lakbima.lk

මිනිස්සු බොනවා කියලා ඔහොමත් බොන සිරිතක් තියෙනවද?

පේරාදෙණියෙ සුගත් දොස්තර මහත්තයා තමන්ගේ ගජමිතුරු පද්මසිරි දොස්තර මහත්තයව බලන්න කාලෙකට පස්සේ පානදුරේට ආවා. ටික වෙලාකින් පද්මසිරි මහත්තයලගේ ගෙදර සතුටු සාමිච්චියේ යෙදුණු මිතුරන් දෙන්නා පානදුරේ ටවුන් එක පැත්තට ඇවිද ගෙන ආවේ කම්මැලිකම යන්නත් එක්ක.

අර බලපන්කෝ පද්මේ අර සීන් එක පානදුර ටවුමේ පදික වේදිකාවේ යමක් දැක්ක සුගත් මහත්තයා පද්මසිරි මහත්තයට කිව්වා. බලනකොට නහයෙන් කටින් එන්න මත්වතුර බිගත්තු හාදයෙක් පදික වේදිකාවේ ඒ මේ අතට පෙරළි පෙරළී ඉන්නවා.

මේක මහ පුදුම ටවුමක්නේ පද්මේ, මිනිස්සු බොනවා කියලා ඔහොමත් බොන සිරිතක් තියෙනවාද? මම නම් ඔහොම සීන් එකක් උපන්තේක්කට දැක්කමයි ඔය.

සුගත් මහත්තයා එහෙම කියනකොට පද්මසිරි මහත්තයාගේ හිතට පුංචි ලැජ්ජාවකුත් ඇතුළු වුණා.

ඇත්තෙන්ම සුගත් මාත් මහ දවා‍ලේ ඔහොම බිලා පාරේ බඩ ගාන එකෙක් නම් දැක්කමයි ඔය පද්මසිරි මහත්තයත් පටස් ගාලා කිව්වා.

අනේ පලයන් පද්මේ යන්න. මම හිතන්නේ ඔය වගේ සීන් මෙහෙ බස් හෝල්ට් එකක් ගානේ ඇති. නැත්නම් මම මෙහාට අඩිය තිබ්බ හැටියෙම ඔහොම දෙයක් දකින්නේ කොහොමද?

සුගත් මහත්තයා කිව්වේ අවංක හැඟීමෙන්. කොහොම හරි මේ කාරණේ ගැන තරමක් දුරට වාද කරපු මිත්‍රයෝ දෙන්නා ඒ කනමදයා ළඟට කිට්ටු වුණේ ඒ සිද්ධිය තව ටිකක් විමසලා බලන්න.

මේ සහෝදරයා මොකද වුණේ?

සුගත් මහත්තයා ඒ කනමදයා ළඟ පාත්වෙලා සද්දේ දාලාම ඇහුවා.

ඇයි පෙන්නේ නැද්ද? මට ටිකක් වැඩි වුණා ලොක්කා එතකොට ඒ හාදයත් බොහොම අමාරුවෙන් කියලා දැම්මා.

ඒක ‍නෙවෙයි තමුන්ගේ ගෙවල් දොරවල් එහෙම කොහෙද මේ කිට්ටුවද? මෙන්න ඒ එක්කම සුගත් මහත්තයා ආයිමත් සද්දේ දාලා ඇහුවා.

මොන පිස්සුද ලොක්කා මම මෙහේ ‍නෙවෙයි අර මල්වත්ත කිට්ටුව එතකොට මෙන්න ඒ හාදයත් අමාරුවෙන් කිව්වේ නැතැයි.

මෙහේ කොහෙද හලෝ මල්වත්තක් තියන්නේ? එතකොටම පද්මසිරි මහත්තයත් පැනලම ඇහුවා.

මෙහේ මල්වත්තක් නෑ තමයි ලොක්කා අපේ ගෙවල් තියෙන්නේ, පේ... පේ.... පේරාදෙණියේ මල්.... මල්වත්ත .... ළඟ එහෙම කියපු කනමදයා මීටර් එක හමාරක් විතර දිග කබරයා පාරක් දැම්මා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.