lakbima.lk

චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න සුදුසු දර්ශනතල සොයා ගැනීම අද කා‍ලේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ නිසාම යම්කිසි නිර්මාණයක් රූගත කරන්න ගතවෙන කාලය වගේම කාලයක් දර්ශනතල සොයන්නත් වැය කරන්න සිදුවන බව සමහර නිර්මාණකරුවන් පවසනවා. දියුණු රටවල නම් රූගත කිරීම් සඳහාම නිර්මාණය කළ අති දැවැන්ත දර්ශනතල තිබෙනවා. ඒත් ලංකාවේ නම් දැනට එවැනි ස්ථානයකට තියෙන්නේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය විතරයි.

මෙන්න මේ කාලීන අවශ්‍යතාවය තේරුම් ගත් තරුණයෙක් තමන් සතු ඉඩමක් තුළ එබඳු දර්ශන තල රැසක් නිර්මාණය කර ඇති බවට තොරතුරක් පසුගියදා අපිට දැනගන්නට ලැබුණා. මේ තරුණයාගේ නම සාගර ජයකොඩියි. ඔහු විසින් නිර්මාණය කළ මෙම භූමිය නම් කරලා තියෙන්නේ විෂුවල් වි‍ලේජ්  නමින්. මීගමුව කලපුව කේන්ද්‍ර කරගෙන බිහිවූ මෙම පමුණුගම විෂුවල් වි‍ලේජ් පසුගිය පෙබරවාරි 19 වැනිදා විවෘත වුණේ ප්‍රවීණ සිනමාවේදීන් යුවළක් වන සෝමරත්න දිසානායක  හා රේණුකා බාලසූරියගේ ප්‍රධානත්වයෙන්. ඔවුන් දෙපළ නිර්මාණය කළ සුනාමි චිත්‍රපටයේ ඇතුළත් සුනාමි ව්‍යසනයේ දර්ශන සියල්ල රූගත කර තිබෙන්නේද මෙම ස්ථානයේදීමයි.

මෙම අපූරු ස්ථානයට ගොඩවැදිලා එහි සිරි නරඹන අතරතුර අපි එහි නිර්මාණකරුවා වන සාගරගෙන් මෙම දර්ශන තලය ගැන තවත් වැඩි විස්තර විමසා සිටියා.

ඔබට මේ වගේ දෙයක් කරන්න හිතුණේ ඇයි?

වරක් මම විදෙස් ගතවූ අවස්ථාවක දැක්කා මිනිස්සු සිංගප්පූරු ගුවන් තොටු‍පොළේ අසිරිය විඳින හැටි. එය හරිම සුන්දර ස්ථානයක්. මිනිස්සු ඒ මේ අත යමින් එහි ලස්සන ස්ථාන ළඟ ඉඳන් සෙල්ෆි ඡායාරූප ගන්නවා. ඒ වෙලාවේ මටත් හිතුණා මටත් කවදාහරි එවැනි ලස්සන තැනක් නිර්මාණය කරන්න ඕනෑ කියලා. මුලින්ම මගේ අදහස වුණේ Wedding Shoot හා Preshoot සඳහා සුදුසු දර්ශන තලයන් නිර්මාණය කරන්නයි. ඒත් මට හිතුණා චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහාත් යොදාගත හැකි පරිදි මෙය නිර්මාණය කළොත් වඩා හොඳයි කියලා. මොකද දැනට ලංකාවේ එබඳු ස්ථානයකට තියෙන්නේ රන්මිණිතැන්න විතරයි. ඔය විදියට මම මෙය නිර්මාණය කරන අතරතුරේ සෝමේ අයියයි රේණු අක්කයි මාව හොයාගෙන ආවේ මේ ගැන ඒ අයටත් ආරංචි වෙලා. ඒ වෙලාවේ ඇවිත් කතාබහ කරලා ඒ දෙන්නගේ නවතම චිත්‍රපටය වන සුනාමි සඳහා දර්ශන තලයට මේ භූමිය ඔවුන් යොදා ගත්තා. එය මට මෙම කාර්යය සඳහා වඩාත් හොඳින් කරන්න විශාල මානසික උත්තේජනයක් වුණා..

මීගමුව කලපුව හා බැඳුණු අක්කර 6ක් පුරා විහිද යන Visual Village සිහින පාරාදීසයක් මත ඇති සියලුම ගස්වැල්, ජල තටාක රාත්‍රී කාලයේ විවිධ වර්ණ රටාවන්ගෙන් හැඩගැන්වීමත් මෙහි ඇති තවත් විශේෂත්වයක්.

මේ කිසිම දෙයක් සඳහා ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සහය මම ලබාගත්තේ නැහැ. මේ හැම එකක්ම මගේ මනසේ මැවුණ නිර්මාණ. මම විදෙස් සඟරා පරිශීලනය කරලා හිතේ මැවුණ අදහස් තව තවත් හොඳට මතුකරගත්තා සාගර පවසන්නේ දැඩි සතුටකින්.

