lakbima.lk

දශකයක් පුරාවට ජනප්‍රියත්වයේ රැඳුණු මේ ගීතය ගායනා කරන්නේ නෙලු අධිකාරි සමග කාෂ්‍යප දිසානායකයි. 2007 දී තමයි  දෙදෙනා මේ ගීතය මුලින්ම ගායනා කළේ. නමුත් හා හා පුරා මේ දෙන්නා ප්‍රසංගයකදී මේ ගීතය එක්ව ගැයුවේ මීට මාස කිහිපයකට කලින් “දෙරණ චැම්පියන් ස්ටාර්” වේදිකාව මතදීයි. ගීතය ගැයූ ගායකයා නොමැතිව වුවත් පසුගිය වසර දහය පුරාම මේ ගීතය ප්‍රසංග වේදිකාවේ අතිශය ජනප්‍රිය ගීතයක්ව පැවැතීමත් සුවිශේෂී දෙයක්. “අහසට සොඳුරුද” ගීතය ගයා ඉන් අනතුරුව විදෙස් ගතවූ කාෂ්‍යප වසර ගණනාවකට පසුව මෙන්න ආයෙමත් ලංකාවට ඇවිත්. තමන්ගේ ගීතය වෙනත් අය ගායනා කරනු ඇසෙද්දීත් නිහඬව සිටි කාශ්‍යප අද කියන්නේ මේ වගේ කතාවක්.

“අහසට සොඳුරුද” ගීතය ඔබ ගයන ගීතයක් බව බොහෝ දෙනෙක් දැනගත්තේ මෑතකදි. ඇයි එහෙම වුණේ.
2007 මම ඔය ගීතය ගායනා කරලා ඊට විෂුවල් එකකුත් කළා. ඒත් ගීතය ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ ඊට වසරකට විතර පස්සේ. මම ගීතය ගායනා කරලා විදෙස් ගතවුණා. මම ගියාට පස්සේ තමයි ගීතය ජනප්‍රිය වුණේ.


දඔබ නැතත් පහුගිය දශකය පුරා මේ ගීතය ප්‍රසංග වේදිකාව තුළ ගායනා කෙරුණා. ඔබ ඒ බව දන්නවාද?
ඔව්. නෙලු අධිකාරි මේ ගීතය ගැයුවා. වැඩිපුරම මේ ගීය සඳහා ඇයට ගායනයෙන් සහය වුණේ ඇගේ සැමියා කපිල පූගලආරච්චි. කීර්ති පැස්කුවල් පවා මේ ගීතය ගැයුවා. සංගීත කණ්ඩායම්වල සිටින අයත් මේ ගීතය ගැයුවා. ඒ හින්දයි ඒ කාලය තුළ මේ ගීතය ප්‍රසංග වේදිකාවේ නොමැකී පැවතුණේ.

අහසට සොඳුරුද ගීතය ජනප්‍රිය වුණත් කාෂ්‍යපව මිනිස්සු හඳුනාගත්තේ දැන්. වෙනත් ගායකයන් ඔබේ ගීතය ගැයීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ.

මගේ ගීතය වෙනත් ගායකයන් ගැයීම ගැන මම ගොඩක් සතුටුවනවා. සාමාන්‍යයෙන් නවකයන් ප්‍රවීණයන්ගේ ගී ගැයුවාට ප්‍රවීණයන් නවකයන්ගේ ගී ගයනවා අඩුයි. කපිල පූගලආරච්චි, කීර්ති පැස්කුවල් වැනි ප්‍රවීණයන් පවා මේ ගීය ගැයුවේ මෙය හොඳ ගීතයක් නිසානේ. අනික මගේ ගීතය වෙනත් අය ගැයූ හින්දයි මේ විදියට ජනප්‍රියව පැවතුණේ. නැතිනම් පහුගිය කාලයට මිනිසුන්ට එය අමතක වී යන්නත් ඉඩ තිබුණා.

ඔබ ආයෙමත් ලංකාවට ආවේ නවතින්නමද? අලුත් නිර්මාණ කරන්නේ නැද්ද?

