lakbima.lk

ප්‍රසංග වේදිකාව සිසාරා රැව්දෙන ඒ ගැඹුරු හඬ දශක දෙකකට එහා සිටි ප්‍රේක්ෂකයන් හට වගේම අද පරපුරේ රසික පිරිසටත් නුහුරු නුපුරුදු නැහැ. එදා මෙදා තුර නිවේදකයකු විදියට තමන්ගේ ජනප්‍රියතාව එක විදියට පවත්වාගෙන ආ ඔහු නමින් ප්‍රියන්ත විජේසිංහයි. පසුගියදා සිරසට වසර විසිපහක් පිරෙද්දී ප්‍රියන්තගේ මාධ්‍ය ජීවිතයටත් විසිපස් වසර සම්පූර්ණ වුණා.
 
ඔබට වගේම ඔබේ ආයතනයටත් මේ 25 වැනි සැමරුම සුවිශේෂයි නේද?
 
ඔව්. මම සිරසේ ආරම්භයේ පටන් හිටපු නිවේදකයෙක්. පසුගියදා සිරස 25 වැනි සංවත්සරය සමරද්දී ඒ වෙනුවෙන් සංගීත කණ්ඩායම් 25 ක්, ගායක ගායිකාවන් 25 ක් සමග පැය 10 යි විනාඩි 25 ක් අඛණ්ඩ ප්‍රසංග වේදිකාව නිවේදනය කරන්න මට අවස්ථාව ලැබුණා. එය සිරසේ වගේම මගේ මාධ්‍ය දිවියේත් 25 වැනි සැමරුමයි.
 
නමුත් ප්‍රසංග වේදිකාව තුළ ඔබට ඉන් එහා ගිය ඉතිහාසයක් තියෙනවා නේද?
 
මම හා හා පුරා ප්‍රසංග වේදිකාවට නිවේදකයකු ලෙස ගොඩවැදුණේ 1983 ජූලි 13 වැනිදා. වෘත්තීය මට්ටමින් නිවේදනයට පිවිසුණේ 1989 දී. සිරසට එකතු වුණේ 1994 දී.
 
ඒ ඉතිහාසය යළිත් සිහිපත් කළොත්?
 
මම අධ්‍යාපනය ලැබුවේ වත්තල ශාන්ත අන්තෝනි විදුහ‍ලේ. ජනප්‍රිය නළු ජයන්ත බෝපේආරච්චි මගේ පන්තියේ මිතුරෙක්. ඔහු හොඳ ගායන හැකියාවක් ඇති කෙනෙක්. ඔහු මිතුරු පිරිසක් එකතු කරගෙන ඇන්තෝනියන්ස් නමින් සංගීත කණ්ඩායමක් හැදුවා. එහි කුළුඳුල් ප්‍රසංගය නිවේදනය කරමින් තමයි මම නිවේදනයට පිවිසුණේ. මුලදී බැහැ කිව්වත් එදා වේදිකාව මත මයික්‍රෆෝනයෙන් මගේ හඬ මටම ඇහෙද්දී දැණුනු සතුට හින්දා නිවේදනය ගැන ආශාව තවත් වැඩි වුණා. ඊට පස්සේ මම දිගටම නිවේදන කටයුතු කළා. 
 
මගේ ගම කඩවත. හිත මිතුරු රාත්‍රිය නමින් ප්‍රසංගයක් අපේ පළාතේ තියෙනවා. එහි නිවේදන කටයුතුවලටත් මට අවස්ථාව උදාවුණා. නලින්ගේ මේරියන්ස්, නීල්ගේ සන්ෆ්ලවර්ස්, ලාල් විතානගේ ප්‍රමුඛ ෂන්සයින්ස්, සමන් ද සිල්වා ප්‍රමුඛ සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස් වගේ සංගීත කණ්ඩායම් තමයි එහි සංගීතය සැපයුවේ. ඒ අයගේ දැන හැඳුනුම්කම් මත මට රටපුරා ප්‍රසංග ලැබුණා. 1989 වනවිට මම කාර්යබහුල නිවේදකයෙක්. 1994 සිරස පටන් ගන්නකොට සමන් ද සිල්වා තමයි මාව ඊට යොමු කළේ.
 
එදා මෙදා තුර ප්‍රසංග වේදිකාවේදී අමතක නොවන සිදුවීම්වලටත් ඔබ මුහුණ දීලා ඇති නේද?
 
