lakbima.lk

සිම්සන් වනයේ සවාරියක්

'දෙසැම්බර් පාසල් නිවාඩුවට අපි මෙදා සැරේ කොහේද යන්නේ' මේ විදයට සමහරු දැන් කල්පනා කරනවා.

'අගෝස්තු නිවාඩුවටත් ළමයි ටික කොහේවත් එක්කරගෙන යන්න බැරිවුණා. පුංචි වෙනසකටත්  වගේ අපි මෙදා සැරේ  ලස්සන තැනක නවතිමු' මේ විදියට තමන්ගේ   ස්වාමි පුරුෂයන්ට රහසින් මුමුණන බිරින්දෑවරු අනන්තවත් මේ කාලය තුළදී අපිට හමුවෙනවා. හැමදාම  ඒකාකාරීව ගලායන ජීවිතයට  'වෙනසක්'  කියන්නෙත් ඉතා වැදගත් උත්තේජනයක්. ඒත් මේ වෙනසහරි විදියට තමන්ගේ පවුලත් සමග ලබා ගන්නේ කොහොමද කියන එක තමයි දැන් බොහෝ දෙනෙකුට  තියෙන ප්‍රශ්නය. වන්නේ.  සෑම සතියකම 'රැජින'ත් සමග ආදරයෙන් බැඳෙන ඔබ වෙනුවෙන් මේ කියන 'වෙනස' අර්ථාන්විතව සහ විනෝදයෙන් ගත කළ හැකි සොඳුරු ඉසව් සහ සොඳුරු  තැන් පිළිබඳවයි අද පටන් අපි  ඔබට කියන්නට යන්නේ.

'මේ ළමයා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ ලියනවා. ගහක් කොළක  නමක් තියා ඇළේ දොළේ ජීවත්වන සතෙකුගේ නමක්වත් දන්නේ නෑ. ළමයින්ටත් ඉගෙන ගන්න යමක් තියෙන තැනක  නවතින්න තියෙනවා නම් කොයිතරම් හොඳද?'

මේ විදියට හිතන පතන දෙමාපියන්ට යන්නට හොඳ තැනක් වගේම අධ්‍යාපන චාරිකාවක් විදියටත් ගත හැකි තැනක් ගැනයි මේ හෝඩුවාව.

'නුවර' කියන්නේ ලංකාවේ වැඩිම සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශය කිව්වෝත් එය වැරදි නැහැ. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වැඩසිටින දළඳා මාලිගාව නිසා  මහනුවර ප්‍රදේශය පිළිබඳව කොයි කාගේත් සිත් තුළ ඇත්තේ බොහෝ ගෞරවපූර්වක  භක්තියක්. මේ නිසාම දළඳා මාලිගාවත් වැඳලා පේරාදෙනිය මල්වත්තේ ඇවිදින්න  එන පවුල් විශාල පිරිසක් නිවාඩු කාලය තුළදී අපිට හමුවෙනවා. පේරාදෙනිය උද්භිත උද්‍යානය කියන්නේත් පාසල් යන දරුවන් විසින් වෙනම අධ්‍යායනය කළ යුතු තැනක්. එය පැයකින් දෙකකින් බලා අහවර කළ හැකි තැනක් නොවෙයි. ඒත් නුවර, නුවරඑළිය පැත්තේ යන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මිලත් අඩු  බලන්නටත් බොහෝ දේ තිබෙන ලස්සන පරිසරයක දවසක් දෙකක් නැවතිලා  මේ කියන පරිසරයේ තිබෙන සුන්දරත්වයත්  වගේම අධ්‍යාපනික දැනුමක් උකහා ගන්න එක. අන්න ඒසඳහා හරිම ලස්සන අපූරු නවාතැන්‍පොළක් අපට සොයා ගන්නට ලැබුණා.

