lakbima.lk


මහින්ද්‍රා බස් රථ, කුඩා වෙළෙඳ වාහන, බර වෙළෙඳ වාහන සහ අතරමැදි වෙළෙඳ වාහන සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීමට ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් සහ අයිඩියල් මෝටර්ස් පසුගියදා ගිවිසුමකට එළඹුණේය.
ඒ සඳහා වූ අවබෝධතා ගිිවිසුමට සමාගම් දෙක පසුගියදා අත්සන් තබන ලද අතර අති විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ගෙන දෙමින් සුවිශේෂී වූ නවතම ලීසිං පැකේජ අවම ලියකියවිලි යටතේ අඩුම කාලයකින් ඇසට්ලයින් ලීසිං වෙතින් ලබා ගැනීමේ අවස්ථාව අයිඩියල් මෝටර්ස්හි මහින්ද්‍රා පාරිභෝගියකයන්ට දැන් උදා වී ඇත.
විශේෂ බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ්, ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඞී පී එම් සී ඇසට්ලයින් හෝල්ඩිංග්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්හි ප‍්‍රධාන සමාගම වේ. 2003 වසරේදී ආරම්භ කරන ලද ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් අද වන විට දිවයින පුරා පිහිටි ශාඛා 52කින් යුතු ශක්තිමක් ජාලයකින් යුක්ත වේ. එසේම එම ශාඛා ජාලය හරහා ජනතාවට වඩාත් සමීපතම මූල්‍ය පහසුකම් පසයන්නා පමණක් නොව ලීසිං ඇතුළු විවිධ ණය යෝජනා ක‍්‍රම ඔස්සේ පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීමට උර දී සිටී.
අභිනවයෙන්ම හඳුන්වා දී ඇති හයිබි‍්‍රඞ් සහ ඉලෙක්ටි‍්‍රක් වාහන ලීසිං ඇතුළුව සියලූම ආකාරයේ වාහන ලීසිං පහසුකම් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් සේවා අතර ප‍්‍රමුඛවේ. එසේම එහි ණය අංශය විසින් පුද්ගලික ණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට ණය ලබා දීමේ සිට පුළුල් ක්ෂේත‍්‍රයක විහිදුණු ණය යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව වැඩ මූල්‍ය අවශ්‍යතා, අමතර කොටස් සහ නියෝජිතයන් වීමේදී අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් මෙන්ම ෆැක්ටරින් පහසුකම්ද ඇසට්ලයින් ලීසිං පාරිභෝගික සේවා අතර වේ. තවද තම විවාහ මංගල උත්සවය සඳහා, තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ගෙදර දොර උපකරණ මිලදී ගැනීම ආදී පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන්ම කැපවුණු ඇසට්ලයින් පුද්ගලික ණය ඉතාමත් පහසුවෙන් පාරිභෝගික අවශ්‍යතාවට මුල් තැන දෙමින් ලබා ගත හැකි පරිදි සැළසුම් කර ඇත. ඇසට්ලයින් ලීසිං පසුගියදා තම 15 වන සංවත්සරය සැමරූ අතර ඒ නිමිත්තෙන් සුවිශේෂී වාසි රැුසක් එහි පාරිභෝගිකයන්ට මේ දිනවල ලබා ගත හැකිය.
අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සාමාජික අයිඩියල් මෝටර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් 2009 නොවැම්බර් මස සිට ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ මෝටර් වාහන සහ අමතර කොටස් මෙරට බෙදා හැරීමේ එකම නියෝජිතයා ලෙස කටයුතු කරමින් පාරිභෝගික විශ්වාසය තහවුරු කර ඇති සමාගමකි.
මේ වන විට මහින්ද්‍රා වාහන 65,000ක් පමණ අයිඩියල් මෝටර්ස් විසින් ශ‍්‍රී ලංකාවේ අලෙවි කර ඇති අතර දශක ගණනාවක් පුරා ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන සමාගම් විසින් හිමි කර ගෙන සිටි සැහැල්ලූ ට‍්‍රක් රථ වෙළෙඳ පොළ සාර්ථක ලෙස සියයට 50කින් අත් පත් කර ගැනීමට සමත් වී ඇත.


ආනන්ද සෙනෙවිරත්න (අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී - ඇසට්ලයින් ලීසිං) සහ චමින්ද වනිගරත්න (අධ්‍යක්ෂ - ඔටෝමෝටිව් - අයිඩියල් මෝටර්ස් ගිිවිසුම හුවමාරු කර ගනිමින්)
 

Page 1 of 8

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.