lakbima.lk

ස්විට්සර්ලන්තයේ සෙන්ගාලන් හි ශ්‍රී  ලංකා මහා විහාරයේ  වාර්ෂික කඨින පුජෝත්සවය  විහාරාධිපති ලේඬියංගල සුදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණ.

මෙම පින්කමට ජර්මනියේ  ප්‍රධාන  අධිකරණ  සංඝනායක ආචාර්ය  රත්මලේ පුඤ්ඤරතන  නාහිමි,ප්‍රංශයේ  සමාධි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමිඑම විහාරයේ කිරින්දේ ධම්මාලෝක හිමි, ජර්මනියේ  මියුනිච් විහාරයේ  කන්නිමහර පියසිරි හිමි, ඉතාලියේ නාපෝලි විහාරාධිපති පනංගල වජිරඥාන  හිමි, මගලේගොඩ නිකේතනාරාමාධිපති බලබෝවේ ධම්මකිත්ති  හිමි,ගලගෙදර අමරරතන හිමි, හේනේගම සෝභිත හිමි, වෙලගෙදර සුමනජෝති හිමි,මහදමනේ ජනානන්ද හිමියෝ සහභාගි වුහ.

ස්විස්හි නාලක විජේසිංහ  හා ශර්මිලා අබේසේකර මහත්මිය යුවල ඇතුළු දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් හා තක්ෂිලා නයනානි අබේසිංහ, ප්‍රියන්ති මූන්, විනිතා පතිරණ ගේ සෙසු දායකත්වයෙන් මෙම පින්කම පැවැත්වු බව විහාරාධිපති  ලේඬියංගල  සුදස්සි හිමියෝ පැවසුහ.

Page 2 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.