ආයේ විදෙස්ගත වෙන්න මගේ අදහසක් නැහැ. දිගටම සංගීතයේ යෙදෙන්නයි හිතාගෙන ඉන්නේ. ඔය අතර මගේ නවතම ගීතයක් මේ දවස්වල නිර්මාණය වෙනවා. “සිහින් සිනා” නැමැති ඒ ගීතය ලිව්වේ චන්දන දසනායක, සංගීතවත් කළේ දූලික කෝදාගොඩ, සමීර කටුකොටුව එහි රූප රචනය කළා. ගීත්මා ලියනගේ සහ චම්පික ප්‍රියදර්ශන තමයි රූප රචනයේ රඟපෑවේ.

දැනට කාෂ්‍යපගේම ගීත දෙකද තියෙන්නේ

නැහැ ... මම ලංකාවට පැමිණි හැටියේ ඈ දෑසිනා කියලා ගීතයක් කළා. ශෙහාන් ගලහිටියාව ලියපු ඒ ගීතය සංගීතවත් කළේ සංඛ දිනෙත්. නැවතත් එහි කවර් වර්ෂන් එක්ක කරලා පහුගියදා එළිදැක්වුණා.

කාෂ්‍යපගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්

මගේ ගම හඟුරන්කෙත. ඉගෙන ගත්තේ ‍පොරමඩුල්ල මධ්‍යම මහ විදුහලින්. පාසල් කා‍ලේ ඉඳලම සංගීත කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. උසස් පෙළ කරලා කොළඹ ආවට පස්සේ තමයි මගේ කුළුඳුල් ගීතය වන අහසට සොඳුරුද ගායනා කළේ. එය සංගීතවත් කළ වෛද්‍ය දේවක රත්නපාල හා ගීතය ලියූ දැනට ජීවතුන් අතර නැති ආනන්ද හේවාරන්හිඳගේ මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

ආරියවංශ කුලතිලක

ඡායාරූප: මලිත් ගමගේ

  1. අපි දෙන්නා ළං කළේ භාවනා කරපු සෙනසුනයි
  2. ලිට්ල් ස්ටාර් පුංචි තරුවට ඇන්ජලින් ගුණතිලක දුන් සුපිරි තෑග්ග මොකක්ද?
  3. නම නොදා රෝහණ වීජේවීරගේ චිත්‍රය ඇඳපු මහින්ද පතිරගේ අල්ලයි වලිගේ යැයි කියයි
  4. ඩෙන්සිල් නුගේගොඩ සංගීත කණ්ඩායම් එකතු කරගෙන කරන්න යන දේ
  5. දැකල පුරුදු කෙනෙක් නිසා බිමල් ජීවිතය වෙනස් කර ගනීවිද?
  6. ජෝතිපාලව වෙනස් මගකට යොමු කළ තිස්ස ඩයස්
  7. පුංචි සමනළයා පියඹා යන්නටත් කලින් වෙඩි තබා මරා දැමුවේ ඇයි?
  8. ලංකාවේ රූපවාහිනී නාලිකා දෙකක් අතර තරගයට මැදිවූ කුල්ෆි කුමාර් බජෙවාලා
  9. අවුරුදු 14දී මට හමුවූ මගේ සංගීත ගුරුතුමා අද මගේ පුතාටත් සංගීතය කියලා දෙනවා
  10. අලුත් අවුරුද්දේ සුජීවා පුදුම කළ අජිත් මුතුකුමාරණගේ සුපිරි තෑග්ග
  11. සීතල දුරුත්තේ සිනමාශාලාවලට ගින්දර
  12. මගෙයි මාලාගෙයි ලොකු වෙනසක් නෑ
  13. අලුත් අවුරුද්ද උදාවෙද්දී දුකා දුකින්
  14. මහරජ කන්සා හි විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මි දෙවගන
  15. මහරජ කන්සා හි යශෝධා ගුන්ගුන් උප‍්‍රාරි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.