lakbima.lk

ශී‍්‍ර ලංකා මහ බැංකුව ණය අනුපාත පහත දමන ලෙස ඉල්ලයි

වෙළෙදපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක් දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා කි‍්‍රයාමාර්ග ලබා ගෙන තිබියදී, බලපත‍්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ණය ලබා දීමේදී , අධික පොලී අනුපාත අය කිරීම සහ තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දීම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.

විශේෂයෙන්ම මනා ලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වා ගෙන යනු ලබන වටපිටාවක් තුළ ශී‍්‍ර ලංකාවේ මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේදී අධිකව පවතින බව පෙනී යන කරුණකි.

ඒ් අනුව, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බලපත‍්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ඉල්ලීමක් කරන ලද අතර එමගින් මූල්‍ය අංශය හරහා මුදල් ප‍්‍රතිපත්ති සම්පේ‍්‍රෂණය කඩිනම් කිරීමට සහ ඒ් අනුව බලපත‍්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබාදීමේදී අය කරන පොලී අනුපාත පහත හෙළීම මගින් මූර්ත ආර්ථිකය වෙත ණය ප‍්‍රවාහ ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

බලපත‍්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ඉතිරි කිරීමේ සහ මාස 3 ට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මත පදනම් වන අතර එයට වඩා වැඩි කාලසීමාවකින් යුතු තැන්පතු සඳහා පොලී අනුපාත දින 346 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වනු ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.