lakbima.lk

විදෙස් ආයෝජකයින් මෙරට දේපළ සංවර්ධනයට යොමුකරගැනිමේ සන්කෙන් උත්සහය සාර්ථකයි

සන්කෙන් සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන,  කොළඹ 02 බේරේ වැව ඉදිරිපස පිහිටා ඇති මනරම් කැපිටල් ට්වින් පීක්ස්හි සාඩම්බර පුරෝගාමියෝ වන සන්කෙන් සමූහ ව්‍යාපාරය , මාර්තු 30හා 31යන දෙදින සිංගප්පූරූවෙදී පැවති “SMART Investment & International Property Expo”හි දී විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට දැරූ උත්සහය සාර්ථක වේ

සන්කෙන් සමූහ ව්‍යාපාරයේ නියෝජනය තුලින් කැපිටල් ට්වින් පීක්ස් මෙන්ම , මුලු මහත් ශ්‍රි ලංකාවේම දේපළ සංවර්ධන ක්ෂේත්‍රය නියෝජනය වීම  තුලින් ශ්‍රී ලංකාවට සෘජු  විදේශ ආයෝජන ගෙනෙන  ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමට හැකි වීම සුවිශේෂී වේ.ශ්‍රී ලංකාවට අමතරව,  ආයෝජන සඳහා ඉහළ ප්‍රථිලාභ ලබා ගත හැකි  ස්ථානීය වටිනාකමකින් යුත්  දේපල ලබා ගැනීමට උනන්දුවක් දක්වන චීනය , ඉන්දුනීසියාව, ජපානය , මැලේසියාව, අරාබි එක්සත් එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය හා සිංගප්පූරුව යන රටවල ආයෝජකයින්ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

සන්කෙන් සමූහ ව්‍යාපාරයේ ආරාධනයෙන් , KPMG ශ්‍රී ලංකා හි උපදේශක ශිලුක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා  හා එහි අනාගත ප්‍රවණතා  (Sri Lanka Investment Overview – Growth Potential Going Forward)  යන මැයෙන් පැවැත්වූ සමුළුවකදීපැවසූයේ “පසුගිය දශකය තුල ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අමතරව දේපළ සංවර්ධන ක්ෂේත්‍රය තුල ද දැවැන්ත සංවර්ධනයක් ඇති වී තිබෙන බවයි.ජාතියක් වශයෙන් අප ඉතාමත් ස්ථිරසාර යටිතල ව්‍යුහයන් ගොඩනගමින්, සන්නිවේදන සබඳතා පුලුල් කරමින් සංවර්ධිත දේශයක් බවට පත්වෙමින් යන මේ කාල වකවානුව තුල දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ආයෝජන කිරීම සුදුසු වේ. මේ හරහා ඉතා කෙටි කලක් තුල ඉහළ ප්‍රාග්ධන හා කුලී පදනම යටතේ ප්‍රථිලාභ ලබා ගැනීමට  හැකි වනු නොඅනුමානය”.

මීට කිහිප දිනකට පෙර පැවති “SMART Investment & International Property Expo” හිදී 3000ට අධික අයෝජකයින් පිරිසකට හා දේපල මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පිරිසකට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති මිල දී ගැනීමට අවස්ථාවක් හා ආයෝජන අවස්ථා  ලබා ගැනීමට හැකි වින.දේශනය අවසානයේ දී ගුණවර්ධන මහතා මෙසේ සඳහන් කලේය. "මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ආයෝජකයින්ට , ශ්‍රීලංකාවේ කැපිටල් ට්වින් පීක්ස් වැනි සුපිරිතම ආයෝජන අත් දැකීමට  මනා අවස්ථාවකි . ඒ හරහා මනා තක්සේරුවකින් පසුව සාර්ථක ආයෝජනයන් සිදු  කිරීමට  ආයෝජකයින් හට ඉඩ ප්‍රස්ථා සැලසේ.”

Sanken overseas (pvt) ltd සමාගම  සන්කෙන් සමූහයේ ජාත්‍යන්තර හස්තය ලෙස මහාද්වීප 3ක් පුරා රටවල් 12ක සාර්ථකව කටයුතු කරයි .සන්කෙන් දැනට  ශ්‍රී ලංකාව වටා ඇති සුඛෝපභෝගී මහල් නිවාස කිහිපයක සාඩම්බර හිමිකරුවෙකු වන අතර දේපල සංවර්ධන ක්ෂේත්‍රයේ අනුබද්ධිත සමාගම් 17කට අධික සංඛ්‍යාවක් සමඟ සමීපව කටයුතු කරයි.

ශ්‍රී ලංකාව, දේපල සංවර්ධන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වෙළඳපොල තුල තරඟකාරී ස්ථානයක් හිමිකරගෙන ඇති බැවින් විදෙස් ආයෝජකයින්ට ඉහළ ප්‍රාග්ධන ප්‍රතිලාභ සහ කුලී බදු පදනම යටතේ  ලාබ ලබා ගැනිමට හැකි වෙමින් තිබීම දේශයක් වශයෙන් ඉතා සතුටුදායක ප්‍රවණතාවකි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.