lakbima.lk

මෙරට බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි  ( IIT) බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS)සුදුසුකම්ලාභී උපාධි වැඩසටහන් දියත් කරන මෙරට පළමු ආයතනය බවට පත්වෙයි.

මේ යටතේ  BCS සුදුසුකම් ලත් University of Westminster, The Chartered Institute for IT හා එක්ව IIT වෙතින් උපාධි වැඩසටහන්  හතරක්  දියත් කෙරෙයි.  මෘදුකාංග ඉංජිනේරු  BSc/BEng (Hons) , පරිගණක විද්‍යා BSc (Hons) , ව්‍යපාර තොරතුරු පද්ධති  BSc (Hons) සහ උසස් මෘදුකාංග ඉංජිනේරු  යන උපාධි වැඩසටහන් 4 මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.  මෙම සුදුසුකම්ලාභී උපාධි වැඩසටහනට අයත් ඕනෑම උපාධියක් සම්පූර්න කරන උපාධිධරයෙකු Chartered IT Professional (CITP) ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරාලනු ඇත.සාමාන්‍ය ක්‍රමවේදය අනුව මෙම වෘත්තීය සුදුසුකම සපුරාලීම  සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර මෙම උපාධි වැඩසටහන් හා සම්බන්ධ වන උපාධිධාරීන් සෘජුවම Chartered IT Professional (CITP) සුදුසකම ලබාගනියි. එමෙන්ම මෙම උපාධිධාරීන්ට BCS  (MBCS) වෘත්තීය සමාජිකත්වය ද හිමිවෙයි. තවද මීට අමතරව පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු උපාධි ලබාගන්නා උපාධිධාරීන්ට  Chartered or Incorporated Engineer (CEng or IEng) සුදුසුකම ද හිමිවෙයි.

තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුගේ උසස් අධ්‍යාපන සුදුසුකමක් වන  බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS) උපාධිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ උසස්තම සුදුසුකමකි. සිසුන්ගේ තත්වය සහ සේවායෝජකයින්ගේ උසස් තත්වය පෙන්නුම් කෙරෙන දර්ශකයක් ලෙස හැඳින්විය හැකි මෙම උපාධි සුදුසුකම පිරිනමන ආයතනයේ ස්වාධිනත්වය අනුව ද එහි වටිනාකම තක්සේරු වෙයි. මාස කිහිපයක් පුරා සිදුකළ සොයාබැලීම් වලින් පසු  IIT වෙත මෙම සුදුසුකම් ලාභී උපාධි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අවස්ථාව හිමිවී ඇති අතර එහිදී එම උපාධි වැඩසටහන ක්‍රියාත්මක කරන ආයතනයේ විස්තර, සම්පත්, ගුරු උපකරණ, පාඨමාලා වැඩකටයුතු ආදිය සම්බන්ධයෙන්  සොයා බැලීමෙන් සහ එම අදාල ආයතනයේ ආචාර්යවරුන් සහ සිසුන් අතර පවත්වන නිදහස් සම්මුඛ සාකච්ඡා කිහිපයක්ද පවත්වනු ලබයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වරලත් ආයතනය වන BCS තොරතුරු සමාජයක් බිහිකිරීම සඳහා ක්‍රියාත්මක වන්නකි.  මෙම ආයතනය විසින් වසර ගණනාවක් තිස්සේ උසස් තොරතුරු තාක්ෂණ විද්‍යාවක් සහ භාවිතාවක් තුළින් ඇතිවූ සමාජයීය ආර්ථික ප්‍රගතිය ප්‍රවර්ධනය කරයි. එමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ විවිධ පාඨමාලා, පුහුණ වැඩසටහන්, විභාග, සහ සහතික කිරීමේ පද්ධති යනාදිය පවත්වාගෙන යමින් ජනතාවට, ව්‍යාපාරවලට සහ සමාජයට ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කර ගැනීමට උපකාරී වෙයි.

මෙම සුදුසුකම ලබාගැනීම පිළිබඳව අදහස් දැක්වූ   IIT හි පීඨාධිපතිනී  නියෝමී ක්‍රීෂ්ණරාජා  සඳහන් කළේ බ්‍රිතන්‍ය පරිගණක සමාජයේ උපාධි වැඩසටහන් දියත් කිරීමට අවස්ථාව හිමිවීම තම ආයතනය ලද සුවිශේෂී අවස්ථාවක් වන බවයි. මෙමගින්  IIT වෙතින් පිරිනමන උපාධි වැඩසටහන් වල උසස් ගුණාත්මක භාවය තවදුරටත් අවධාරණය කර ඇති බව පෙන්වා දුන් ඇය කියා සිටියේ  BCS පිළිබඳව ඇති උසස් පිළිගැනීම නිසාම මෙම උපාධිධාරීන්  ක්ෂේත්‍රය තුළ සමාජය තුළ ඉහළ පිළිගැනීමට ලක්වන බවයි.

