lakbima.lk

කැමරා 4කින් යුත් Nova 3 ප්‍රථම අලෙවිය සඳහා Huawei පාරිභෝගිකයින්ට ඇරයුම්

Huawei හි නවතම හඳුන්වාදීම වන nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. 24 MP සහ AI තාක්ෂණය සමඟ  කැමරා 4කින් යුක්තව ප්‍රථම වරට ලොවට හදුන්වා දෙන ස්මාර්ට්ෆෝනය  මෙය වෙයි. nova 3 කාණ්ඩය යටතේ හදුන්වා දෙන nova 3 සහ nova3 ස්මාර්ට්ෆෝන් ලබන අගෝස්තු 11 වන දින සිට අලෙවි කිරීමට නියමිත අතර මෙම පෙරළිකාර ස්මාර්ට්ෆෝනයේ මුල් හිමිකරුවන් අතරට එක්වන්නැයි Huawei  සමාගම සිය පාරිභෝගිකයින්ට ඇරයුම් කර සිටියි. 

 

nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් සදහා දිවයිනේ සෑම පළාතකින්ම ලැබුනු ඉහළ ඉල්ලුම හේතුවෙන් මුල්ම අලෙවිය බස්නාහිර, වයඹ, දකුණු, මධ්‍යම සහ නැගෙනහිර පළාත් වල සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ අනුව ලොව උසස්ම තාක්ෂණය සහිත nova3 ස්මාර්ට්ෆෝනය අගෝස්තු 11 වන දා සිට මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

ශ්‍රී ලංකාවේ Huawei ස්මාර්ට්ෆෝන් ප්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ඔස්සේ ලොව උසස්තම ස්මාර්ට්ෆෝන් තාක්ෂණය පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමට මෙරට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවන බවයි. ලොව නවතම සහ උසස්තම තාක්ෂණය හඳුන්වාදීමේ Huawei සංකල්පය තවදුරටත් ප්‍රකට කරමින් හඳුන්වා දෙන  nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් විප්ලවීය තාක්ෂණයෙන් යුක්ත වන බව ද හෙතෙම පැවසීය. nova3 ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා පළමු පාරිභෝගිකයින් 1000 දෙනාට විශේෂ තෑගි පාර්සල්  දහසක් පිරිනමන බවද Huawei ස්මාර්ට්ෆෝන් ප්‍රධානි  පීටර් ලියු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙහි පළමු අලෙවි අවස්ථාව ක්‍රීඩා රැසක් සහිත  තරඟකාරීත්වය සහ විනෝදය සපිරි අවස්ථාවක් වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

nova3 ස්මාර්ට්ෆෝන් මෙරට පළමු අලෙවිය Huawei විසින් උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිත අතර එම හදුන්වා දීම් මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, සහ නුගේගොඩ සිංගර් මෙගා ආදී ස්ථානවල පැවැත්වීමට නියමිත අතර  මෙම අවස්ථා සඳහා ජනප්‍රිය ගායන ශිල්පීනි රයිනි චාරුකා ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගිවීමට නියමිතය. මෙහිදී  Huawei පාරිභෝගිකයින්ට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථා රැසක් ලැබෙනු ඇත. මෙම  හඳුන්වාදීමේ අවස්ථාවට සමගාමීව  Nova3 පළමු පාරිභෝගිකයින් 1000 දෙනාට වටිනා තෑගි පාර්සල් දහසක් ද පිරිනැමීමට නියමිතය. එමෙන්ම එම හඳුන්වා දීමේ අවස්ථාවේදී පැවැත්වෙන විවිධ විනෝද ක්‍රීඩා වලට සහභාගි වීමෙන් විවිධ ක්ෂණික තෑගි  දිනාගැනීමටද අවස්ථාව සලසා තිබේ. මීට සමගාමීව මිලාගිරිය, කුරුණෑගල, කිරිබත්ගොඩ, අනුරාධපුර, පොලොන්නරුව, ගාල්ල, මහනුවර, මොණරාගල සහ ත්‍රිකුණාමලය ආදී නගරවලදී ද nova3 ප්‍රථම අලෙවිය පැවැත්වීමට නියමිත අතර එම ස්ථාන පිළිබඳ විස්තර  Huawei හි  facebook පිටුව වන HuaweimobileLK වෙත පිවිසීමෙන් දැනගත හැකිය.

