lakbima.lk

HNB සහ වාසනා එකමුතුවෙන් අඩුම මිලට විට්ස් කාර් 50ක්

ශ‍්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප‍්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගම මෙම අගෝස්තු මාසය පුරා ටොයෝටා විට්ස් (Toyota Vitz F) 2015 සහ 2016 මාදිලියේ මෝටර් රථ 50 ක් ආනයනික මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගිකයන් වෙත ලබාදීමට තීරණය කර ඇත. මෙම දැවැන්ත දීමනාව වලංගු වන්නේ අගෝස්තු 31 වැනි දින දක්වා පමණක් වන බැවින් අංක 310, මීගමු පාර, වැලිසර, රාගම දරන ලිපිනයේ පිහිටි වාසනා ටේ‍්‍රඩින් ලංකා ප‍්‍රධාන අලෙවි ප‍්‍රදර්ශනාගාරය වෙත පැමිණ හෝ කොළඹ, අනුරාධපුර, මාදම්පේ සහ මාතර පිහිටි අනෙකුත් ශාඛා හරහා මෙම වාසිය නොපමාව අත්විඳින ලෙස ආයතනය ආරාධනා කර සිටියි. වැඩිදුර විමසීම් සඳහා 0112241333 යන දුරකථන අංකය විවෘත කර තිබේ.
වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගම මෙම දැවැන්ත දීමනාව පිරිනමනු ලබන්නේ HNB  බැංකුව සමග අත්වැල් බැඳ ගනිමිනි. එ් අනුව මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ HNB  ලීසිං වෙතින් දිවයිනේ පවතින අඩුම වාරිකයට සහ අඩුම පොලියට ඉතා කඩිනමින් ලීසිං පහසුකම් ලබාගෙන එදිනම අගනා විට්ස් මෝටර් රථයක් තමන් සතුකර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත උදාකර දී තිබේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් සුවිශේෂත්වයක් වනුයේ වාහන බලපත‍්‍ර හිමියන්ට තම බලපත‍්‍රය වාසනා ටේ‍්‍රඩින් ලංකා වෙත ලබාදී රුපියල් ලක්ෂ 11 1/2 කට විට්ස් මෝටර් රථයක් මිලදී ගත හැකි වීමයි.
‘‘එන්ජින් ධාරිතාවය 1000cc ට අඩු වාහන සඳහා වන බදු රජය විසින් පසුගියදා ඉහළ දැමීමත් සමග වැගන් ආර් ඇතුළු එම කාණ්ඩයේ වාහනවල මිල රුපියල් ලක්ෂ හතරකින්, පහකින් පමණ වැඩිවුණා. මෙහිදී එන්ජින් ධාරිතාවය 1000cc වන විට්ස් මෝටර් රථවල බදු ඉහළ නොදැමීම නිසා එම මාදිලියේ වාහන සඳහා විශාල ඉල්ලූමක් මේ වන වට රථවාහන වෙළෙඳ පොළේ ඇතිවී තිබෙනවා. මේ ඉල්ලූමත් සමග ජපානයේද විට්ස් මෝටර් රථවල ගැනුම් මිල රුපියල් ලක්ෂ 2 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් මෙරට රථවාහන වෙළෙඳ පොළේ මෝටර් රථවල මිල ඉහළ යාමකට පෙර, අප සතුව තිබෙන වාහන තොගවලින් විට්ස් මෝටර් රථ 50 ක් ඉතාම සහනදායී මිලකට අපගේ පාරිභෝගිකයන් වෙත ලබාදී ඔවුන්ට තවත් අගනා වාසියක් අත්කර දීමට අප තීරණය කළා’’ යනුවෙන් වාසනා ටේ‍්‍රඩින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවැසීය.
පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය පරිදි අමතර උපාංගද මෙම මෝටර් රථ සඳහා එක්කර ගත හැකි අතර, වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගමට අනුබද්ධ ‘‘වාසනා කෙයාර්’’ හි අති විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවද මෙම සියලූ වාහන සඳහා හිමිවේ. රථවාහන අලෙවියේ 25 වසරකට වැඩි කාලයක අත්දැකීම් සමග පාරිභෝගිකයන් වෙත ප‍්‍රමිතියෙන් ඉහළ උසස්ම තත්ත්වයේ වාහන ලබාදෙමින් නොබිඳුණු විශ්වාසයක් දිනා සිටින වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගම වාහනයක් මිලදී ගැනීමේදී සපුරා ගත යුතු සියලූ පහසුකම් එකම වහලක් යටින් පිරිනමමින් අද වනවිට මෙරට වාහන අලෙවියේ ප‍්‍රමුඛයා බවට පත්ව සිටී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.