lakbima.lk

නිහාල් ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ සිටින ප්‍රවීණ රංගධරයෙක්. ඒ විතරක් නොවෙයි, ඔහු ඉතා විශිෂ්ට නිර්මාණ කිහිපයක්ම මේ රටේ රසික රසිකාවියන් වෙත තිළිණ කළ අධ්‍යක්ෂවරයෙක්. කාලෙකට පස්සේ  නිහාල් මේ විදියට ඔබ හමුවට එන්නේ අලුත් ආරංචි කිහිපයක් ගැන කියන්නයි.

ඔබ කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වුණා නේද? දැන් කොහොමද සුව දුක්?

දැන් නම් සම්පූර්ණයෙන්ම සුව වෙලා ඉන්නේ. ලෙඩ සුව වෙලා ඊට පස්සේ අලුත් නිර්මාණ දෙකකුත් කළා. එකක්් ටෙලි නාට්‍යයක්. අනෙක චිත්‍රපටයක්.

මේ සියලුම කටයුතු සාර්ථක කරගන්න ලොකු ශක්තියක් වුණේ ඔබේ ළඟින් හෙවණැල්ලක් වගේ හිටපු ඔබේ බිරිඳ නේද?

ඇත්තටම ඔව්. තමාරා තමයි මේ සියලු කටයුතු වලට සහය දෙන්නේ අසනීප වූ මොහොතේදීත් ඇය මට ශක්තියක් වුණා. සනීප වෙලා ආයෙම නිර්මාණකරණයට එන්න මාව දිරිමත් කළේත් ඇයයි.

පෞද්ගලික ජීවිතේට මේ තරම් ශක්තියක් දෙන ඇය ඔබේ කලා නිර්මාණවලට දායක කරගන්නේ නැද්ද?

තමාරා මගේ නිර්මාණවලට සහය දෙනවා. හැබැයි ඒ කැමරාව පිටුපස ඉඳන්. මගේ ටෙලි නාට්‍ය හා චිත්‍රපටවල නිෂ්පාදන කළමනාකාරිනිය තමයි තමාරා. ඒ වගේම ඒ නිර්මාණවල කලා අධ්‍යක්ෂණය කරන්නෙත් ඇයයි.

ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක කලා අධ්‍යක්ෂණය කියන්නේ භාරධුර කාර්යයක්. එවැන්නක නිරත වන්නට තමාරා කලාව ගැන ලොකු හැදෑරීමක් කර තිබෙනවාද?

අපි මුණගැහෙනකොට නම් ඇය කලාව ගැන හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. නමුත් ඉතාමත් හොඳ රසඥතාවයක් තමාරාට තියෙනවා. මගෙන් තමයි ඇය කලාව ගැන ඉගෙන ගත්තේ. ‍පොත පත පරිශීලනයෙන් ඒ දැනුම වැඩි දියුණු කරගත්තා. මගේ නවතම ටෙලි නාට්‍ය අක් වැස්ස. එය හැත්තෑව දශකය පසුබිම් කරගත්තු නිර්මාණයක්. එවැනි නිර්මාණයක කලා අධ්‍යක්ෂගේ කාර්යය සුළු පටු නැහැ. තමාරා එය සිදුකළ අයුරු දැක්කාම මටත් පුදුම හිතුණා.

දරුවන්ව කලාවට යොමු කරවන්න ඔබ දෙදෙනාගේ අදහසක් නැද්ද?

දුව සඳලි ප්‍රනාන්දු, ඇය දැන් උසස් පෙළ සිසුවියක්. මගේ නවතම චිත්‍රපටය සුළඟ සැර වැඩී චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතය රඟපාන්නේ ඇයයි පුතා සහන් ප්‍රනාන්දු දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. පුතා දක්ෂතා දක්වන්නේ නිවේදනයටයි.

නිහාල්ගේ නවතම නිර්මාණ ද්විත්වය ගැනත් සඳහන් කරමු?