තවද, මෙම අවස්ථාවලට සමාගාමීව  nova3 හි විශේෂත්වයක් වන විප්ලවීය  AI තාක්ෂණය පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රථම අලෙවි අවස්ථාවලදී  nova3 සහ nova3i ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට දිනුම් ඇදීමකට සහභාගි වීමට අවස්ථාව  හිමිවන අතර ඉන් කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ජයග්‍රාහකයින් මහා දිනුම් ඇදීමකට යොමුකෙරන අතර ඉන් ජයග්‍රහණය ලබන පාරිභෝගිකයින්ට  Huawei හි ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන්  දිනාගැනීමේ අවස්ථාව හිමිවෙයි.

Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ජුලි 17 වනදා චීනයේදී දියත් කෙරුණු අතර මේ වනවිට ඉහළ පාරිභෝගික ප්‍රතිචාර ලබමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ. nova2iස්මාර්ට්ෆෝනයෙන් පසු ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට හිමිවන සුවිශේෂි ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් ලෙස මෙම nova3 කාණ්ඩය හඳුන්වාදිය හැකිය.  ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ විප්ලවීය හඳුන්වාදීම වන සුපිරි AI තාක්ෂණය අත්හදාබැලීමට  හිමිවන අවස්ථාවද මෙහිදී  සුවිශේෂි වෙයි.

උසස්තම AI Quad Camera පද්ධතියකින් සමන්විත Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝනය  තත්වයෙන් උසස් ඡායාරූප ගැනීමේ සුවිශේෂි හැකියාවකින් යුක්ත වෙයි. සුපිරි AI තාක්ෂණය  සහිත ද්විත්ව කැමරා මඟින් තත්වයෙන් උසස් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාවෙන් යුක්ත Huawei nova3 ස්මාර්ට්ෆෝනයෙන් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේදී ඡායාරූපයේ පසුබිම හා ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයා වෙන් කර හඳුනා ගත හැකි අතර  පසුබිම හා පුද්ගලයාට  අවශ්‍ය කරන වැඩිදියුණු කිරීම් වෙන වෙනම යොදවා ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙයි. මෙම තාක්ෂණික විශේෂතාව මඟින් තත්වයෙන් උසස් සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සහතික කර තිබේ.

Huawei nova3 ස්මාර්ට්ෆෝනය සමඟ එන අනිකුත් තාක්ෂණික විශේෂතා අතර AI Beauty Algorithm, AI HDR Pro, Light Fusion technology සහ  3D Portrait Lighting ආදී විශේෂාංග අතිශයින් වැදගත් වෙයි. මෙම විශේෂතා හේතුවෙන් Huawei Nova3 ස්මාර්ට්ෆෝනය සෙල්ෆි තාක්ෂණය නව පියවරකට ඔසවා තැබූ  අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. තවද මෙම ස්මාර්ට්ෆෝනයේ ඇති   Qmoji යොදාගැනීමේ පහසුකම තවත් විශේෂත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහිදී තමාගේ මුහුණේ ඉරියව් වලට අනුව වෙනස් වන ඇනිමේෂන් යොදාගනිමින්  Gif and Video ලෙස  Save කළ හැකි අතර ඉතා පහසුවෙන් සමාජජාල ඔස්සේ  බෙදා හැරිය හැක.  මෙහි AIතාක්ෂණය නිසා හිමිවන  අනිකුත් පහසුකම් වන  AI Shopping වැනි විශේෂතා මඟින් පාරිභෝගිකයාට ඕනෑම භාණ්ඩයක් ස්කෑන්  කරගැනීම තුළින් එම භාණ්ඩය අලෙවියට ඇති අන්තර්ජාල අලෙවි සැල් මිළගණන් ආදී සියලු තොරතුරු ක්ෂණිකවම දැනගැනීමට අවස්ථාව සැලසෙයි.

තවද මෙහි ඇතුළත් වන AI Gallery පහසුකම යටතේ ලබාගන්නා ඡායාරූප ස්වයංක්‍රීව යළි තෝරා ගැනීමට පහසු ක්‍රමයට ස්ථානය, පුද්ගලයා ආදී වශයෙන් කාණ්ඩ කර ගබඩා වීමේ ක්‍රමවේදය නිසා ඡායාරූප වර්ගීකරණය ඉතා පහසු ක්‍රියාවක් බවට පත්ව තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.