lakbima.lk

ඔහුගේ හඩින් එදා ඇසුණු බොහෝ ආදර ගීතවලට ආදරය විඳින හා ආදරය නිසා විඳ වන අද කා‍ලේ තරුණ පරපුරත් බොහෝ සෙයින් ප්‍රිය කරනවා. “මටත් හොරෙන් මගේ හිතින්” “දේව මන්දීරේ” “හමුවේවා ඔබේම ඉන්දු” “සදාකල් මා බලා සිටියා” “ලොවේ කොයි කාටත් හොරෙන්” ආදී ඒ ගීත නැවතත් ඔහුගේ හඩින්ම සජීවීව රස විඳීම සඳහා සුවිශේෂී අවස්ථාවක් තවත් දින කිහිපයකින් උදා වෙනවා. ඒ සැප්තැම්බර් 28 වැනිදා සවස 6.0ට මහරගම යොවුන් රඟහ‍ලේදී පැවැත්වෙන “ඔබේ අත ගෙන පෙර සැඳැවක” ඒක පුද්ගල ගී ප්‍රසංගයේදියි. අපේ මෙම කතා නායකයා වන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධනව අපි මෙලෙස සංවාදයකට එක්කාසු කරගත්තේ ඔහුගේ හතළිස් වසරක කලා දිවිය සැමරීම උදෙසා පවත්වන එම ප්‍රසංගය ගැන වැඩිදුර තොරතුරු ඔබට කියන්නයි.

මුලින්ම අපි ඔබේ අතගෙන පෙර සැඳැවක ගී ප්‍රසංගය ගැන කතා කරමු?

මගේ කලා දිවියට වසර හතළිහක් සපිරීම නිමිත්තෙන් තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ.මෙය සංවිධානය කරන්නේ සඳල කලා සංසදයයි. ප්‍රසංගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 28 වැනිදා සවස 6.30ට මහරගම යොවුන් රඟහ‍ලේදී. මෙහිදී මම මගේ ගීත 20ක් 22ක් පමණ ගායනා කරනවා. මෙහි කථනය වසන්ත රෝහණ. මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සපයනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය සපයන අතරේ දෙරණ ආයතනය, ස්වාධීන රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන රැසක් මීට මාධ්‍ය අනුග්‍රහය දක්වනවා.

ඔබ ගැයූ ගී අතර යුග ගීතත් තියෙනවා. මේ ප්‍රසංගයට ඒවා ඇතුළත් වෙන්නේ නැද්ද?

මේ ප්‍රසංගයට යුග ගීතත් කිහිපයක් ඇතුළත් වෙනවා. “හමුවේවා” ගීතය මා සමග ගැයු දමයන්ති ජයසූරිය මේ ප්‍රසංගයේදීත් එම ගීය ගයන්න එකතුවනවා. මාලනී බුලත්සිංහල සහ මා ගැයූ “දෑසේ මල් වි‍ලේ” ගීතය ගයන්න ඇගේ නැගණිය සන්ධ්‍යා බුලත්සිංහල එක්වනවා. නිරංජලා සරෝජනී සහ මම එක්වෙලා යුග ගී රැසක් ගායනා කොට තිබෙනවා. ඒ අතරින් “ඔබේම ඉන්දු” ගීතයට අනුරාධා නන්දසිරිත්

“අප එදා දෙපා නැගූ මාවතේ” ගීතයට සෙව්වන්දි රණතුංගත් ප්‍රසංගයේදී ගායනයෙන් සහය වනවා.

ප්‍රසංග වේදිකාවට අද නර්තනයත් නැතුවම බැරි අංගයක්. සුභාවිත ගීතය තුළින් හදවතට කතා කරන ඔබ ඔබේ ප්‍රසංගයටත් නර්තනාංග ඇතුළත් කරනවාද?

ගීත කිහිපයකට පමණක් නර්තනාංග ඇතුළත් වෙනවා. හැබැයි ඒවා ගීතයේ අරුත මතු කරන විදිහේ නර්තනයන් පමණයි.

