lakbima.lk

ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහ විහාරාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම කීර්ති ශ්‍රී භාෂාන්තර විශාරද රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්දාභිධාන ජර්මනියේ සමථ බල සම්පන්න ප්‍රධාන සංඝ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර සම්බෝධි විහාරස්ථ කඨින මහා පූජෝත්සවය පසුගිය 27 වැනි සෙනසුරාදා දවස පුරාම බර්ලින් නුවර එස්.ඕ.එස්. ළමා ගම්මානයේදී පැවැත්විණ. රඹුක්වැල්ලේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් බුදුදහම සහ භාවනාව ඉගෙනගෙන බෞද්ධයකු බවට පත් වූ එලිසබෙත් හින්ස ජර්මන් ජාතික මහත්මිය මෙවර සම්බෝධි විහාරස්ථ කඨින චිවරය භාරගෙන කටයුතු කළාය.


ජර්මන් ජාතික අචාර්ය වින්ෆ්‍රිඩ් ලීබ්රිශ් මහතා විසින් සධාතුක ධාතු කරඬුව වැඩම කරවීය.ජර්මනියේ ඩාලවිට්ස් ප්‍රාන්තයේ ධම්මකාය බෞද්ධ විහාරාධිපති ප්‍රා මොන්චායි තායි හිමියන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් අනුශාසනාවක් පැවැත්වූ අතර ඉතාලියේ මිලානෝ බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත මහගම විපුලසිරි හිමිල වැවුරුකන්නල බුදුරජ රජමහා විහාරවාසි ශාස්ත්‍රපති  දික්වැල්ලේ සීලසුමන හිමිල හැම්බර්ග් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති තල්පාවිල කුසලඥාන යන හිමිවරු අනුශාසනා පැවැත්වුහ.

මෙම කඨින පුජෝත්සවයට ග්‍රීසියේ ඇතන්ස් නුවර බෞද්ධ මධ්‍යස්ථානාධිපති යුරෝපයේ ජේෂ්ඨ සංඝපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති එළුවාපොළ ප්‍රඥාරතන නාහිමි, ලන්ඩන් නුවර අතුලදස්සන විහාරවාසී හෝමාගම කොණ්ඩඥ හිමි, ගම්පහ විද්‍යාවංශ පිරිවෙනේ අචාර්ය  බෝගහපිටියේ ධර්ම ශ්‍රී ඥාන හිමි, මියුනිච් බෞද්ධ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කන්නිමහර පියසිරි හිමි, ඉතාලියේ ජෙනෝවා සම්බුදු විහාරාධිපති ශාස්ත්‍රවේදී මහඋස්වැවේ ඥානතිලක හිමිල ඉතාලියේ වෙරෝනා මහා විහාරවාසී විද්‍යාවේදී පූජාපිටියේ සන්තුසිත හිමිල ඩාලවිට්ස් ධම්මකාය විහාරාධිපති ප්‍රා මොන්චායිල ප්‍රා චුන්ග්හාට්ල ප්‍රා පුට්ටි පුම්ල ඉතාලි ජාතික ධම්මමුනින්දල සහ ජර්මන් ජාතික සන්තුට්ඨෝ යන හිමිවරු පුජෝත්සවයට වැඩම කළහ.


ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, එම මහත්මිය ජර්මන් ජාතිකයන්ගේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය රයිනර් නොවාක් ඇතුළු සිංහල, ජර්මන් විශාල පිරිසක් මෙම කඨින පුජෝත්සවයට සහභාගී වූ අතර තායි, වියට්නාම්, අරාබි, ඉරාන සහ තුර්කි ජාතිකයන් කිහිප දෙනෙකුද මෙම පින්කමට සහභාගී විය. ජර්මන් ජාතිකයන් මූලිකත්වය ගෙන සිදු කළ මෙම කඨින බර්ලින්නුවර ශ්‍රී ලාංකික බෞද්ධ අනගි සහයෝගයක් ලබා දුන්හ. ජර්මන් ජාතිකයන් ප්‍රථම වතාවට කඨින පින්කමක් සිදු කිරීමත්ල ජර්මනියේ පින්කමකට මෙතරම් මහා සංඝ රත්නය පිරිසක් වැඩම කිරීමත් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය වීම සුවිශේසී විය. 

Page 5 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.