lakbima.lk



අප්‍රිකානු මහාද්වීපයේ මොරොක්කෝ රාජ්‍යයේ නාදෝර් නම් පිටිසරබද ගම්මානයේ දිළිඳු අහිංසක පවුලක් ජීවත් වුණා. මේ පවු‍ලේ සිටියා දරු දැරියන් හත්දෙනෙක්. එයින් දෙවැන්නා දියණියක්. ඇය උපන්නේ 1977 ඔක්තෝබර් 4 වැනිදායි. ඇයට නම් තැබුණේ නජට් බෙල්කසම් ලෙසින්.
දුප්පත්කම නිසා මේ දැරියට හරිහමන් ඉගෙනීමක් ලබන්න පුළුවන් වුණේ නැහැ. පවු‍ලේ ජීවත්වීමට වුවමනා මුදල් හදල් සොයාගන්නට ළාබාල වයසේදීම ඇයටත් උරදෙන්නට සිදුවුණා. ඒ වෙනුවෙන් ඇය කළේ බැටළුවන් රැකබලා ගැනීමයි.

නජට්ගේ පියා රැකියාව කළේ ප්‍රංශයේ. ඔහු එහි ගොඩනැගිලි ඉදිකිරීම් කම්කරුවකු විදියට සේවය කළා.
තවදුරටත් මොරොක්කෝවේ හිටියොත් නම් මගේ දරුවන්ට යන කල දසාවක් නැහැ. හැමදාමත් දුක විතරයි විඳින්න වෙන්නේ. ඒ නිසා මගේ පවුලම ප්‍රංශයට ගෙන්වා ගන්නවා නජට්ගේ පියා අනාගතය ගැන බොහෝ දුරට සිතා බලා තීරණයක් ගත්තා.
ඒ අනුව 1982 දී මේ පවුල ප්‍රංශයට සංක්‍රමණය වුණා. ඒ වෙද්දී නජට්ගේ වයස අවුරුදු පහයි. එහිදී ඇය මුල සිටම ක්‍රමානුකූලවම පාසල් අධ්‍යාපනය ලැබුවා.
මට දැනුණේ මාව අමුතුම ලෝකයකට වැටුණා වගෙයි. ප්‍රංශයේ සංස්කෘතිය මොරොක්කෝවට හාත්පසින්ම වෙනස්. ප්‍රංශයේ මා ඉගෙන ගත්ත පාස‍ලේ ළමයි මට සැලකුවේ ඉතාමත් නරක විදියට. ඔවුන් මගේ ඇඳුම් පැලඳුම්වලට හිනා වුණා. මට දරුණු විදිහට අපහාස කළා. සෙල්ලම් කරන්නවත් ඔවුන් මාව ගත්තේ නැහැ. මට මං ගැනම දැනුණේ දරාගන්න බැරි තරමේ මහා දුකක්.
ඒත් මට පුංචි කා‍ලේ ඉඳන්ම වැදගත් අරමුණක් තිබුණා. ඒ තමයි මොන විදිහේ කරදර, බාධක ආවත් හොඳින් ඉගෙන ගන්නවා කියන කාරණය. ඒ නිසා මට එල්ල වුණු අපහාස උපහාස නොතකා ඉන්න මම හිත ශක්තිමත් කරගත්තා නජට් පවසනවා.
නජට් හට මේ තරම් ඉහළ තලයකට යන්න ජවය, සවිය ලැබුණේ මේ වෙනස් නොවූ, දැඩි අධිෂ්ඨානය නිසයි.
නජට් වඩාත් ප්‍රිය කළේ දේශපාලනයටයි. ඒ සිතුවිල්ල ඇය තුළ උපන්නේ ප්‍රංශයේදී තමන් ලැබූ මුලින් කී අතිශය අමිහිරි අත්දැකීම් නිසාමයි. දුප්පතුන්ට එල්ල වෙන සමාජ අසාධාරණයන්ට විරුද්ධව, එක් එක් ජන කොටස්වලට ලැබෙන වෙනස් වෙනස් සැලකිලිවලට විරුද්ධව සටන් කළ යුතුයි කියන සිතුවිල්ල ඇයගේ සිත තුළ රෝපණය වුණා.
කෙළවරක් නැති අමාරුකම් මැද ඇය හොඳින් ඉගෙන ගත්තා. 2002 දී ඇය දේශපාලන අධ්‍යාපනය පිළිබඳ පැරිස් ආයතනයෙන් උපාධිය ලබාගත්තා.
නජට් දේශපාලන ගමනට මුල්ම පියවර තැබුවේ ප්‍රංශ සමාජවාදී පක්ෂයට බැඳීමෙන්. ඇය ඒ පක්ෂය හරහා සැමට සමානව මානව අයිතිවාසිකම් අහිමි වීම, විවිධ ජන කොටස්වලට විවිධාකාරයෙන් සැලකිලි ලැබිම යනාදී කාරණාවලට එරෙහිව සටන් කළා.
මගේ සම වයසේ අය පුහු දේවලට මුල් තැන දෙද්දී මම සැබෑම සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කළා නජට් අතීතය සිහිපත් කළා.

