lakbima.lk

ප‍්‍රමිතිය පිළිබඳ ඉහළම සහතිකය පන්නිපිටිය පෞද්ගලික රෝහලට

රෝහලේ සියලූම අංශ වෙනුවෙන් පිරිනමනු ලබන ISO 9001-2008 ප‍්‍රමිති සහතිකය දිනාගත්, ශ‍්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන පන්නිපිටිය පෞද්ගලික රෝහල සිය ප‍්‍රමිතිය සහ විශිෂ්ටත්වය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් රෝහල තුළම තත්ත්ව පාලන අංශයක් අලූතින් ස්ථාපනය කර ඇත. ලාභ ලැබීමේ අරමුණ පසෙකලා, ඉහළ ප‍්‍රමිතියෙන් යුත් සේවාවක් සපයමින් වසර 20 කට අධික කාලයක් පුරා රෝහල දිනා දිනා සිටින නොබිඳුණු විශ්වාසය ඉදිරි කාලයේදීත් එලෙසම පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව මෙම විශේෂ එ්කකය පිහිට වූ බව රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි.

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් සිය සේවාවන් පවත්වාගෙන යනු ලබන පන්නිපිටිය පෞද්ගලික රෝහල, රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන OHSAS 18001-2007 ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණ සහතිකයෙන්ද පිදුම් ලැබීය. ‘‘අප රෝහල විසින් රෝගීන් වෙත පිරිනමනු ලබන්නේ මුදල ඉක්මවූ සේවාවක්.  ඕනෑම තරාතිරමක රෝගියකුට දැරිය හැකි මිල ගණන් යටතේ අප රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට හැකිවී තිබෙන්නේ එ් නිසයි. සාධාරණ පිරිවැයකට ඉහළම ප‍්‍රමිතියකින් යුතු සේවාවක් ලබාදෙමින් පන්නිපිටිය පෞද්ගලික රෝහල මේ වනවිටත් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අවස්ථා රැසකදීම ඇගැයුමට පාත‍්‍රවී තිබෙනවා. නමුත්, එපමණකින් අප සෑහීමකට පත්වන්නේ නැහැ. එබැවින් සේවාවන්හි ගුණාත්මක බව තවදුරටත් ඉහළ නංවමින් ලබා ඇති ජයග‍්‍රහණ තවත් වැඩි දියුණු කරගැනීම පිණිස වෙනමම තත්ත්ව පාලන අංශයක්ද රෝහලෙහි පිහිටුවීමට තීරණය කළා’’ යනුවෙන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නවීනතම තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වා දීමට කටයුතු කරන පන්නිපිටිය පෞද්ගලික රෝහල 5D අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළු අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප‍්‍රතිකාර රැුසක් පළමු වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් රෝහල ලෙසද ප‍්‍රකටව සිටියි.

අනවශ්‍ය වියදම් කපා හැර එමගින් ලැබෙන ප‍්‍රතිලාභද රෝගීන් වෙත පිරිනැමීම රෝහලේ විශේෂත්වයකි. අධ්‍යාපන අමාත්‍යාංශය මෑතකදී හඳුන්වා දෙන ලද ‘‘සුරක්ෂා’’ සිසු රක්ෂාවරණය යටතේ ඇති සියලූම ප‍්‍රතිලාභ පන්නිපිටිය පෞද්ගලක රෝහලෙන් හිමිවන අතර, සියලූම රාජ්‍ය සේවකයන්ට අග‍්‍රහාර රක්ෂණය යටතේ හිමි විශේෂ වරප‍්‍රසාද ලබාදීමටද රෝහල මේ වනවිටත් කටයුතු යොදා තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.