චිත්‍රපටය සුළඟ සැර වැඩී එය මේ තරගකාරී සමාජ රටාව තුළ ළමුන් මුහුණ දෙන මානසික අර්බුද ගැන කතා කරන්න චිත්‍රපටයක්.  ළමා මනෝ වෛද්‍ය විශේෂඥයන්ගෙන් පවා උපදෙස් අරගෙනයි මම එහි පිටපත ලිව්වේ. චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.  හිටපු ‍පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගේ ‍පොතක් ඇසුරින් තමයි මගේ අක්වැස්ස  ටෙලි නාට්‍යය නිර්මාණය කළේ. එය කොටස් 60ක ටෙලි නාට්‍යයක්. එයත් ළඟදීම විකාශය වීමට නියමිතයි.

චිත්‍රපටයක හා ටෙලි නාට්‍යයක වැඩ අවසන් කරලා විවේකී සුවයෙන් ඉන්න අතරේ ඔබ තවත් වැඩක් පටන් ගන්න සූදානම් වන බවත් අපට ආරංචියි?

නිහාල් ප්‍රනාන්දු ඇක්ටිං ඇකඩමි නමින් රංගන පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන්නට මම මේ දිනවල මූලික කටයුතු සූදානම් කරගෙන යනවා. වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට ඊට ඇතුළත් විය හැකියි. මෙවැන්නක් කරන්නට හේතුවක් තියෙනවා. සුළඟ සැර වැඩී චිත්‍රපටය ළමා චරිත කිහිපයක් කේන්ද්‍ර කරගෙනයි නිර්මාණය වුණේ.  එහිදී ළමයින් මෙහෙයවීම ඉතා අසීරු වුණා. රඟපාන්න ආශාව හා උපන් හැකියාව තිබුණට ඒ ගැන අවබෝධයක් නැත්නම් ඔවුන්ගෙන් ගත යුතු දේ හරියාකාරව ගන්නට බෑ. ඒ හින්දයි මම හිතුවේ රඟපාන්න කැමති, ඊට හැකියාව තියෙන අයව ඒ සඳහා පුහුණු කරවන්න. මගේ අලුත්ම චිත්‍රපටය සඳහා මේ පාඨමාලාවේදී හමුවන දක්ෂයන් සම්බන්ධ කර ගන්නත් මම හිතාගෙන ඉන්නවා.

ආරියවංශ කුලතිලක

ඡායාරූප - සිසිර හේමකුමාර

  1. විනු උදානිට මුහුණු ‍පොතේ පෙරළුණු පොත්
  2. චිත‍්‍රපටය විවේචනය කළාම ඔය විදියට මරණ තර්ජනය කරන එක හරිද?
  3. යළි කොණ්ඩය වවන්න බිරිඳ අවසර දුන්නේ එක කොන්දේසියක් පිටයි
  4. මගේ ඇඟයි බඩයි දකින කිසි කෙනෙක් මේ කතාව විශ්වාස කරන එකක් නැහැ
  5. විවාහ වෙලා දරු දෙන්නෙක් හිටියට මට ඇගෙන් ගැලවීමක් තිබුණේම නැහැ
  6. නීල පබළු ඉවර වෙනකල් වෙනත් කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ
  7. ජයසේකර අ‍පොන්සු හිස බූ ගෑ ඇත්තම හේතුව
  8. මට පෙම්වතියක් නැහැ ඉන්නවා නම් ඉස්සරහට ඇවිත් ඒ ගැන රටට කියන්න
  9. කිරුළ මට නොලැබිම ගැන ගොඩක් අය දුක් වෙනවා
  10. නිහැඩියාව බිඳිමින් අමිල පෙරේරා “රිද්ම”ට කතා කරයි
  11. විනෝදෙට ඇඳලා FB දාපු චිත්‍ර හින්දා අද මගේ ජීවිතේ වෙනස් වෙලා
  12. මට Facebook හරහා වැඩිපුරම එන්නේ සරාගී යෝජනා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.