lakbima.lk

COMPLAST ප්‍රදර්ශනය බණ්ඩාරණායක සම්ම්න්ත්‍රණ ශාලාවේදී

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය හා ඉන්දියාවේ Smart Expos & Fairs India Pvt Ltd එක්ව මෙහෙවන COMPLAST 2018ප්ලාස්ටික් ප්‍රදර්ශනයෙහි 5වන අදියරට සමගාමීව  පැවැත්වෙන ප්‍රාදේශිය දියත් කිරීම  පසුගියදා ගාල්ලේදී පැවැත්විණ. මෙම අවස්ථාව  ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ  ප්‍රධාන විධායක නිලධාරිවරුන් 50කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. COMPLAST  2018 ප්‍රදර්ශණයට සමගාමීව COMEXPO 2018  ප්‍රදර්ශනය ද පැවැත්වෙයි.

ප්‍රධාන ව්‍යාපාරයේ සිට අනිකුත් ව්‍යාපාර දක්වා වන පුළුල් දැක්මක් සහිතව සංවිධානය කෙරෙන COMPLAST 2018  ප්‍රදර්ශණය   අගෝස්තු 10වනදා සිට  12වනදා දක්වා  බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

COMPLAST Sri Lanka යනු  කොළඹදී පැවැත්වීමට නියමිත ප්ලාස්ටික් සඳහා වන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශණයකි. COMEXPO 2018නිෂ්පාදන අවශ්‍යතා සහ අලෙවි අවශ්‍යතා වැනි නිෂ්පාදන අවශ්‍යතා සඳහා     සම්පත් භාවිතය සහ  යනාදී කරුනු සම්බන්ධයෙන් වන මූල වේදිකාවකි.  ඉන්දියාව , චීනය, තායිවානය ආදී රටවල් රැසක නියෝජිතයෝ  මෙම ප්‍රදර්ශණ සඳහා සහභාගි  වන නිසා මෙම ප්‍රදර්ශන ද්විත්වයම දැනුම හුවමාරු කර ගැනීමේ වේදිකාවන් බවට පත්වනු ඇත.

 මෙහිදී  ශ්‍රීලංකාව වෙත ඔවුන්ගේ තාක්ෂණය,සහ යන්ත්‍රෝපකරණ පිළිබඳව හඳන්වාදීමක් සිදු කිරීමට නියමිත ය.  මෙම ප්‍රදර්ශන නැරඹීමෙන් මෙරට ප්ලාස්ටික් කර්මාන්තයේ නියැලෙන්නන්ට අති නවීන යන්ත්‍රෝපකරණ භාවිතය  පිළිබද ගැඹුරු  අවබෝධයක් ලැබිය හැකිය. මෙම ප්‍රදර්ශණය තුළ   ලොව රටවල් 15ක් පමණ නියෝජනය කරන ප්‍රදර්ශකයින් විසින් ප්‍රදර්ශන කුටි 150කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යනු ඇත.

COMPLAST 2018ප්ලාස්ටික් ප්‍රදර්ශනයෙහි 5වන අදියරෙහි ඇති විශේෂත්වය වන්නේ  යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳ සජීවී ආදර්ශක වැඩසටහන් 12කින් පමණ මෙම ප්‍රදර්ශනය සමන්විත වීමයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්තයේ නියුතු වූවන්ගේ ප්‍රදර්ශණ කුටි ප්‍රමාණය ද එක්වූ විට  මෙහි ප්‍රදර්ශකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකිය.මෙම ප්‍රදර්ශණය  ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, තායිවානය, එක්සත් ජනපදය, ජර්මනිය සහ වෙනත් රටවල් රැසකදී පැවැත්වීවෙනු ඇත.

ප්ලාස්ටික් කර්මාන්තය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය , පොලිමර් සහ resins, blends, alloys ,intermediaries සහ  composites ආදිය ද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර Specialty chemicals,masterbatches, additives, colorants, fillers සහ  reinforcements. Precision machinery, moulds සහ dies ආදියද ප්‍රදර්ශනය කෙරෙයි. උපකරණ පිළිබඳව සැලකීමේදී  converting equipment-printing, decorating, slitting සහ rewinding, laminating, bag සහ pouch making, testing equipment, software solutions, recycling plants සහ  training institutions ආදී උපකරණ රැසක් මෙම ප්‍රදර්ශන වලදී නැරඹීමේ හැකියාව පවතී.

COMEXPO හෙවත් සම්පූර්ණ නිෂ්පාදන ප්‍රදර්ශණයේදී  යන්ත්‍ර සූත්‍ර, ලොජිස්ටික්ස්, විදුලි ආදී වශයෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට උපකාරී වන අනිකුත් සාධක පිළිබඳව ප්‍රදර්ශණය කෙරෙනු ඇත. ලංකා ආයෝජන මණ්ඩලයේ පහසුකම් ලබන සමාගම් සහ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්  ආදී ප්ලාස්ටික් කර්මාන්තයේ නිරත සියලු සමාගම් වල උපරිම සහභාගීත්වය මෙම ප්‍රදර්ශණ කරා ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ උප සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ  ඕනෑම ක්ෂේත්‍රයක වර්ධනය සඳහා ප්‍රදර්ශන  අතිශය වැදගත් වන බවයි. ප්‍රදර්ශණ වලදී පවතින නව තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර මෙන්ම අමුද්‍රව්‍ය පිළිබඳව හඳන්වා දීම් රැසක් සිදුකෙරෙන නිසා එය පුළුල් ලෙස කර්මාන්තයේ ව්‍යාප්තිය කෙරෙහි බලපාන සාධකයක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. දැරිය හැකි මිලකට නව තාක්ෂණය සිය කර්මානය කෙරෙහි ලබාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී කර්මාන්ත කරුවන් දැනුවත් වන  බව ද ඒ මහතා පැවසීය. මෙවැනි ප්‍රදර්ශන තුළින් නව ව්‍යවසායකයින් බිහිවී නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය වන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙරට වාර්ෂික ප්ලාස්ටික් පරිභෝජනය මෙට්‍රික් ටොන් 250000ක් පමණ වන බවත් එම ප්‍රමාණය සෑම වසරකදීම 18%ත් 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවත් එම ඉල්ලුම සපුරාලීම සඳහා  දහසකට අධික කර්මාන්ත ශාලා ප්‍රමාණයක් ගෘහස්ථ සහ ජාත්‍යන්තර වෙළඳ පළ වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන බවත් ඒ අතරින් විශාල ප්‍රමාණයක් කුඩා පරිමාණ අංශයෙන් ලබාගන්නා බවත්  ඒ මහතා පෙන්වා දුන්නේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.