lakbima.lk

නයිටා ආයතනයට නව උපසභාපතිවරියක්

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ අභිනව නව උප සභාපතිවරිය වශයෙන් හිමාලි ජිනදාස මහත්මිය සිය ධුරයේ රාජකාරී ඇරඹීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී ගෞරව උපාධිධාරිනියක් වන හිමාලි ජිනදාස මහත්මිය ලන්ඩනයේ ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබද ආයතනයේ ජාත්‍යන්තර සබඳතා ඉතිහාසය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි.

ජාතික හා ජාත්‍යන්තර ආයතන ගණනාවක වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඇති හිමාලි ජිනදාස මහත්මිය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් කටයුතු කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උපදේශකවරියක් වශයෙන් හා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ උපදේශකවරියක් ලෙස සේවය කර ඇති ඇය ඹභෑීඣ සංවිධානය යටතේ ක‍්‍රියාත්මක විවිධ ව්‍යාපෘතිවල හා ආයතනවල උපදේශිකාවක් සහ කළමනාකාරිනියක් ලෙස ද දෙස් විදෙස් රාජ්‍යයන්හි සේවය කොට ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.