lakbima.lk

මේ කියන කාන්තාවගේ නම “ලින්ඩා”. ඇය දවසක් සාප්පු සවාරියක් ගියා. තමන්ට ඕන කරන හැම දෙයක්ම තියෙන සාප්පුවකට ගොඩවෙච්ච ඇය බොහොම නිදහසේ තමන්ට ඕන කරන බඩු මුට්ටු ටික තෝරාගත්තා. ඊට පස්සේ බිල ගෙවන්න කවුන්ටරේ ළඟට ඇවිත් මුදල් පසුම්බිය ඇරියාම කැෂියර් දැක්කා මුදල් පසුම්බිය ඇතුළේ ගෙදර ටී.වී.එකේ රිමෝට් කොන්ටේ‍රා්ල් එක තියෙනවා. දැන් කැෂියර්ට හරිම කුතුහලයක්. මේ කුතුහලය හංගගෙන ඉන්න බැරිම තැන කැෂියර් ලින්ඩාගෙන් මෙහෙම ඇහුවා.

“මැඩම් යන යන හැම තැනම ඔය රිමෝට් එක අරගෙන යනවාද?”

“අ‍පොයි නෑ... හැම වෙලාවකම නෙමෙයි... අද මගේ හස්බන්ඩ් මාත් එක්ක ෂොපින් එන්න බෑ කිව්වා. මොකද දැන් වර්ල්ඩ් කප් ෆුට් බෝල් මැච්නේ. මම එයාට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා හිතාගෙනයි මේ රිමෝට් එක අරගෙන ආවේ”

පාඩම - ඔබගේ බිරිඳගේ විනෝදාංශවලට සහ අවශ්‍යතාවලට සහයෝගය දී ඇය සමග ඉන්න

කතාව එතැනින් ඉවර නෑ.

ලින්ඩාගේ කතාව අහපු කැෂියර්ට හොඳටම හිනා.

ඒත් කැෂියර් ඇය ගත්තු හැම බඩුවක්ම ආපහු මේසේ උඩින් තියන්න ගත්තා.

ලින්ඩා දැන් පුදුමයෙන් වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා.

“මොකද ඔය කරන්නේ.... මම ඕවා ගෙදර ගෙනියන්න ගත්ත දේවල්නේ”

“සමාවෙන්න මැඩම්... මහත්තයා මැඩම්ගේ ක්‍රේඩිට් කාඩ් එක බ්ලොක් කරලා”

කැෂියර් එහෙම කිව්වා

පාඩම - හැම වෙලාවෙම ඔබගේ සැමියාගේ විනෝදාංශවලටත් ගරු කරන්න

කතාව තවත් දිගට තියෙනවා.

ඔය වෙලාවේ “ලින්ඩා” මුදල් පසුම්බිය ඇදලා තවත් ක්‍රේඩිට් කාඩ් එකක් එළියට ගත්තා.

“මේක හස්බන්ඩ්ගේ එක... අවාසනාවකට මේක බ්ලොක් කරන්න එයාට අමතක වෙලා.” ලින්ඩා බොහොම ජයග්‍රාහී ලීලාවෙන් කැෂියර්ට එහෙම කිව්වා.

පාඩම - ඔබේ බිරිඳගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා

කතාව තවම ඉවර නෑ.

ඔන්න දැන් ලින්ඩා කැෂියර්ට දීපු ක්‍රේඩිට් කාඩ් පතින් ගෙවන්නයි හදන්නේ. ඒත් ඔන්න එකපාරටම මැෂින් එකෙන් පණිවුඩයක් එනවා මෙන්න මෙහෙම.

“මෙය භාවිතා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ලැබුණු pin අංකය ඇතුළත් කරන්න”.

පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක පවා ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙනවා

ඊළඟට ලින්ඩා මොකද දන්නවද කළේ.

කැෂියර් එක්ක ලස්සනට හිනා වෙලා බෑග් එකට අත දාලා ගත්තා ජංගම දුරකථනයක්. ඔන්න ඒකේ තියෙනවා මේ දැන් ආපු මැසේජ් එක.

“මේ ගෑනි හස්බන්ගේ ෆෝන් එකත් අරගෙන ඇවිත්. ෂොපින් කරද්දී එයාට කෝල් කර කර කරදර කරයි කියලා...”

කැෂියර් ඒ ඩිංගට එහා පැත්තේ හිටපු කැෂියර්ගේ කනට ළංවෙලා රහසින් වගේ එහෙම කිව්වා.

ඊට පස්සේ ලින්ඩා තමන්ගේ සැමියාගේ ක්‍රේඩිට් කාඩ් පතින් බිලත් ගෙවලා බඩුත් අරන් සතුටින් ගෙදර ගියා.

පාඩම - අපේක්ෂා සහගත විදියට බිරිඳව අවතක්සේරු කරන්න එපා තවම කතාව ඉවර නෑ. හොදේ...

ලින්ඩා ගෙදර එනකොට සැමියාගේ කාර් එක නෑ. ඒ මදිවට ගෙදර දොරේ පුංචි පණිවුඩයකුත් ලියලා අලවලා.

“මට රිමෝට්  එක හොයාගන්න බෑ. මම යාළුවෝ එක්ක එළියට යනවා මැච් එක බලන්න. ගෙදර එනකොට රෑ වේවි. ඔයාට මොනවාහරි ඕන නම් මගේ මොබයිල් ෆෝන් එකට කෝල් කරන්න”

ලින්ඩට දැන් කරගන්න දෙයක් නෑ. හස්බන්ඩ්ගේ ෆෝන් එකත් ඈ ගාව. ඒ මදිවාට හස්බන්ඩ් ගිහින් තියෙන්නෙත් ගෙදර යතුර අරන්.

පාඩම - හැම වෙලාවෙම ඔබේ සැමියාව පාලනය කරන්නට යන්න එපා. ගොඩක් වෙලාවට දිනන්නේ ගැහැනියට වඩා පිරිමියායි.

මේ කියන කතාවට ඔබ එකඟ නොවන්නේ නම් විතරක් හැකිතාක් මට බණින්න.

Page 1 of 88

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.