lakbima.lk

Tryonics සත් වසරක විශිෂ්ටත්වය සමරයි

තොරතුරු තාක්ෂණ සේවා සපයන, ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ආයතනයක් වන Tryonics (Pvt) Ltd. මෙම අගෝස්තු මාසයේ සිය අභිමානවත් සත්වැනි සංවත්සරය සමරයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ආයතනයන්හි ව්‍යාපාර ඵලදායිතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නවීන මෘදුකාංග යෙදවුම් හඳුන්වා දෙමින් කෙටි කලක් තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විශ්වසනීය නාමයක් දිනාගත් ආයතනයක් ලෙස Tryonics (Pvt) Ltd අද වන විට නම් දරා සිටියි.
සිය පෙරළිකාර මෘදුකාංග යෙදවුම් සඳහා 2015, 2016 සහ 2017  වසරවලදී සම්මානයටද පාත‍්‍ර වූ Tryonics (Pvt) Ltd බැංකු සහ රක්ෂණ ක්ෂේත‍්‍රයන්හි දැවැන්ත ආයතන සඳහා සිය සේවාවන් සපයමින් එම ආයතන සමග ශක්තිමත් සම්බන්ධතාවයක් මේ වන විට ගොඩ නගාගෙන තිබේ. Tryonics (Pvt) Ltd. හි මෙහෙයුම් කටයුතු සඳහා නායකත්වය ලබාදෙමින් එහි ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය හොබවනු ලබන්නේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර පරිපාලන ක්ෂේත‍්‍රයන්හි දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් බහුල පළපුරුදු වෘත්තිකයකු වන වසන්ත සුබසිංහ මහතාය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයෙහි වසර 18 කට වැඩි කාලයක පළපුරුද්දක්  ව්‍යාපාර  පරිපාලන ක්ෂේත‍්‍රයෙහි ලබා ඇති ප‍්‍රවීණත්වයක්  සමග බි‍්‍රතාන්‍ය පරිගණක සංසදයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන වසන්ත සුබසිංහ මහතා මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය උදෙසා තමන් කළ අනුපමේය මෙහෙවර වෙනුවෙන් 2016 වසරේදී බි‍්‍රතාන්‍ය පරිගණක සංසදයේ ශ‍්‍රී ලංකා ශාඛාව සංවිධානය කළ National Best Quality Software Awards (NBQSA)හිදී වසරේ හොඳම ව්‍යවසායකයා ලෙසද සම්මානයෙන් පිදුම් ලැබීය.
රක්ෂණ ක්ෂේත‍්‍රය සඳහාSmart Agent ජංගම දුරකථන යෙදවුම් හඳුන්වා දෙමින්, රක්ෂණ නියෝජිතයන් වෙනුවෙන් එම මාදිලියේ පළමු යෙදවුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිකර ගත් Tryonics (Pvt) Ltd එ් හරහා රක්ෂණ නියෝජිතයන්ට සිය විකුණුම් ක‍්‍රියාවලියේ අවශ්‍ය වන රක්ෂණ සහතිකය හා සම්බන්ධ සියලූ දත්ත (මිල කැඳවුමේ සිට රක්ෂණ සහතිකය නිකුත් කිරීම දක්වා) ස්වයංක‍්‍රීයව ලබාගැනීම සඳහා පහසුකම් සලසා දී ඇත. අනතුරුව පාරිභෝගිකයන් හට මෝටර් රථ අනතුරු සඳහා රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් පහසුකරවන ක්‍රමවේදයක් Tryonics (Pvt) Ltd විසින් හඳුන්වා දුන් අතර පාරිභෝගිකයන් එම මාදිලියේ පහසුකමක් සහිත රක්ෂණ සමාගම් වෙතින් වැඩි වශයෙන් රථවාහන රක්ෂණාවරණ ලබාගැනීමේ ප‍්‍රවණතාවක්ද එ් සමග නිර්මාණය විය. නවීන මෘදුකාංග යෙදවුම් හඳුන්වා දෙමින් අත්පත් කරගත් සාර්ථකත්වයත් සමග ව්‍යාපාර ක‍්‍රියාවලීන් සඳහා වන යෙදවුම්  ජංගම දුරකථන යෙදවුම්  ආදී අති සාර්ථක නිපැයුම් රැසක් Tryonics (Pvt) Ltd මේ වනවිට හඳුන්වා දී ඇත. සේවාදායකයන්ගේ අවශ්‍යතා නියමිත වේලාවට ඉටුකර දීම, විශේෂඥ දැනුම, පහසුවෙන් භාවිත කළ හැකි මෘදුකාංග නිර්මාණය, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව යනාදී ගුණාංගවලින් සමන්විතවීම හේතුවෙන් Tryonics (Pvt) Ltd අනෙකුත් තරගකාරී තොරතුරු තාක්ෂණ සේවා සපයන ආයතන අතර ඉදිරියෙන් සිටියි.
අභිමානවත් සත්වැනි සංවත්සරය සැමරීමත් සමග Tryonics (Pvt) Ltd  ගබඩා කළමනාකරණය ,(Warehouse Management)  සහ දේපොළ වෙළෙඳාම් යන ක්ෂේත‍්‍ර සඳහා නවීන තාක්ෂණයෙන් යුත් මෘදුකාංග නිර්මාණය කිරීම සඳහාද යොමුවෙමින් දිනෙන් දින නව්‍යකරණය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසනීයත්වයෙන් පිරිපුන්, අති සාර්ථක ගමනක නියැලී සිටියි.

ඡායාරූපය - ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත සුබසිංහ

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.