි. අපගේ ගනුදෙනුකරුවන් සමග එකතු වී අන්‍යෝන්‍ය වර්ධනය හා වැඩි දියුණුව සඳහා යොදා ගත හැකි නව අවස්ථාවන් පිළිබඳව සොයා බලන්න අපි බලාපොරොත්තු වෙනවා.”


ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය, රැඳීම, පක්ෂපාතිත්වය හා සම්බන්ධය පවත්වා ගැනීම සඳහා ඩිජිටල් පාරිභෝගික අත්දැකීම වැඩි දියුණු කිරීමටDFCC බැංකුව කැප වී සිටී. තාක්ෂණය බැංකු සිය ගනුදෙනුකරුවන් සමග ක‍්‍රියා කරන ආකාරය වෙනසකට ලක් කරන බව පිළිගන්නා ෘත්‍ක්‍ක්‍ බැංකුව නව නිපැයුම් පිරිනමමින් සහ වැඩි දියුණු සේවාවන් සම්පාදනය කරමින් සිය ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් කරන වටිනාකම් වැඩි දියුණු කිරීම සඳහා දැවැන්ත පියවරයන් තබා ඇත. බැංකුව මෑත අතීතයේ දී වැඩි දියුණු තාක්ෂණය පදනම් කර ගත් විවිධ නිපැයුම් ගණනාවක් දියත් කර ඇත්තේ ඒ අනුව ය: DFCC Virtual Wallet  – ශ‍්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත‍්‍රය තුළ හඳුන්වා දෙන ලද ප‍්‍රථම ඩිජිටල් මුදල් පසුම්බිය යි; Lanka Money Transfe – වෙබ් ජාලය පදනම් කර ගත් නවීනතම පේ‍්‍රෂණ ක‍්‍රමයකි; MTeller– බැංකු සේවාවන් ගනුදෙනුකරුවාගේ නිවස සමීපයට ම රැුගෙන එන බැංකුකරණ සේවාවකි; Premier Go  – ප‍්‍රථම හා ප‍්‍රමුඛතම අන්තර් ක‍්‍රියාකාරී බැංකුකරණ මෘදුකාංගය යි.


භාණ්ඩාගාර මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා බැංකුව වඩාත් මෑත දී නවීනතම භාණ්ඩාගාර ක‍්‍රමයක් DFCC iConnect  ද හඳුන්වා දුන් අතර ෘත්‍ක්‍ක්‍ සක්‍දබබැජඑ නමින් හැඳින්වෙන්නේ  ඕනෑ ම පරිමාණයක ව්‍යාපාරයකට ප‍්‍රයෝජනයට ගත හැකි නවීනතම ගෙවීම් කළමනාකරණ විසඳුමකි.

නවෝත්පාදක ප‍්‍රවිෂ්ටය, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සම්පාදනය කිරීම සඳහා කරන කැප වීම සහ පිරිනමන සේවාවන්හි විවිධත්වය නිසා DFCC බැංකුව වර්ධනය වීමට හැම විට ම සූදානමින් සිටින බව කිව හැකි ය. බැංකුව ඊළඟ වසර කිහිපයේ දී භූගෝලීය වශයෙන් තව දුරටත් ව්‍යාප්ත වීමේ අභියෝගාත්මක ඉලක්කයක් නියම කර ගෙන කටයුතු කරමින් සිටින අතර රුවන්වැල්ල ශාඛාව විවෘත කිරීම රටේ සියලූ දෙනාට මූල්‍ය පහසුකම් සැපයීමේ අරමුණට ආයතනය වඩාත් සමීප කරයි. රුවන්වැල්ලේ නව ශාඛාව අංක 183, අවිස්සාවේල්ල පාර, රුවන්වැල්ල යන ස්ථානයේ පිහිටා ඇති අතර 036-2268770 සහ 036-2267775 දුරකථන අංකවලින් හෝ 036-2267677 ෆැක්ස් අංකයෙන් ඇමතිය හැකි ය.

ජාතික සංකේතයක් ලෙස කීර්තියක් දිනා සිටින DFCC Bank PLC  ආයතනය පුරෝගාමී සංවර්ධන බැංකුවක් සතු විශේෂඥතාවත් ක‍්‍රියාශීලී වාණිජ බැංකුවක් සතු ඉමහත් ජවයත් ප‍්‍රකට කරයි. වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA)  සහ ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) මෑතක දී DFCC බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් ම ප‍්‍රශංසනීය සමාගම්’ 10න් එකක් ලෙස සම්මානයට පාත‍්‍ර කළේ ය. Fitch Ratings Lanka Limited ආයතනය DFCC බැංකුව AA-(lka) වශයෙන් ශ්‍රේණිගත කර ඇත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.