මේ වගේ දැවැන්ත ඉඩමක් මේ වගේ අලුත්ම විදියේ වැඩකට යොදාගන්න එක අවදානමක් කියලා හිතුණේ නැද්ද? අපි ඔහුට ප්‍රශ්නයක් යොමු කළා.

මේක මට අපේ පරම්පරාවෙන් අයිති වුණු ඉඩමක්. මෙතන ඉස්සර තිබුණේ ඉස්සෝ ෆාම් එකක්. එතැන සේවය කළ අය පරිබාහිර පිරිසක් එක්ක එකතුවෙලා කරපු ලොකු හොරකමක් හින්දා ඒ ව්‍යාපාරයෙන් විශාල පාඩුවක් අපිට සිදුවුණා. ඔය කාලයේදීම මගේ තාත්තා දැඩි ලෙස අසනීප වුණා. මේ හේතු මත මම ආර්ථික වශයෙන් වගේම, මානසිකවත් මම කඩාගෙන වැටුණා. ටික කලකින් තාත්තා මියගියා. මට ආයෙමත් ඉස්සෝ ව්‍යාපාරය කරන්න හිත හදාගන්න බැරිවුණා. ඊට පස්සේ තමයි මම මේ කටයුත්තට මුලපිරුවේ

මේ වනවිට මංගල ඡායාරූපකරණය සඳහා බොහෝ අය මෙතැනට එන බව සාගර පවසනවා. මෙසේ එන අයට තමන්ගේ ඡායාරූප අරගෙන ඊට පස්සේ විවේකීව ලැඟුම් ගන්නට සුදුසු ස්ථානත් ඉදිරියේදී මෙම මනරම් භූමිය තුළ ඉදිකරන්නට සූදානමින් සිටින බවද සාගර අපි සමග පැවැසුවා.

මම මේ භූමියේ තිබෙන හැම දර්ශන තලයක්ම වසරක් පාසා වෙනස් කරනවා. ඒ වගේම හැම වසරකටම තේමාවක් හඳුන්වා දෙනවා. අද මංගල ඡායාරූපකරණය කියන්නේ ඉතා දියුණු ව්‍යාපාරයක්. ඒත් සුදුසු දර්ශනතල නැති නිසා මංගල ඡායාරූප ශිල්පීන් විවිධ අපහසුතාවලට ලක්වෙනවා. Visual Village නිසා දැන් ඒ ප්‍රශ්නයටත් විසඳුමක් ලැබිලා තියෙනවා. facebook එකේ  Visual Village කියන ගිණුමට ඇතුළුවෙලා එහි තිබෙන දර්ශන බැලුවොත් මෙහි තිබෙන සොඳුරු වටිනාකම සියසින්ම දැකබලා ගන්න පුළුවන් සාගර එහෙම කියන්නේ ඉතා ආඩම්බරයෙන්.

ආරියවංශ කුලතිලක

  1. ඔස්කාර් සම්මාන 2019
  2. අහලා පුරුදු හඬක අයිතිකරුවා
  3. ෆේස් බුක් එකයි ෆෑන්පේජ් එකයි දැකලා ඒ අක්කා ලෝචනා ගෙන් ඇහුව දේ
  4. තමන්ගේ සහ පවු‍ලේ සල්ලි අසරණයින්ට දන් දෙන මුහුණු‍පොතේ පින්වතිය
  5. දුප්පත්කමේ අන්තයටම ගිලී බැටළුවන් දක්කාගෙන ගිය ඇය අද ප්‍රංශයේ උසස් අධ්‍යාපන ඇමැතිනියයි
  6. හැමෝම කර අරිද්දී අමල් පෙරේරා ගැන විශ්ව ලංකා කී කතාව
  7. නිදහස ලැබුණු දවස සහ නිදහසක් නැති වූ දවස ගැන රටේ තරු කතා කරයි
  8. කලාකරුවන් හැමෝටම සුබ උපන් දිනයක් කියන කවුද මේ සිරි කහවල
  9. ඉන්දියාවේ කුල්ෆිට හඬ කවන ලංකාවේ සශ්‍රීකා
  10. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි
  11. එදා මරණ බයේ දුවන ගමන් මම කියපු කතාව රටටම ඇහුණා
  12. කාලෙකට පස්සේ ප්‍රීතිරාජගෙන් දේශපාලන කොමිඩියක්
  13. සරෝජා තුළින් රටම හඳුනාගත් පුංචි සුරංගනාවී යුගදිවියට
  14. ඉන්දීය අගමැතිවත් පුදුම කරපු භාතිය-සන්තුෂ් කරන්නට යන අමුතු වැඩේ
  15. කවදා හරි ලංකාවේ හොඳම නිළිය වෙන එක තමයි මගේ හීනය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.