lakbima.lk

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමින් මෙවරත් වෛද්‍ය ශිෂ්‍යාධාර

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ජේතවනාරාමාධිපති පූජ්‍යපාද මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ විසින් 1990 වර්ෂයේ දී ආරම්භ කරන ලද, අඩු ආදායම් ලාභී පවුල්වල වෛද්‍ය ශිෂ්‍යයන් හට ශිෂ්‍යාධාර ලබාදීමේ සත් ක්‍රියාව පසුගිය දෙසැම්බර් මස 02 වන දින කොළඹ 01, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පවත්වන ලද්දේ 28 වන වරටය. 

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්ව අධ්‍යාපනය ලබන, මුල්‍ය දුෂ්කරතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්  විසින් කරන ඉල්ලීම් සලකා බලා ඒ අතුරින් 27 දෙනෙකු 2019 වර්ෂය සඳහා නවක ශිෂ්‍යත්ව ලාභීන් ලෙස සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගැණින. එම පිරිස ද සමග 2019 වසර සඳහා 150 ට අධික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට මසකට රුපියල් 3000.00 බැගින් ශිෂ්‍යාධාර ලබාදීමට නියමිතය.

මීට අමතරව පහ වසර ශිෂ්‍යත්වය සමත් දිළිඳු දරුවන් 12 දෙනෙක්, දිවිපිදූ රණවිරු පවුල්වල දරුවන් නවදෙනෙක් හා විවිධ හේතූන් නිසා මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙක් සඳහා ද ඤාණිස්සර නාහිමි පදනම මගින් මාසිකව ශිෂ්‍යාධාර පිරිනැමේ.

මේ වන විට නාහිමියන් අතින් ශිෂ්‍යාධාර ලබා ඇති වෛද්‍ය ශිෂ්‍ය ප්‍රමාණය 600 කට අධිකය. ඒ අතුරින් බොහෝ පිරිසක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයේ නිරතව සිටිති. විශේෂඥ වෛද්‍යවරු ද ඒ අතර වෙති.

එදින එම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත, ප්‍රංශයේ නීස් බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාපලගම ජිනානන්ද, ඤාණිස්සර නාහිමි පදනමේ ගරු ලේකම් කිරින්දේ පේමසිරි යන හිමිවරු ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නිලන්ත පී දිසානායක, කොළඹ ජාතික රෝහලේ ආඝාත ඒකකයේ උපදේශන නිලධාරිනී රේනු ශිරෝමාලා කුරුණාමුනි, තමරා දුනුසිංහ, සුහරිතා විශ්මනී විතාන යන මහත්ම මහත්මීහු සහ ශිෂ්‍යත්වලාභීන්ගේ දෙමව්පියෝ ද සහභාගි වූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.