lakbima.lk

 
 හිමාලිට ආයෙමත් මනාලියක් වෙන්න හිතුණේ ඇයි?
 
ඇත්තම කීවොත් මම නැවත වතාවක් මනාලියක් වුණේ නැහැ. මංගල ඇඳුමින් සැරසිලා ෆොටෝ ෂූට් එකකට පෙනී සිටියා විතරයි.
 
 ඇයි මංගල ඇඳුමින්ම සැරසිලා ඡායාරූප ගන්න හිතුණේ?
 
ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පසුගිය ජනවාරි මාසයට අපි විවාහ වෙලා අවුරුදු දොළහක් සම්පූර්ණ වුණා. ඒ නිසා මමයි, මගේ මහත්තයයි තීරණය කළා කාලෙකට පස්සේ මේ වගේ වෙනස් ෆොටෝ ෂූට් එකකුත් කරලා ඒ සතුට සමරන්න.
 
 ඇයි ඒ සතුට සමරන්න ටිකක් ප්‍රමාද වුණේ?
 
පුතා ලැබුණට පස්සේ මම ටිකක් මහත් වෙලයි හිටියේ. ඒ නිසා මනාලියක් විදිහට සැරසුණොත් මාව කැතට පෙනෙයිදෝ කියලා මට හිතුණා. ඒ හේතුව නිසයි මේ කටයුත්ත ටිකක් ප්‍රමාද කරන්න හිතුවේ.
 

 විවාහ සංවත්සරයේ සතුට සමරද්දී පුතාවත් අමතක කළේ නැහැ නේද?
 
අනේ ඔව්. පුතා මේ ඡායාරූපවලට පෙනී හිටපු එක තමයි ලොකුම විශේෂත්වය. පුතාට දැන් මාස දහයයි. අපි කවදාවත් මීට කලින් පුතාගේ ඡායාරූප මේ විදිහට ප්‍රසිද්ධ කරලා නැහැ.
 
 පුතාගේ උපතත් එක්කම හිමාලි රඟපෑමට සමු දුන්නාද?
 
එහෙම දෙයක් නෑ. ඒත් පුතා තවම ‍පොඩි නිසා මම එයා එක්කම ඉන්න ඕනෑ. ඒ හින්දා මම හිතාගෙන ඉන්නේ පුතාට අවුරුදු දෙකක්වත් වනතුරු රංගන කටයුතුවලට දායක නොවෙන්නයි. අනික පුතා වෙනුවෙන් කැප කිරීමක් කරලා හරි රඟපාන්න ඕන විදිහේ කිසිම නිර්මාණයකට මට ළඟදී ආරාධනා ලැබුණේ නැහැ.
 
 ඔබේ නර්තන කණ්ඩායමට මොකද වුණේ?
 
පුතා ලැබෙන්න ඉන්න කාලෙම මම තීරණය කළා නර්තන කණ්ඩායමේ වැඩ කටයුතුවලින් ඈත්වෙන්න ඕන කියලා. මොකද, පුතාගේ වැඩත් එක්ක නර්තන කණ්ඩායමේ වැඩ කටයුතුවලට කාලයක් යනතුරු සම්බන්ධ වෙන්න මට බැරිවෙන නිසා. 
 
ඒත් “සෙන්ෂේසන්” කියන මගේ නර්තන කණ්ඩායමේ නම අහද්දීම බොහෝ අය බලා‍පොරොත්තු වෙනවා මම නර්තන කණ්ඩායමේ ඉන්නම ඕනෑ කියලා. ප්‍රසංගයකට ආරාධනා කළත් “අ‍පෝ... හිමාලි නැත්නම් වැඩක් නෑ” කියලයි සමහරු කියන්නේ. ඒ හින්දා මම හිතුවා නර්තන කණ්ඩායමේ නමත් රැකගෙන එය නවත්වා දැමීම හොඳයි කියලා.
 

ඔබේ තීරණය නිසා නර්තන කණ්ඩායමේ ශිල්පිනියන්ට අසාධාරණයක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?
 
එහෙම කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. ඒ සමහරු තමන්ගේම කියලා නර්තන කණ්ඩායම් පිහිටුවා ගත්තා. තවත් සමහරු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුරේ තමයි නර්තන කටයුතුවලට එක්වුණේ. ඒ හැමෝම මා එක්ක අදටත් බොහොම සුහදයි.
 
කිෂාන් කනංකෙ
 
ඡායාරූප - මංජුල පෙරේරා
  1. සමහරු මගේ හීනය බොඳ කර දමන්න උත්සහ කරනවා
  2. සිරසට මටත් 25යි
  3. මුහුණු‍පොතේ ඉඳන් මාව නොමරා මරනවා
  4. ඇඟේ හැඩ වෙනුවට මම පෙන්නුවේ කැත
  5. උපරිම දක්ෂතා පෙන්නුවත් SMS මනාප දිනාගන්න මට බැරි වුණා
  6. හිත ගියපු කෙනෙක් තවම හමුවුවෙලා නැහැ
  7. අවුරුදු ගණනක් කල් ඇරලා කැමැත්ත දුන්නා විවාහ වෙද්දී බාධක රැසක් ආවා
  8. විදෙස් ගතව සිටියදී ගීතය ගැයූ අය ගැන ගීතයේ අයිතිකරුවා කියුදේ
  9. අපි දෙන්නා ළං කළේ භාවනා කරපු සෙනසුනයි
  10. ලිට්ල් ස්ටාර් පුංචි තරුවට ඇන්ජලින් ගුණතිලක දුන් සුපිරි තෑග්ග මොකක්ද?
  11. නම නොදා රෝහණ වීජේවීරගේ චිත්‍රය ඇඳපු මහින්ද පතිරගේ අල්ලයි වලිගේ යැයි කියයි
  12. ඩෙන්සිල් නුගේගොඩ සංගීත කණ්ඩායම් එකතු කරගෙන කරන්න යන දේ
  13. දැකල පුරුදු කෙනෙක් නිසා බිමල් ජීවිතය වෙනස් කර ගනීවිද?
  14. ජෝතිපාලව වෙනස් මගකට යොමු කළ තිස්ස ඩයස්
  15. පුංචි සමනළයා පියඹා යන්නටත් කලින් වෙඩි තබා මරා දැමුවේ ඇයි?

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.