lakbima.lk

විපතට නොව උපතට බිය වන්න

මනුස්ස ජීවිතයෙහි සේම තිරිසන් ආදී අනෙක් සත්වයන්ගේද ‍පොදු ස්වභාවය වන්නේ මරණයෙන් තැති ගැනීමයි. මරණයට පත් වීම තරම් වේදනාවක් ජීවිතයෙහි තවත් නොමැත. රෝගි වූ විට ඖෂධ මගින් සුවපත් වීමට අවකාශය ඇත. වියපත් වන විට ජිවිතය තව කෙටි කලක් හෝ පවත්වාගෙන යත හැකිය යනාදී ලෙස උපකල්පනය කරමින් යම් තරමින් හෝ සැනසීමක්  ලැබිමට හැකියාව ඇත. එහෙත් මරණය එසේ පාලනය කිරීමට හෝ වැළැක්වීමට හැකියාව නැත. “මරණං හි දුක්ඛං” ලෙස බුදුන් වහන්සේ මරණය නිසා ඇතිවන  වේදනාව පහදා දී ඇත. සැබවින්ම බිය විය යුත්තේ මරණයට නොව උපත ලැබිම පිළිබඳවය. මනුෂ්‍යය, තිරිසන්, බ්‍රහ්ම, දේව, ප්‍රේත, නිරය ආදි තැන්හි උපත ලැබිමෙන් අනේක ප්‍රකාර වේදනාවන් භාජනය කිරීමට සිදුවේ. එබැවින් ජාතියම දුකකි.
ජාතිය යනු මෙලොවට බිහි වීම නොව ප්‍රතිසන්ධිය ලබා ගැනීමයි. අප අපගේ ජන්ම දිනය ලෙස සලකන්නේ ප්‍රතිසන්ධිය ලැබූ දිනය නොව මෙලොවට බිහි වූ දිනයයි. සම්මුති ලොවෙහි එය නිවැරදිය. එහෙත් ප්‍රතිසන්ධිය  ලැබූ දා පටන් මවු කුසෙහි ඇතිවන වේදනා රාශියකි. අපවිත්‍ර වූ දෑ බහුලව පවත්නා කුසෙහි කලුවර කාමරයක ජීවත් වන ලෙසින් අත් පා හැකිළීම් දිග හැරීම් වලින් තොරව දසමසක් හෝ එයට ආසන්න කාලයක් ජීවත් වීමට සිදුවේ. මෙලොවට බිහි වන විටත් මහා වේදනා විඳිමින් බිහිවේ.
එපමණක් නොව සසර ගමන් කිරීමට හේතුවන පාපයන් තණ්හාවන්, ද්වේශයන් ඇති වීමටද බලපාන්නේ උපතයි. එබැවින්  විපත බිය වුවනින් තොර කර ගැනීමට උපතටහේතු වන අවිද්‍යාදි හේතු පල ධර්මතා වනසා දැමීමට වීර්ය වැඩීම අවශ්‍යවේ.

ශාස්ත්‍රපති සගම අනෝමදස්සි හිමි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.