lakbima.lk

 
ප්‍රංශයේ නීස් නුවරදී පසුගියදා පැවැත්වුණු, හත්වැනි නීස් අන්තර්ජාතික සිනමා උළෙ‍ලේදී ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු, එහි විදෙස් භාෂා වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නිළියට හිමි සම්මානයෙන්  පිදුම් ලැබුවා. ඒ ඇය ප්‍රධාන චරිතයට පණපෙවූ, විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. 
 
මෙවර නීස් අන්තර්ජාතික සිනමා උළෙ‍ලේදී පාංශු චිත්‍රපටයට, හොඳම රංග වස්ත්‍රාභරණ නිර්මාණය සඳහා වන සම්මානයද හිමිවුණා. එම සම්මානය ලබාගත්තේ චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පියා වන කුමාර කරව්දෙනියයි. ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.
 

ඔබට ලැබුණු අන්තර්ජාතික ඇගැයුම ගැන මොකද හිතෙන්නේ?
 
සම්මානය ගැන හුඟක් සතුටුයි. බලා‍පොරොත්තු නොවුණු වෙලාවක තමයි මට මේ සම්මානය ලැබුණේ. මේක අපේ  ජනතාව ලොකු පීඩනයකින් ගත කරන කාලයක්. ඉතින් දුකෙන් සහ සිත්තැවුලෙන් ජීවත් වන ඒ ජනතාවට සුළු හෝ සැනසීමක් මේ ජාත්‍යන්තර සම්මානය නිසා ලැබේවි කියන සතුට මට තියෙනවා.
 
සම්මාන උළෙලට ඔබ සහභාගි වුණේ නැහැ නේද?
 
නැහැ. මේ කතා කරන අවස්ථාව වෙනකොටත් සම්මානය මගේ අතට ලැබිලා නැහැ. පාංශු චිත්‍රපටය වෙනුවෙන් මම ජාත්‍යන්තර සම්මාන උළෙල කිහිපයකටම සහභාගි වුණා. මේ සම්මාන උළෙලට මට යන්න බැරිවුණේ පෞද්ගලික හේතුවක් නිසයි. චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය කළ කුමාර කරව්දෙනිය තමයි මා වෙනුවෙන් සම්මානය ලබා ගත්තේ.
 
ඔබ මීට පෙරත් සිනමාවෙන් ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් රංගන ශිල්පිනියක්. මේ වෙලාවේ ඒ ගැනත් අපි සිහිපත් කරමු නේද?

 
ඔව්. ප්‍රසන්න විතානගේගේ පවුරු වළලු චිත්‍රපටය වෙනුවෙන් තමයි මුලින්ම මම අන්තර්ජාතික සම්මානයක් දිනා ගත්තේ. ඒ, 1998 වසරෙදී පැවැත්වුණු සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙ‍ලේදී ආසියාවේ හොඳම නිළිය බවට පත්වෙමින්. ඉතින් අවුරුදු 21කට පස්සේ නැවත වරක් අන්තර්ජාතික සම්මානයක් දිනා ගන්න ලැබිම මගේ වාසනාවක් විදියටයි මම දකින්නේ. පාංශු අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ටත් මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන.
 
සම්මානයට පාත්‍ර වූ, ඔබ රඟපෑ චරිතය මොන වගේ එකක්ද?
 
මේ චරිතයේ නම බබා නෝනා. ඇය රෙදි අපුල්ලන කාන්තාවක්. 1988-89 භීෂණ සමයේදී ඇගේ පුතාව එක්තරා කණ්ඩායමක් පැහැරගෙන යනවා. ඊට පස්සේ මේ අම්මා තමන්ගේ පුතාව හොයාගෙන යන ගමන ගැනයි  මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. මේක මගේ රංගන ජීවිතයේදී මම රඟපෑ අමාරුම චරිතවලින් එකක්. මොකද මේ චරිතය වෙනුවෙන් මට හුඟක් මහන්සිවෙන්න සිදුවුණා.
 