වර්ෂ 1990 දී පිහිටුවන ලද IIT ආයතනය ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ අංශ පිළිබඳව පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමීම සඳහා මෙරට පිහිටවූ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. University of Westminster (UOW) - UK සහ Robert Gordon University - UK යන විශ්ව විද්‍යාල සඳහා පශ්චාත් උපාධි සහ උපාධි පිරිනැමීම  සඳහා මෙරට සම්මාන දිනූ ආයතනයකි.  වසරින් වසර මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කුසලතා පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින්  මෙරට තොරතුරු තාක්ෂණයේ වර්ධනය සඳහා IITසිදුකර ඇති මෙහෙවර අති මහත් ය.පෞද්ගලික සහ රාජ්‍ය  මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන්  මෙම විද්වතුන් සාර්ථක ඉංජිනේරුවරුන් සහ ව්‍යවසායකයින් බවට පත්වී සිය සේවය ලබාදෙමින් සිටියි.ලෝකය පුරා විවිධ ආයතන 250 කට අධික ප්‍රමාණයක්  සඳහා උපාධිධාරීන් විශාල පිරිසක් බිහිකිරීමට මේ වනවිට IIT සමත්වී තිබේ.

  1. DIMO ඩිජිටල් ව්‍යාපාරකරණයේ ප්‍රථම ව්‍යාපෘතිය "Pick my load" දියත් කරයි
  2. Huawei Y Series ශ්‍රී ලංකාවේ වාර්තාගත අලෙවියක්
  3. පන්නිපිටිය රෝහලෙන් ක්‍රෙඩිට් කාඞ් පත් සඳහා සුවිශේෂී ප‍්‍රතිලාභ
  4. කමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් අගෝස්තු 5 වනදා පැවැත්වීමට සූදානම්
  5. මුල් වරට පැවැත්වූ SLASSCOM නව නිපැයුම් සම්මාන 2018 අති සාර්ථක අන්දමින් නිමවෙයි
  6. යාල එළිෆන්ට් රීච් හෝටලයෙන් 50ක දැවැන්ත වට්ටමක්
  7. ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් අභිමානවත් 15 වන සංවත්සරය සමරයි
  8. උස්වත්ත සිය නවතම බිස්කට් කර්මාන්ත ශාලාව මිල්ලනියේදී විවෘත කරයි
  9. ටාටා වාහන සහ ඩිමෝ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ඩීමෝ සහ HNB අත්වැල්
  10. නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  11. පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි
  12. BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී ලංකාවේදී
  13. HUAWEI ලොව ප්‍රකට Forbes ශ්‍රේණිගත කිරීම් වල ඉහළට
  14. 2018 පළමු කාර්තුවේදී සෙලාන් බැංකුව 21%ක වාර්ෂික ලාභ වර්ධනයක් වාර්තා කරයි
  15. ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් සේවා පුළුල් කිරීමට ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් සහයෝගය
  16. LB Big Wheels රථවාහන දැක්ම 2018 කොළඹදී
  17. ලංකා හොස්පිට්ල්ස් පිරිමි සුවතා මධ්‍යස්ථානයක් විවෘත කරයි
  18. ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත පිරිනැමෙයි
  19. චීනය ලංකාවේ විශාලතම වෙළෙඳ ප‍්‍රදර්ශනයට සැරසෙයි
  20. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුවිශේෂී වට්ටම්
  21. ත්‍රිත්ව කැමරා පහසුකම් සහ AI තාක්ෂණය යුත් Huawei P20 Pro දැන් ලංකාවේ
  22. HUTCH Champion’s Challenge හිදී අලෙවි විශිෂ්ටයින් ඇගයීමට ලක්වෙයි
  23. හොඳම Dell භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස සිංගර් අභිෂේක ලබයි
  24. අනුරාධපුර කුටුම්භයෙන් සියයට පනහක දැවැන්ත වට්ටමක්
  25. ලෑන්ඩ්මාක් ඩිවෙලොපර්ස් විසින් “Nano Homes” ඉදිකිරීම් අරඹයි

Page 1 of 95

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.