lakbima.lk

පුංචි සන්දියේදීම රටක් ඉදිරියේ තමන්ගේ කුසලතා පෙන්වලා හැමෝගෙම ආදරේ දිනාගත්තු පුංචි පුතෙක් පහුගිය දවසක අපේ 'ලක්බිම' කාර්යාලයට ගොඩවැදුණා. කටහඩින් නම් දැන් බොහෝමයක් දෙනා මේ පුංචි පුතාව හොඳින් හඳුනනවා. ඉතින් අපි මේ සැරසෙන්නේ මේ පුංචි පුතා ගැන තවත් වැඩි විස්තර ටිකක් ඔබ වෙත ගෙන එන්නයි. ඔහු නමින් කුලිත් සතරසිංහයි. පුංචි නිවේදකයෙක් විදිහට වගේම හඬ කැවීම් ශිල්පියෙකු හා රංගන ශිල්පියකු හැටියටත් දස්කම් දක්වන කුලිත් තමන්ගේ පෞද්ගලික තොරතුරු ගැන අපිට හෙළි කළේ මේ විදිහටයි.

මේ දිනවල මම හිරු ටී.වී. එකේ විකාශය වන සූරයන්ගෙත්  සූරයා නාට්‍යයේ පූකිගේ චරිතයටයි, රන් අසිපත නාට්‍යයේ චිම්නාගේ චරිතයටයි හඬ කවනවා. ඊට අමතරව හිරු පුංචි පැටව් වැඩසටහනේ නිවේදකයකු ලෙසත් කටයුතු කරනවා. එහි සැටලයිට් ‍පොඩ්ඩා විදිහට පෙනී සිටින්නේ මමයි.

මීට කළින් දෙරණ නාලිකාවේ දුවන ළමයා නාට්‍යයේ මනෝහරගේ චරිතයට මම හඬ කැවීම් කළා. අලි මල්ලියි මමයි චිත්‍රපටයටත් හඬකැවීම් කළා. දැනට සහන් රංවල පදනමේ ළමා බළකාය තුළ ළමා රංගන ශිල්පියෙක් විදියටත් කටයුතු කරනවා...

අංගොඩ පදිංචි කුලිත් ඉංගන ගන්නේ කොළඹ මරදාන අශෝක විදුහ‍ලේ 8 වසරේයි. පුංචිම කා‍ලේ ඉඳන් කලාවට දස්කම් දක්වන කුලිත් ක්‍ෂේත්‍රයට යොමු වූ ආකාරය ගැනත් අපි විමසා සිටියා.

ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති වැඩසටහනකට ළමා ශිල්පීන් ඉල්ලුම් කරපු අවස්ථාවක අම්මා තමයි මාව සම්මුඛ පරීක්ෂණයට යොමු කළේ. එතැනදී ළමයි 600ක් අතුරින් මුල් තැනට මාව තේරුණා.             

ක්‍ෂේත්‍රයට පය තිබ්බට පස්සේ මුලින්ම නිවේදනය කළේ රේඩියෝ කිඩ්ස් වැඩසටහනයි. ඉන් පස්සේ සිත එෆ්.එම්. එකේ ගුරුගෙදර වැඩසටහන නිවේදනය කළා. ඉන්පස්සේ තමයි හිරු එෆ්.එම්. එකට සම්බන්ධ වුණේ.
නිවේදනය, හඬකැවීම් වගේම මේ වන විට වෙළෙඳ දැන්වීම් රැසකටත් කුලිත් හඬ මුසුකරලා තියෙනවා.

ඒ වගේම අවුරුදු තෑග්ග ඒකාංගික ටෙලි නාට්‍යයේ හා උරුමයක අරගලය ටෙලි නාට්‍යයෙත් කසාවත වාර්තා වැඩසටහනේත් රඟපාලා තියෙනවා. කුලිත් තමන්ගේ දස්කම් පෙන්නලා සම්මානයට ලක් වූ අවස්ථාත් බොහොමයි. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය මගින් පවත්වන ලද මාධ්‍ය දින තරගාවලියේදී හඬ කැවීම් (විවෘත) පළමු ස්ථානය දිනූ  මේ පුංචි පුතා කොළඹ කලාප නිවේදන තරගාවලියේ තුන්වන ස්ථානයත්, සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ හොඳම රංගනයට හිමි කුසලතා සම්මානයත් දිනාගත්තා.

මාව මුලින්ම මාධ්‍යයට යොමු කළේ රුවිනි හේවගේ නැන්දා. දයාන් ගම්ලත් මාමා, ඉඳුනිල් ජයවර්ධන මාමා, සාරංගි නැන්දා, ප්‍රසාදි නැන්දා, තුෂාරි නැන්දා, චන්දන මාමා මට ගොඩාක් උදව් උපකාර කළා. ඉස්කෝ‍ලේ විදුහල්පතිතුමා ඇතුළුව, නිලූකා ටීචර්, ගීශිකා ටීචර්, සුජීවා ටීචර්, සෙනරත් සර්, ගීතා ටීචර්, ධනුෂ්ක සර්, ප්‍රභාත් සර්, නිරෝෂා ටීචර් ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයම මට උදව් උපකාර කරනවා.

අධ්‍යාපනය හොඳින් නිමාකරලා කවදාහරි දවසක ඉංජිනේරුවකු වීම තමයි කුලිත්ගේ සිහිනය. ඒ අතරතුර නිවේදකයකු ලෙසත්, රංගන ශිල්පියකු ලෙසත් දිගු ගමනක් යාමට ඔහු සිහින දකිනවා. රිද්ම අපිත් ඔහුගේ ඉදිරි ගමනට සුබ පතනවා.

ආරියවංශ කුලතිලක

  1. ෆේස් බුක් එකයි ෆෑන්පේජ් එකයි දැකලා ඒ අක්කා ලෝචනා ගෙන් ඇහුව දේ
  2. තමන්ගේ සහ පවු‍ලේ සල්ලි අසරණයින්ට දන් දෙන මුහුණු‍පොතේ පින්වතිය
  3. දුප්පත්කමේ අන්තයටම ගිලී බැටළුවන් දක්කාගෙන ගිය ඇය අද ප්‍රංශයේ උසස් අධ්‍යාපන ඇමැතිනියයි
  4. හැමෝම කර අරිද්දී අමල් පෙරේරා ගැන විශ්ව ලංකා කී කතාව
  5. නිදහස ලැබුණු දවස සහ නිදහසක් නැති වූ දවස ගැන රටේ තරු කතා කරයි
  6. කලාකරුවන් හැමෝටම සුබ උපන් දිනයක් කියන කවුද මේ සිරි කහවල
  7. ඉන්දියාවේ කුල්ෆිට හඬ කවන ලංකාවේ සශ්‍රීකා
  8. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි
  9. එදා මරණ බයේ දුවන ගමන් මම කියපු කතාව රටටම ඇහුණා
  10. කාලෙකට පස්සේ ප්‍රීතිරාජගෙන් දේශපාලන කොමිඩියක්
  11. සරෝජා තුළින් රටම හඳුනාගත් පුංචි සුරංගනාවී යුගදිවියට
  12. ඉන්දීය අගමැතිවත් පුදුම කරපු භාතිය-සන්තුෂ් කරන්නට යන අමුතු වැඩේ
  13. කවදා හරි ලංකාවේ හොඳම නිළිය වෙන එක තමයි මගේ හීනය
  14. Facebook සටහනක් හින්දා තව ‍පොඩ්ඩෙන් මම මැර ප්‍රහාරයකට ලක් වෙනවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.