lakbima.lk

මුහුණු ‍පොත නිසා අපේ රටේ ජනප්‍රිය කලාකරුවන්ට අත් විඳින්නට සිදුවන විවිධාකාර ගැටලු පිළිබඳව මුහුණු ‍පොතේ පෙරළුනු ‍පොත් විශේෂාංගය හරහා අපි සතිපතා ඔබ වෙත තොරතුරු ගෙන එනවා. පසුගිය අප්‍රේල් 28 වැනිදා එම විශේෂාංග සඳහා එක්වූ ජනප්‍රිය සම්මානනීය නිළි නිල්මිණි තෙන්නකෝන් සම්බන්ධ ලිපියක් පුවත්පතේ පළවීමෙන් පසු ඇය තවත් අකරතැබ්බයකට මුහුණ දී සිටිනවා.
 
රිද්ම අතිරේකයේ පළ වූ එම ලිපිය අනවසරයෙන් උපුටා ගත් වෙබ් අඩවි කිහිපයක් විසින් ලිපියට කිසිදු අදාළත්වයක් නැති ශීර්ෂපාඨ යොදා ඔවුන්ගේ වෙබ් අඩවි ජනප්‍රිය කරගැනීමේ උත්සාහයක නියැලීම නිසයි නිල්මිණිට මේ ලෙස දැඩි සිත් තැවුලක් ඇති වී තිබෙන්නේ.
 
 

ඇය ඒ පිළිබඳ අප වෙත දන්වා සිටි අවස්ථාවේදී යළිත් වරක් නිල්මිණිගේ හඬ රිද්ම හරහා ගෙන ඒමට අප තීරණය කළේ ඇයට කිසියම් අසාධාරණයක් වී ඇත්නම් එයට සාධාරණයක් ඉටුකිරීමත්, වැරදිකාර පාර්ශ්වයන් දැනුවත් කිරීමත් අපගේ යුතුකමක් ලෙස සලකාගෙනයි.
 
නිල්මිණි මොකක්ද මේ ප්‍රශ්නය?
 
මම රිද්ම පත්තරේට දීපු ඉන්ටර්විව් එක ගොසිප් වෙබ්  අඩවි කීපයකම පළකරලා. සමහර වෙබ්  අඩවිවල පළකරලා තියෙන්නේ එහි හෙඩිමත් වෙනස් කරලා වෙනත් අදහසක් මතුවන විදිහටයි. කොහොම හරි ඒ පළකිරීම් යටින් බොහෝදෙනා Comment දාලා. ඒ Comment  නිසා මගේ හිත තදින්ම රිදුණා.
 
 
රිද්ම අතිරේකයේ පළවන ලිපි ගොසිප් වෙබ්  අඩවිවල පළකිරීම නිරතුරුවම සිදුවෙනවා. ඔවුන් එය කරන්නේ අපගේ කිසිදු අවසරයකින් තොරවයි. එසේ නොකරන ලෙස ඉල්ලා සිටියත් ටික දවසකට නිහඬ වී ඔවුන් ඒ හොරකම යළිත් කරනවා. බොහෝ කලාකරුවන් මේ බව දන්නේ නැහැ. ඔවුන් අප ගැනත් වැරදි වැටහීමක් ඇති කරගන්නවා.
 
සහතික ඇත්ත. රිද්ම පුවත්පතේ පළවූ ලිපියේ කිසිම වරදක් හෝ අපහසාත්මක දෙයක් නැහැ. 
 
අදාළ සිදුවීම පිළිබඳ ඔබට මොකක්ද කියන්න තියෙන්නේ.
 
මම කතා කරන්නේ මම පිළිබඳව විතරක් ‍නෙවෙයි. කවුරුන් හෝ ප්‍රසිද්ධ කෙනෙකු ගැන මොන විදිහේ පුවතක් ගොසිප් වෙබ්  අඩවියක පළවුණත් ඊට යටින් ඉතාමත් පහත් මට්ටමේ Comment  දාන අයටයි මම මේ කතා කරන්නේ.
 

