lakbima.lk

Sony Audio සන්නාම තානාපතිවරු භාතිය හා සන්තුෂ්


මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සෝනි ඉන්ටර්නැෂනල් සමාගම හා එක්ව මෙරට ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සිය සන්නාම තානාපතිවරුන් ලෙස පත්කර ගනියි.
 
මේ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹදී පැවැති අතර එම අවස්ථාව සදහා සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ කුමා සමරසිංහ මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා, අලෙවි කළමණාකරු පියුම් ජයතිලක මහතා, සිංගර් ශ්‍රී ලංකා හි සෝනි සන්නාම කළමණාකරු තාරක වර්ණකුළසූරිය යන මහත්වරු සිංගර් ශ්‍රී ලංකා වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූර්) හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි ජස්ටින් වොන්ග් , අලෙවි ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල යන මහත්වරු එක්ව සිටියහ.
 
සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන (Sony Audio) අතර ප්‍රමුඛතම නිෂ්පාදන රැසක් සිංගර් ශ්‍රී ලංකා විසින්  මෙරට ඛෙදා හරිනු ලබයි.Headphones, Wireless speakers, MP3 players, High-resolution audio, Audio HiFi systems, Digital voice recorders, Boomboxes, Radios, Portable CD players, Home theater systems ආදී නිපැයුම් රැසක් මීට ඇතුළත් වෙයි. මෙම නිෂ්පාදන සිංගර් ප්ලස්, සිංගර් මෙගා,  සිසිල් වර්ල්ඩ්  සහ දිවයින පුරා බලයලත් නියෝජිතයින් මගින් ඛෙදාහරිනු ලබයි.
 
මෙරට සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිත දෙකක් වශයෙන් අතිශය ජනාදරයට පත් භාතිය හා සන්තුෂ් මෙරට සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් වූ තම ආවේණිකත්වය ගොඩනගා ගත් දක්ෂ ගායකයින් දෙදෙනෙකු වෙයි.
 

මෙම නව තානාපතිත්වය පිළිබඳ අදහස් දැක්වූ ප්‍රවිණ ගායන ශිල්පි භාතිය ජයකොඩි පෙන්වා දුන්නේ සංගීත ශිල්පීන් වශයෙන් තමන් නිරතුරුවම ශබ්දයේ උසස්තම තත්වය පිළිබඳව ඉහළින්ම සැලකිලිමත් වන බවයි. තම රසිකයින් වෙත තත්වයෙන් වඩාත් උසස් නිර්මාණයක් ඉදිරිපත් කිරීම සඳහා සුපැහැදිලි ශබ්දය අතිශයින්ම වැදගත් වන බව හෙතෙම පෙන්වා දුන්නේය. ලොව උසස්තම තාක්ෂණය සමග එන සෝනි නිෂ්පාදන සිය සංගීත නිර්මාණකරණය සඳහා භාවිත කිරීමෙන් එම කාර්යය ඉතා ඉහළින් ඉටු කර ගැනීමට අවස්ථාව හිමිවන බව˜ භාතිය ජයකොඩි මහතා මෙහිදී අවධාරණය කළේය. සෝනි නිෂ්පාදන සිය ඉදිරි ඉලක්ක සපුරාගැනීම සඳහා කදිමට ගැලපෙන ජපන් තාක්ෂණයෙන් යුක්ත වීම නිසා රසිකයාගේ ශ්‍රව්‍ය පරාසය නව මානයකට ගෙනයාමට හැකි බව ඉතා පැහැදිලි වන්නේ යැයි ද හෙතෙම පැවසීය.


මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට ජනප්‍රියතම  ගායන ශිල්පීන් දෙපළක් වන භාතිය හා සන්තුෂ් වයස් භේදයකින් තොරව සියළුදෙනා අතර අතිශය ජනාදරයට පත් ගායන ශිල්පීන් වන බවයි. සෝනි ඉන්ටර්නැෂනල් හා එක්ව සිංගර් ශ්‍රී ලංකා විසින් සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන (Sony Audio) සඳහා මෙම ජනප්‍රිය ගායන ශිල්පීන් වෙත සන්නාම තානාපතීත්වය පිරිනැමීමට අවස්ථාව හිමිවීම සාඩම්බර කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය. වසර 20 කට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ උසස්තම නිර්මාණ රැසක් බිහි කරමින් මිලියන ගණනක් රසික හදවත්වලට සමීප වීමට  භාතිය සහ සන්තුෂ් ට හැකියාව ලැබී තිඛෙන බවද හෙතෙම මෙහිදී පෙන්වා  දුන්නේය. ඒ ආකාරයටම වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් උසස්, සුපිරි තාක්ෂණය, මනා නිමාව,ආදිය සමගින් වෙළඳ පළට එන සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන තවදුරටත් පාරිභෝගික හදවත් වෙත සමීප කරවීමට මෙම ජනප්‍රිය ගායකයින්  දෙපළට පහසුවෙන්ම හැකිවනු ඇති බවට˜ ඒ මහතා විශ්වාසය පල  කළේය.
 
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙපළ හා එක්ව සිය නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ගෙනයාමට අවස්ථාව උදාවීම ශ්‍රී ලංකාවේ සෝනි සන්නාමයට සුවිශේෂි අවස්ථාවක් බව˜ සෝනි ඉන්ටර්නැෂනල් (ජපානය) හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි ජස්ටින් වොන්ග් මහතා මෙහිදී පැවසීය. දක්ෂතාවයෙන් පරිපූර්ණ මෙම ගායන ශිල්පීන් දෙපළ ලොව ප්‍රකට සෝනි සන්නාමය පාරිභෝගිකයාට සමීප කරවීමට වඩාත් සුදුසු තානාපති යුවළක් බවද හෙතෙම සඳහන් කළේය.
 

සෝනි සහ සිංගර් ශ්‍රී ලංකා එක්ව සිය පාරිභෝගිකයින් වෙත පුළුල් පරාසයක විහිදුනු උසස් තත්වයේ ජාත්‍යන්තර නිෂ්පාදන පෙළක් තිළිණ කරයි. දිවයින පුරා විහිදුන අලෙවි සැල් 450 කට අධික ප්‍රමාණයක් සහ 600 කට අධික නියෝජිත ජාලයක් හිමි සිංගර් සමාගම සමස්ත දිවයිනම ආවරණය කරන පුළුල් ඛෙදාහැරීම් ජාලයකින් සමන්විත වෙළඳ සමාගමකි. එම අලෙවි ජාලය යොදාගනිමින් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පුළුල් අලෙවියෙන් පසු  සේවාවක්ද සිංගර් ශ්‍රී ලංකා විසින් සපයනු ලබයි. සිය පාරිභෝගිකයින් වෙත වඩාත් නම්‍යශීලි සේවාවක් සපයමින් සිංගර් ශ්‍රී ලංකා විසින් සිය පාරිභෝගිකයින් වෙත පොළී රහිත ගෙවීමේ ක්‍රම, විශේෂ වරප්‍රසාද, අලෙවි වට්ටම්, නොමිලේ දීමනා, සහ ක්‍රෙඩිට් කාඩ් දීමනා ඇතුළු දීමනා රැසක් පිරිනමනු ලබයි. මෙරට පාරිභෝගිකයින්ට උසස්තම සේවාවක් සපයමින් අඛණ්ඩව වසර 12ක් තිසේසේ මෙරට අංක 1 වෙළඳ සන්නාමය බවට පත්වීමටද සිංගර් ශ්‍රී ලංකා සමාගම සමත්වී තිබේ.


ඡායාරූප
වමේ සිට සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. හි ජ්‍යෙෂ්ට නීති කළමණාකරු නදීර කුරුප්පුආරච්චි, අලෙවි කළමණාකරු පියුම් ජයතිලක, සිංගර් ශ්‍රී ලංකා හි සෝනි සන්නාම කළමණාකරු තාරක වර්ණකුළසූරිය මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් විජේවර්ධන, සන්තුෂ් වීරමන් සහ භාතිය ජයකොඩි, සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. හි අලෙවි අධ්‍යක්ෂ කුමා සමරසිංහ, සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූර්) සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග් සහ එහි අලෙවි ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල මහතා ද මෙම ඡායාරූපයේ වෙති.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.