2008 දී නජට් ජෝන් ඇල්පයින්ස්හි සභිකවරියක ලෙසින් තේරී පත්වුණා. ඒ වසරේදීම ඇය රෝන් අංශයේ කවුන්සිල් ජෙනරාල් නම් තනතුරට තේරී පත්වුණේ තම දේශපාලන ගමනේ තවත් පියවරක් ඉදිරියට තබමින්.
2012 දී පැවැති ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නජට් බහුතර ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසින් තේරී පත්වුණා. ඇයගේ කැපවීම හා කාර්යක්ෂමතාව ගැන හොඳින් දැන සිටි ප්‍රංශ රජය ඇයට විවිධ අමාත්‍ය ධුර පැවැරුවා. කාන්තා කටයුතු අමාත්‍ය ධුරය, නාගරික කටයුතු අමාත්‍ය ධුරය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරය ඒ අතර වූවා.
නජට් වෙත වැදගත්ම අමාත්‍ය ධුරයක් ලැබුණේ 2012 දීයි. ඒ, එවකට ප්‍රංශ ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්සින් හොලැන්ඩේ වෙතින්. එය නම් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා ගවේෂණ අමාත්‍ය ධුරයයි.
ඉගෙන ගන්න කාලෙදී වගේම දේශපාලනයට එක්වුණු මුල් කාලයේදීත් ප්‍රංශයේදී මට බොහෝ කෙණෙහිලිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දේශපාලනයේදී මා පිටස්තරයකු කියා මට අපහාස කළා. මගේ ගමන නතර කරවන්න විවිධ උපක්‍රම යෙදුවා. ඒත් ඒ එකකින්වත් මාව වට්ටවන්නට ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. ඒ හැම දෙයින්ම වුණේ මම තව තවත් ශක්තිමත් වීම පමණයි. මම මගේ අරමුණට ගියේ හැම බාධකයකටම ඉතාමත් සාර්ථකව මුහුණ දෙමින් නජට් තම ගමනේ සාර්ථකත්වය පසුකලෙක විස්තර කළේ ඒ විදියටයි.
 

  1. හැමෝම කර අරිද්දී අමල් පෙරේරා ගැන විශ්ව ලංකා කී කතාව
  2. නිදහස ලැබුණු දවස සහ නිදහසක් නැති වූ දවස ගැන රටේ තරු කතා කරයි
  3. කලාකරුවන් හැමෝටම සුබ උපන් දිනයක් කියන කවුද මේ සිරි කහවල
  4. ඉන්දියාවේ කුල්ෆිට හඬ කවන ලංකාවේ සශ්‍රීකා
  5. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි
  6. එදා මරණ බයේ දුවන ගමන් මම කියපු කතාව රටටම ඇහුණා
  7. කාලෙකට පස්සේ ප්‍රීතිරාජගෙන් දේශපාලන කොමිඩියක්
  8. සරෝජා තුළින් රටම හඳුනාගත් පුංචි සුරංගනාවී යුගදිවියට
  9. ඉන්දීය අගමැතිවත් පුදුම කරපු භාතිය-සන්තුෂ් කරන්නට යන අමුතු වැඩේ
  10. කවදා හරි ලංකාවේ හොඳම නිළිය වෙන එක තමයි මගේ හීනය
  11. Facebook සටහනක් හින්දා තව ‍පොඩ්ඩෙන් මම මැර ප්‍රහාරයකට ලක් වෙනවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.