lakbima.lk

මොබිටෙල් අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නව ස්ථානයකට

නවීන තාක්ෂණයෙන් බලගන්වා නවීකරණය කළ අනුරාධපුර මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි පිරිසකට පහසුවෙන් ළගාවිය හැකි නගරයේ කේන්ද්‍රීය ස්ථානයක්වන අංක 36, මෛත‍්‍රීපාල සේනානායක මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලදී.

WTC, Liberty Plaza, ඩුප්ලිකේෂන් පාර, කුරුණෑගල, අනුරාධපුරය, යාපනය, මඩකලපුව, රත්නපුර සහ මාතර ආදී දිවයිනේ නගර රැසක මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන පිහිටා ඇති අතර එමගින් පාරිභෝගිකයන් විශාල පිරිසකට විශිෂ්ට සේවාවක් සපයයි.

කොළඹ පිහිටි මොබිටෙල් ප‍්‍රධාන කාර්යාලීය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ආකෘතියට අතිශයින්ම සමානව අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නිර්මාණය කර ඇති අතර පැමිණෙන පාරිභෝගිකයන්ට ඒ හා සමාන අසමසම සේවාවක් ලබාදීමට මොබිටෙල් අනුරාධපුර කණ්ඩායම සැදී පැහැදී සිටී.

මෙම මධ්‍යස්ථානයේ දී මොබිටෙල් මූලිකත්වයෙන් ලබාදෙන දැනට ලෝකයේ ඇති නවීනතම තාක්ෂණ භාවිතාවන් දැක බලා ගැනීමේ සහ අත්වි`දීමේ පහසුව පාරිභෝගිකයන්ට සපයා ඇත.

ස්මාර්ට් ජීවන කලාවක් පවත්වා ගැනීමට අවශ්‍ය Internet of Things (IoT)  සංකල්පය සහිත උපාංග, විශාල පරාසයක පැතිරුණු ස්මාර්ට් ජංගම දුරකථන සහ පරිගණක ක‍්‍රීඩා සදහා වෙන්කළ ස්ථාන රැසක් මෙහි තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.