ඔබ දශක ගණනාවක් තිස්සේ සිනමාවේ රැඳී සිටින ප්‍රවීණ නිළියක්. ඔබට අභියෝගයක් වූ දර්ශන මේ චිත්‍රපටයේ තිබුණාද?
 
ඔව්. විසාකේස ඕස්ට්‍රේලියාවේ ඉඳන් දුරකථනයෙන් කතා කරලා චිත්‍රපටයට මට ආරාධනා කරන අවස්ථාව වෙන කොටත් මම ඔහුව මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒ වෙලාවේ ඔහු මට කිව්වා පීනන්න දන්නා කාන්තාවකගේ චරිතයක් තමයි රඟපාන්න තියෙන්නේ කියලා. මම වතුරට බය කෙනෙක්. 
 
මට පීනන්න බැහැ. ඒ බව මම කිව්වාම විසාකේස  කිව්වා කමක් නෑ .... පීනන්න පුරුදු වෙන්න කියලා. ඒත් මම කොච්චර වතුරට බයද කියනවා නම්, ඔළුව පහළට තියාගෙන පීනන්න පුරුදු වෙන්න මට බැරි වුණා.
 

ඊට පස්සේ මොකද වුණේ?
 
ඒ පාර විසාකේස කිව්වා. එහෙමනම් උඩ අතට පීනන්න පුරුදු වෙන්න කියලා. මම අවුරුද්දක් තිස්සේ පිහිනුම් උපදේශකයෙක් එක්ක ඒ විදිහට පීනන්න පුරුදු වුණා. එහෙම පුරුදුවෙලා චිත්‍රපටයේ ඇතුළත්වෙන, ගඟක පීනන දර්ශන සාර්ථකව රූගත කරන්න මට පුළුවන් වුණා. හැබැයි අදටත් මට පීනන්න පුළුවන් උඩ බලාගෙන විතරයි.
 
කවදා විතර පාංශු චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට රස විඳීමට ලැබේවිද?
 
ඒ ගැන නම් මට තවම හරියට කියන්න බැහැ. ඉක්මනින්ම ඒ අවස්ථාව ලැබේවි කියලා මම බලා‍පොරොත්තු වෙනවා.
 
කිෂාන් කනංකෙ
  1. අද ලයිට් බිල ගෙවා ගන්නත් බැරි තත්ත්වයක් කලාකරුවන්ට ඇතිවෙලා
  2. රසිකයෙක් විදියට ඔහු මා සොයා ආවේ භයානක සැලසුමක් දියත් කරන්න
  3. මිට්ටෙකුගේ වුණත් ඇඟ ඇතුළේ යෝධයෙක් ඉන්නවා
  4. රෝගාතුර සහෝදරයා වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කළ ලෙලුම්
  5. ඔයා හරිම සෙක්සි කියලා සමහර ගෑනු ළමයින්ට කමෙන්ට්ස් දමලා
  6. මේ වගේ හීන හැමෝගේම සැබෑ වෙන්නේ නෑ
  7. 2019 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙ‍ලේ යටගියාව පිළිබඳ නොදත් කතා
  8. නොකළ වරදකට අදටත් බැණුම් අහන සඳනි
  9. තෙවන වරටත් විවාහ වූ මධුමාධව අරවින්ද
  10. නදීකාට මතක නැද්ද අපේ පුංචි කා‍ලේ.. ගීතයේ අයිතිකරුවා ගැන ඔබ නොදැන සිටි කතාවක්
  11. ශෂිකා පැණි රස කන්න ඇබ්බැහි වෙලා ඉන්නේ
  12. සෝමරත්න සුනාමිය හැදූ දර්ශන තලය මංගල ඡායාරූප ශීල්පීන්ගේ පාරාදීසයක් වූ හැටි
  13. ඔස්කාර් සම්මාන 2019
  14. අහලා පුරුදු හඬක අයිතිකරුවා
  15. ෆේස් බුක් එකයි ෆෑන්පේජ් එකයි දැකලා ඒ අක්කා ලෝචනා ගෙන් ඇහුව දේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.