තරුණ පිරිස් වගේම වැඩිහිටි අයත් ඔය වගේ අදහස් පළකරන අය අතර ඉන්නවා. ඔවුන් අතර ඉන්න බොහෝ දෙනෙක් තව කෙනෙකුගේ හොඳක් දකින්න කැමැති නැහැ. ඒ වගේම තව කෙනෙකුට ගරුකරන්න දන්නේ නැහැ. ඉස්සර ග්‍රාමීය නූගත් සමාජය තුළ අසල්වැසියන්ට කැලෑ පත්තර ගහපු අය හිටියා. මේ පිරිසත් අන්න ඒ මානසිකත්වය තුළ ඉන්න උදවියයි. 
 
ප්‍රශ්නේ තියෙන්නේ අන්තර්ජාලය පරිහරණය කරන අය නූගත් අයද කියන එකයි. මම විවේකයක් ලැබුණු හැටියේ කරන්නේ අන්තර්ජාලය පීරමින් රංගනය ගැනයි රූපලාවන්‍ය ගැනයි කුමක් හෝ ඉගෙන ගන්න උත්සාහ කරන එකයි. අන්තර්ජාලය හරියට පාවිච්චි කළොත් ප්‍රයෝජන රාශියක් ගන්න පුළුවන්. 
 
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ පිරිස තමන්ගේ විකෘති මානසික මට්ටම එළියට දාන්න, තව අයට මඩ ගහලා මානසිකව බින්දුවට වට්ටලා නැතිම කරලා දාන්න මේ යොදන කාලය ඒ වගේ වැදගත් දේකට යොදනවා නම් ඔවුන්ටත් එයින් ප්‍රයෝජනයක් අත්වෙයි. අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ තවත් කෙනෙකුට කැත විදිහට අපහාස කරලා මානසිකව තලලා පෙරළා දාන එක දරුණු පාපයක්. 
 
තමන්ගේ වෙබ්  අඩවිය ජනප්‍රිය කරගන්න නොහොබිනා වැඩ කරන අයටත්, ඒවා කියවලා තවත් කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න Comment  දාන අයටත්, කවදාහරි ස්වභාවධර්මය විසින්ම නිසි දඬුවම් ලබාදේවි.
 
ආරියවංශ කුලතිලක
  1. වෙළෙන්දෝ අපට කතා කරලා අහනවා කවදාද ෂෝ පටන් ගන්නේ කියලා
  2. අපරාධකරුවෙකු ලෙස සිරගත වූ ඔහු අද හොලිවුඩයේ ධනවත්ම නළුවෙක්
  3. රිදී තිරයට මොකද වුණේ?
  4. ටෙලියට වැදුණු බෝම්බ
  5. මගේ ගේත් විකුණලා මාවයි දුවවයි ලංකාවෙනුත් යවන්න හදනවා
  6. ඇය මුදලට විකිණෙන කලාකාරිනියක් නොවෙයි
  7. මේ විදියට ඡායාරූප ගන්න විශේෂ හේතුවක් තිබුණා
  8. සමහරු මගේ හීනය බොඳ කර දමන්න උත්සහ කරනවා
  9. සිරසට මටත් 25යි
  10. මුහුණු‍පොතේ ඉඳන් මාව නොමරා මරනවා
  11. ඇඟේ හැඩ වෙනුවට මම පෙන්නුවේ කැත
  12. උපරිම දක්ෂතා පෙන්නුවත් SMS මනාප දිනාගන්න මට බැරි වුණා
  13. හිත ගියපු කෙනෙක් තවම හමුවුවෙලා නැහැ
  14. අවුරුදු ගණනක් කල් ඇරලා කැමැත්ත දුන්නා විවාහ වෙද්දී බාධක රැසක් ආවා
  15. විදෙස් ගතව සිටියදී ගීතය ගැයූ අය ගැන ගීතයේ අයිතිකරුවා කියුදේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.