lakbima.lk

සිරස සුපිරි තරු මාවතේ පැමිණි සුරේන්ද්‍ර පෙරේරා ගැන නිරතුරුව කතා බහට ලක් වුණු කාලයක් තිබුණා.  ඒත් පහුගිය කාලයේදී නම් සුරේන්ද්‍රගේ යම් නිහැඩියාවක් තමයි පෙනෙන්නට තිබුණේ. කාලයක් නිහඬව හිටපු සුරේන්ද්‍ර මේ දිනවල අලුත්ම කොණ්ඩා විලාසිතාවක් සමග ආයෙමත් කරළියට ඇවිත්.

අලුත් කොණ්ඩා විලාසිතාවක් එක්ක මේ දවස්වල සුරේන්ද්‍රගේ ඡායාරූප අන්තර්ජාලයේ හුඟාක් ජනප්‍රියයි. එහෙම නේද?

ඔව්. මේ දවස්වල හුඟක් අය මගේ අලුත් කොණ්ඩා විලාසිතාව ගැන කතා බහ කරනවා හැබැයි ජනතාව අතරේ මේක ඒ විදියට කතාබහට ලක් වෙන්න හිතාගෙන කරපු වෙනසක් නම් ‍නෙවෙයි.

ඇයි හදිසියේම කොණ්ඩා විලාසිතාව වෙනස් කරන්න ඕනෑ කියලා හිතුනේ?

අලුත්ම අලුත් විලාසිතා කරන්න හුඟක් අය කැමතියි. මගේ ඇඳුම් පැලඳුම් ආභරණ සහ කොණ්ඩා මෝස්තර කාලෙන් කාලෙට වෙනස් කරනවා. සාමාන්‍යයෙන් මගේ පුරුද්ද තමයි එක එක කාලෙට කොණ්ඩා විලාසිතාව වෙනස් කරන එක. මේකත් ඒ වගේ එක වෙනසක් විතරයි.

සාමාන්‍යයෙන් අපි ඕනෑම කෙනෙක් යම් විලාසිතාවක් කරන්නේ කවුරු හරි කලින් එවැනි දෙයක් කරලා තියෙනවා දැකලයි. ලංකාවේ හෝ පිටරටක ජනප්‍රිය තරුවකගේ විලාසිතා දැකලා තමයි හුඟක් අය එවැනි දේවල් කරන්නේ. සුරේන්ද්‍රගේ අලුත් කොණ්ඩා විලාසිතාව පිටුපසත් එවැනි කෙනෙක් ඉන්නවාද?

ඇඳුම් විලාසිතා ආභරණ මාදිලි වගේ දේවල් නම් අපි අතරට ඒ විදියට එනවා. මටත් ඒ දේ ‍පොදුයි. හැබැයි කවදාවත් මගේ කොණ්ඩා විලාසිතාවක් නම් ඒ විදියට කාගේ හෝ අනුකරණයක් වෙලා නැහැ. එදා මෙදා තුර මගේ ඡායාරූප අරගෙන බැලුවොත් තේරෙයි මම කාලෙන් කාලෙට එක එක විදියේ කොන්ඩා විලාසිතා කරලා තියෙන හැටි. ඒ බොහෝ විලාසිතා මටම ආවේනික ඒවා.

ඒ කියන්නේ සුරේන්ද්‍රමද ඒවා නිර්මාණ කරගන්නේ?

ඔව්. සැලුන් එකට ගිහින් මේ විදිහට කොණ්ඩා පීරන්න. දැන් මේ විදියට කොණ්ඩා කපන්න කියලා මම තමයි කියන්නේ. හිසකෙස් වර්ණ ගැන්වීමේදීත් ඒ වගේ තමයි.

මේ විලාසිතාව නිර්මාණය වුණෙත් ඒ විදියටමද?

ඔව්. මේ විලාසිතාව කළේ හලාවත කමල් අයියගේ සැලෝන් එකෙන්. මේ මේ පාට යොදන්න, මේ විදියට කොණ්ඩය හදන්න කියලා මම තමයි කිව්වේ. මේ දවස්වල මේ විලාසිතාවෙන් කොණ්ඩය තියෙයි. හෙට මේක වෙනස් කරන්න ඕන කියලා හිතුනොත් මම ඒක වෙනස් කරන්නත් ප්‍රමාද වෙන්නේ නැහැ.

සුරේන්ද්‍ර ගායන ජීවිතයේ නම් දැන් නිහැඩියාවක් පෙනෙනවා? ඒකට හේතුව මොකක්ද?

මම නිහඬ වෙලා නැහැ. නිතරම මම දෙස් විදෙස් ප්‍රසංගවලට යනවා. අලුත් ගීත කිහිපයක් කළත් ප්‍රසංගවලදී මගෙන් ඉල්ලන්නේ ජෝතිපාල මහතාගේ ගීත සහ මම මුල් කා‍ලේ ගායනා කළ ගීත විතරයි.  කරපු අලුත් නිර්මාණ නෑසෙන හින්දයි මම නිහඬව ඉන්නවා වගේ පෙනෙන්නේ.

සුරේන්ද්‍ර විවාහ වෙන්න යන බවට ආරංචියකුත් මේ දිනවල පැතිරෙනවා. ඇත්තද ඒක?

ඒ ආරංචිය ඇත්ත. මට ගැළපෙන සහකාරිය මුණගැසුනා. දැන් මම ඉක්මනින්ම විවාහ වෙන්නයි හිතාගෙන ඉන්නේ. 2018 ඉවර වෙන්න කලින් වුණත් සිදුවෙන්න බැරි නැහැ. මම යමක් කරන්නේ ඒ වේලාවේ මගේ හිතට එන සිතුවිලි අනුවයි. ඒක මම කොණ්ඩා විලාසිතා කරනවා වගේ. ලොකු උත්සවයක් ගන්න ඒ වේලාවේ හිතුනොත් ලොකු උත්සවයක් ගනියි. චාම් මංගල්‍යයක් ගන්න හිතුනොත් හිටිහැටියේ මම විවාහ වෙලා කියලා ඔයාලටත් ආරංචි වෙයි.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.