lakbima.lk

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක්


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ විශාලතම රථවාහන ආනයනකරුවන්ගේ එකමුතුව වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැුස්වීම පසුගියදා කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී පැවැත්වුණු නිලවරණයෙන් ඉදිරි වසර දෙක සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම සිදුවූ අතර, උඔඛ ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සංගමයේ සභාපති ධුරය සඳහා මෙවරද තේරී පත්විය. ලේකම් ධුරය සඳහාද හිටපු ලේකම්, කිත්ලංකා මෝටර්ස් (පුද්ගලික* සමාගමේ කීර්ති ගුණවර්ධන මහතා නැවතත් පත්කෙරිණි.
උප සභාපති තනතුර සඳහා දිළිසෙන එන්ටර්ප‍්‍රයිසස්හි කෝකිල දීකිරිවැව, කසුන් එන්ටර්ප‍්‍රයිසස්හි කසුන් පතිරාජ සහ සෙන්ට් ඇන්තනීස් ටේ‍්‍රඩිං ආයතනයේ නිශාන්ත පෙරේරා යන මහත්වරු තරග වැදීමෙන් අනතුරුව නිශාන්ත  පෙරේරා සහ කසුන් පතිරාජ ලබාගත් ඡුන්ද සංඛ්‍යාව සමාන වීමෙන් ඔවුන් දෙදෙනාට වසරක කාලයක් බැගින් එම තනතුර දැරීමට අවස්ථාව ලබාදෙන ලදී. උප ලේකම් තනතුර සඳහා ප‍්‍රසාද් එන්ටර්ප‍්‍රයිසස්හි ප‍්‍රසාද් කුලතුංග මහතා නිතරගයෙන් තේරී පත්විය. භාණ්ඩාගාරික ධුරය සඳහා බිනාෂා ටේ‍්‍රඩර්ස් (පුද්ගලික) සමාගමේ ෆ‍්‍රෑන්ක්ලීන් ෆර්නැන්ඩු සහ කළුආරච්චි එන්ටර්ප‍්‍රයිසස්හි රුචිර කළුආරච්චි යන මහත්වරු තරග වැදුණු අතර එහිදීද ඡන්ද සංඛ්‍යාව සමාන වීමෙන් පළමු වසරක කාලය සඳහා ෆ‍්‍රෑන්ක්ලීන් ෆර්නැන්ඩු මහතාද, දෙවැනි වසරක කාලය සඳහා රුචිර කළුආරච්චි මහතාද පත්කෙරිණි. උප භාණ්ඩාගාරික ධුරය සඳහා එනෝකා ඒජන්ට්ස්හි නිශාන්ත සේනාධිපති මහතා නිතරගයෙන් තේරී පත්විය. පළාත්බද සභාපතිවරු ලෙස බාස්කරන් (නිතේෂ් එන්ටර්ප‍්‍රයිසස්), සුසන්ත චමින්ද (LPS ටේ‍්‍රඩිං), එ්. ජී. යසිර් අරෆත් (සොනැක් බිඩින්ග් සෙන්ටර්), රෝහිත නිරෝෂන් වෙදමුණි (ඔටෝවින් ටේ‍්‍රඩිං), කේ. එම්. යූ. අයි. බී. කුලතුංග (TDH ඉන්ටර්නැෂනල්), ආසිරි දයාන් මෙරෙංචිගේ  (වාසනා ටේ‍්‍රඩිං ලංකා පුද්ගලික සමාගම), ලක්සිරි පීරිස් (ලකී ටේ‍්‍රඩර්ස්), සමන්ත ජයවික‍්‍රම (සෙත්මා ටේ‍්‍රඩිං ලංකා), එම්. අයි. හයිදර් (රූමින් ටේ‍්‍රඩිං) සහ රාජිත ප‍්‍රසාද් (චිත‍්‍රසුමන මෝටර්ස්) යන මහත්වරුද පත්කෙරිණි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික සුහද හමුවද , "Stars on Wheels"
, නමින් එදිනම සන්ධ්‍යාවේ ෂැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජපානය, තායිලන්තය, සහ එක්සත් රාජධානිය නියෝජනය කරන විදෙස් ආරාධිත අමුත්තන් 60 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන්ද පැවැත්වුණු මෙම උත්සව අවස්ථාව සඳහා එල්.බී. ෆිනෑන්ස් (පුද්ගලික) සමාගම සහ AA Japan ආයතනය ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය සැපයූහ. තවත් ආයතන 11 ක් සෙසු අනුග‍්‍රාහකයෝ ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියහ. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘‘රථවාහන පනත් හා නීති’’ කෘතිය එළිදැක්වීමද මෙහිදී සිදුවිය. රථවාහන කර්මාන්තය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ දෙස් විදෙස් නියෝජිතයන් වෙත උපහාර සම්මානද මෙම උළෙලේදී පිරිනැමිණි. ජපානයේ භාවිතා කරන ලද වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති හිරෝෂි සාතෝ සහ SSH Japan සමාගමේ සභාපති දේශමාන්‍ය ක්ෂති‍්‍රය රාජපුත‍්‍ර වීරසිංහ යන මහත්වරුන්ද මෙහිදී ගෞරව සම්මානයට පාත‍්‍රවූහ. විශේෂ ආරාධිත අමුත්තන් ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ හිටපු රේගු අධ්‍යක්ෂ වරුන් වන චූලානන්ද පෙරේරා හා ජගත් පී. විජේවීර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
   

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.