සිම්සන් වනාන්තරය කියන්නේ හුන්නස්ගිරි කඳුපන්තියේ ඉඳලා වතතේගම, ඇල්කඩුව පාර දක්වා විහිදුණු කුඩා උප වනාන්තරයක්. මුහුදු මට්ටමේ සිට අඩි 3900ක් තරම් උසින් පිහිටි මේ වනාන්තරය මීනවත්ත වතුයායට යාබදවයි පිහිටා තිබෙන්නේ. ත්‍රිකෝණාකාර හැඩයකින්  යුත් මේ වනාන්තරය මේ විදියට ආරක්ෂා කරලා තියෙන්නේ අතීතයේ හිටපු ඊ.සිම්සන් කියන වතුපාලකවරයාය.

හුන්නස්ගිරිය සහ මීනවත්ත කඳු වළල්ලෙන් වටවුණු වත්තේගම ප්‍රදේශයේ අක්කර 8.5ක් පුරා විහිදුණු කඳු වැටියක් මත ළඟදී අපූරු නවාතැනක් විවෘත වුණා. පෙර කී වතුපාලකවරයාට උපහාරයක් ලෙසින් මේ අපූරු නවාතැන නම්කර තිබෙන්නේ Simpson's Forest Hotel නමිනි.

මේ වගේ  නවාතැනක් ගැන අපි අද ඔබට කියන්නට තෝරා ගත්තේ ඔබ ජීවිතයේ සොයන 'වෙනස' ඔබ හිතුවාටත් වඩා හොඳින් එහිදී ලබා ගන්නට හැකි නිසාය. විශාල තේවත්තක්ද මේ භූමියේ පිහිටා තිබෙන  නිසා සජීවීම තේ දලු නෙළන්නන් සිය දහස් ගණනක් වූ ඖෂධීය ශාක වර්ග  සහ කුළුබඩු ශාක වර්ග හඳුනාගන්නටත් මෙහිදී අවස්ථාව උදාවෙනවා. ඒ විතරක් නමෛයි  කඳු නඟින්න ප්‍රිය කරන අයට මෙය නම් කියාපු ස්ථානයක්.  ස්වභාවික දිය පහරවල්. ශ්‍රී ලංකාවට ආවේණික  කුරුළු වර්ග ආදී බොහෝ දේ ඔබට  මෙබඳු පරිසරයක නවාතැන් ගතහොත් දැක බලා ගත හැකියි. තරු පන්තියේ හෝලටයක ඇති  සියලුම පහසුකම් මේ හෝටල් සංකීර්ණයේ තිබුණත් ඒ සියල්ලටම වඩා උස් කඳුවැටිය  මීදුමෙන් වැසෙන සුන්දරත්වය  සිත්සේ විඳින්නට හැකියාව ලැබිමයි මේ නවාතැනේ සහ භූමියේ ඇති විශේෂත්වය වන්නේ. ඒ වගේම  සෙම්බුවත්ත, නකල්ස්, හුළුගල, බඹරැල්ල, අලගල්ල, හුන්නස්‍පෝල් වැනි තවත් සුන්දර ස්ථාන රැසකටම මෙහි සිට ඉතා කෙටි වෙලාවකින් ළඟා වීමට හැකිවීමත් සංචාරකයන්ට ලැබෙන තවත් වාසියක්. මධුසමය බලා පිටත්ව යාමට බලා සිටින  තරුණ යුවළවලටත් ඉතා කදිම මෙබඳු ස්ථාන පිළිබඳ අපි ඉදිරියේදී තවත් කියන්නට බලා‍පොරොත්තු වෙනවා. ඔබ තනියම ගියත්, කණ්ඩායම් වශයෙන් ගියත් දරුපවුල් වශයෙන් ගියත් මේවගේ සොඳුරු තැනක් සොයාගෙන සංචාරයේ අරමුණු සපුරා ගන්නට උත්සාහ කළහොත් ගතේ වෙහෙස වගේම අධ්‍යාපනික වශයෙනුත් විශාල දැනුම් සම්භාරයක් උකහා ගන්නට   ඔබට හැකියාව ලැබෙනවා.

ගීත් ගුණසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.