මම හිතාගෙන ඉන්නේ ඔය සිදුවීම් අලලා ‍පොතක් ලියන්නයි. ඒ තරම් සිදුවීම් ගොඩක් තියෙනවා.
 
‘රිද්ම’ හිතවතුන් කැමති වෙයි ඒ අතරින් එකක් දෙකක් දැනගන්න?
 
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්‍ලේ මහතාගේ අභාවය සිදුවූ වැලිවේරියේ මැරතන් ධාවන තරගය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා ඒ බෝම්බය පුපුරද්දී මමත් හිටියේ එතුමා අසලයි. මාව අහසට විසිවෙලා ගිහින් වැටුණු හැටි මට තවමත් මතකයි. ඇස් ඇරලා බලද්දී මගේ වටේ මස් කැබලි ගොඩක්. ඒ මළසිරුරු අතර වැටිලා සිටි මට පුංචි සීරීමක්වත් වෙලා තිබුණේ නැහැ. ඒ සිද්ධිය මට මගේ මාධ්‍ය ජීවිතය තුළ කවදාවත් අමතක වෙන්නේ නැහැ.
 

ඔබේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්?
 
මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කඩවත රෝමානු කතෝලික විදුහ‍ලේ. පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි වත්තල ශාන්ත අන්තෝනි විදුහලට ගියේ. මගේ බිරිඳ ලලනී. අපි දෙන්නට හිටියේ එකම දුවයි. ඇය සඳසි. අපේ දූ අවුරුදු 8 දී අපිව දාලා සදහටම යන්න ගියා.
 
දුවගේ වියෝවත් සමග දුක දරාගෙන ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය උපදවා ගත්තේ කොහොමද?
 
ඒ දුක මගේ ජීවිතය පුරා සදහටම තියෙනවා. මගේ දූ වෙනුවෙන් සඳසි නමින් ගීත 16 ක ඇල්බමයක් කළා. එහි දුවට ලියැවුණ සඳසි ගීතයට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර ලියපු ඒ ගීතය රුක්ෂාන් කරුණානායකයි ගීතවත් කළේ. මා ගැයූ ඒ ගීතය කධභබභඡඥ හරහා ඔබටත් අසන්නට පුළුවන්.
 
ආරියවංශ කුලතිලක
  1. මුහුණු‍පොතේ ඉඳන් මාව නොමරා මරනවා
  2. ඇඟේ හැඩ වෙනුවට මම පෙන්නුවේ කැත
  3. උපරිම දක්ෂතා පෙන්නුවත් SMS මනාප දිනාගන්න මට බැරි වුණා
  4. හිත ගියපු කෙනෙක් තවම හමුවුවෙලා නැහැ
  5. අවුරුදු ගණනක් කල් ඇරලා කැමැත්ත දුන්නා විවාහ වෙද්දී බාධක රැසක් ආවා
  6. විදෙස් ගතව සිටියදී ගීතය ගැයූ අය ගැන ගීතයේ අයිතිකරුවා කියුදේ
  7. අපි දෙන්නා ළං කළේ භාවනා කරපු සෙනසුනයි
  8. ලිට්ල් ස්ටාර් පුංචි තරුවට ඇන්ජලින් ගුණතිලක දුන් සුපිරි තෑග්ග මොකක්ද?
  9. නම නොදා රෝහණ වීජේවීරගේ චිත්‍රය ඇඳපු මහින්ද පතිරගේ අල්ලයි වලිගේ යැයි කියයි
  10. ඩෙන්සිල් නුගේගොඩ සංගීත කණ්ඩායම් එකතු කරගෙන කරන්න යන දේ
  11. දැකල පුරුදු කෙනෙක් නිසා බිමල් ජීවිතය වෙනස් කර ගනීවිද?
  12. ජෝතිපාලව වෙනස් මගකට යොමු කළ තිස්ස ඩයස්
  13. පුංචි සමනළයා පියඹා යන්නටත් කලින් වෙඩි තබා මරා දැමුවේ ඇයි?
  14. ලංකාවේ රූපවාහිනී නාලිකා දෙකක් අතර තරගයට මැදිවූ කුල්ෆි කුමාර් බජෙවාලා
  15. අවුරුදු 14දී මට හමුවූ මගේ සංගීත ගුරුතුමා අද මගේ පුතාටත් සංගීතය කියලා දෙනවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.