lakbima.lk

තාරුණ්‍යට නව බලාපොරොත්තු ඇති කරමින් EDEX EXPO 2018 ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපන හා මාර්ගෝපදේශන ප්‍රදර්ශනය වන EDEX EXPO 2018 වසර මැද ප්‍රදර්ශනය  ලබන සැප්තැම්බර් මස 8 සහ 9 වන දිනයන්හි දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC)  පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 6 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මඟින් නිසැකවම අධ්‍යාපන හා මාර්ගෝපදේශන ප්‍රදර්ශන අතරට දැවැන්ත අත්දැකීම් රැසක් එකතු කරනු ඇත. ප්‍රදර්ශනය සඳහා සහාභාගීවන්නන්ට සිය වෘත්තිය හා තෘතීයක අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමට උපකාර වන සේවා ගණනාවක් අත්දැකීමට හැකි වීම සහ පුර්ණ හා අර්ධ වශයෙන් පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීමට අවස්ථාවන් ලැබීම විශේෂත්වයකි.

ප්ලැටිනම් සහකරු (Platinum Sponsor) වශයෙන් කළම්ඹු ඉන්ස්ටිටුයිට් ඔෆ් රීසර්ච් ඇන්ඩ් සයිකොලොජි (CIRP) ඩයමන්ඩ් සහකරු (Diamond Sponsor) වශයෙන් මර්කරි ඉන්ස්ටිටුයිට් (Mercury Institute) රන් සහකරුවන් (Gold Sponsor) වශයෙන් සිනෙක් (CINEC) සහ යුනිවර්සල් කොලේජ් ලංකා (UCL) යන ආයතනවල අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC), ලංකා සේවායෝජකයන්ගේ සංගමය (EFC) හා ජාතික වෘත්තීය මාර්ගෝපදේශන සංගමය (NCGA) උපාය මාර්ගික සහය ලබා දේ.

ද්විතීික අධ්‍යාපනයෙන් පසුව තරුණ තරුණියන් නැඹුරු විය යුත්තේ කවර අංශ සදහාද යන්න උපදෙස්, වෘත්තීය පුහුණු හා රැකියා අවස්ථා ලබා දෙන දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල 100ක් නියෝජනය කරමින් ආයතන 70 කට අදාල අධ්‍යාපන කුටි 150 ක් EDEX EXPO හි ස්ථාපිත කර ඇත. මෙහි වටිනාකම තව දුරටත් වැඩි කරමින් ජර්මනිය, හන්ගේරියාව, රුසියාව, තායිලන්තය, ජපානය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල විශ්ව විද්‍යාලයන්හි සෘජු හෝ දේශීය නියෝජිතයන් ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ.

මීට අමතරව ආර්ථීකයේ වඩාත් වැදගත් අංශයන් නියෝජනය කරමින් ප්‍රමුඛතම ආයතනයන්හි කුටි 15 කට වැඩි ගණනකින් සමන්විත EDEX රැකියා පොළ, රැකියා සොයන්නන් ට රැකියා ප්‍රවර්ධකයින් මුණගැසීමට මහඟු අවස්ථාවක් සපයයි. තවද ප්‍රදර්ශනය තුලදී රැකියා අවස්ථා සඳහා ලබා දෙන මාර්ගෝපදේශනයට අමතරව, මනෝමිතික පරීක්ෂණ (Psychometric Test), අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණ (Interactive seminars) සහ වෘත්තීයවේදින් සමඟ පැවැත්වෙන කෙටි සාකච්ජා සඳහා සහාභාගී වීමටද නොමිලයේ අවස්ථාවක් සපයයි. තරුණ තරුණියන්ට ඔවුන්ගේ අද්විතීය හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කිරීමට මෙය අත්වැලක් සපයයි. 

EDEX EXPO විසින් තාරුණ්‍යට ඉටුකරනා මෙහෙවර අගමැති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යංශය, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මඟින් ද පිළිගැනීමට ලක්ව ඇත. 

Citizens Development Business Finance PLC (CDB) නිළ මූල්‍ය සහකරු ලෙසත්, කුරියර් සහකරු ලෙස Citypak, ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස Atom Media, මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE මෙම අවස්ථාව සඳහා සිය සහයෝගය ලබා දෙනු ලැබේ.
 
ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ වන මේ ප්‍රදර්ශණය පිළිබඳ වැඩිදුර විස්තර EDEX ලේකම් කාර්යාලය, ඍක‍ඹ නිපුණතා මධ්‍යස්ථානය, රාජකීය විද්‍යාලීය සංගමය, රාජකීය මාවත, කොළඹ 07 යන ලිපිනයෙන්ද, 0113091086 අමතා හෝ sales@edex.lk  යන ඊ මෙල් හරහා ද ලබා ගත හැක. වැඩිදුර විස්තර සඳහා www.edex.lk වෙත පිවිසෙන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.