මෙය ඔබේ පසුම්බිය තර කර ගැනීමේ අරමුණින් පවත්වන ප්‍රසංගයක් ‍නෙවෙයි?

ඇත්තෙන්ම ඔව්. ප්‍රසංගයෙන් ලැබෙන ආදායම රාජගිරියේ ජයශේඛරාරාමයේ සංඝාවාසය ගොඩනැගීමට පරිත්‍යාග කරන්න මම බලා‍පොරොත්තු වනවා. ඊට අමතරව මහරගම පිළිකා රෝහ‍ලේ ළමා වාට්ටුවේ ළමා රෝගීින් වෙනුවෙනුත් එයින් කොටසක් පරිත්‍යාග කරන්නයි හිතාගෙන ඉන්නේ.

මේ ප්‍රසංගයෙන් පස්සේ තවත් මෙවැනිම ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් පැවැත්වීමට අදහසක් නැද්ද?

ඒ සඳහා ආරාධනා නම් කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන හිතා බලනවා. අපි ගී ගයන්නේ දෙපයට ‍නෙවෙයි. හදවතට. ඒත් අද වැඩි ඉඩකඩ ලැබෙන්නේ දෙපයට ගැයෙන ඝෝෂාකාරී සංගීතයටයි. මගේ ප්‍රසංගයට අනුග්‍රාහකයන් කීප දෙනෙකුම අනුග්‍රාහය දැක්වුවත් ප්‍රධාන අනුග්‍රහකයෙක් හොයාගන්න අමාරු වුණා. ඒ වගේ පසුබිමක තමයි මට මෙය ඉදිරියට ගෙනියන්න සිදුවන්නේ.

මෙය නව පරපුරේ සංගීත රටාවන් ගැන ඔබ ඉන්නේ කලකිරීමෙන්ද?

සංගීත ක්ෂේත්‍රයටත් වෙනස කියන දේ අවශ්‍යයි. උදාහරණයකට කීවොත් රූකාන්ත ගුණතිලක හා ආත්මා ලියනගේ සංගීතයේ වෙනසක් ඇති කළා. ඒත් ඒ දෙන්නා සංගීතය නරක් කළේ නැහැ. අලුත් පරපුර අතරත් දක්ෂයන් ඉන්නවා. ඒ අය සංගීතය වෙනස් කළාට කමක් නැහැ. හැබැයි කවුරුහරි සංගීතය නරක් කරනවා නම් ඒක බරපතළ වරදක්.

ගායකයෙක්, නිවේදකයෙක්, නිෂ්පාදකවරයෙක්, හඬ කැවීම් ශිල්පියෙක් විදියට ගුවන් විදුලිය තුළ සිටි ඔබගේ වර්තමාන කටයුතු ගැන කතා කළොත්?

මම දැනටත් බාහිරව සම්බන්ධව වෙමින් ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදනයට එකතුවනවා. “මුවන් පැලැස්ස” ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ මමයි. ඒ වගේම රූපවාහිනියේ හඬ කැවීම් වලටත් මම දායක වෙනවා. සුජාත දියණිය නාට්‍යයේ වෙදැදුරු, අභීත දියණිය නාට්‍යයේ පියොන්සේ යන චරිත සහ ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍යයේ ආලාර කාලාම, චන්න ඇමැති හා මහ සෙනවි යන මම මෑතකදී හඬ කැවීමෙන් ජනප්‍රිය ටෙලි නාට්‍ය චරිත කීපයක්.

“ඔබේ අත ගෙන පෙර සැඳැවක” ප්‍රසංගය ඔබේ ගී ප්‍රිය කරන රසික පිරිසට කලකට පසු ලැබෙන තුටු පඬුරක් වේවි?

ඔව්. ඒ කටයුත්ත සඳහා මට උපකාර කළ කීප දෙනෙකු මෙහිදී සිහිපත් කළ යුතුමයි. ජයම්පති අමරපාල, තිස්ස, එඩ්වින් ආරියදාස මහතා, ප්‍රදීපා වගේම මගේ සහෝදර සහෝදරියෝ මම ආදරයෙන් සිහිපත් කරනවා.

ආරියවංශ කුලතිලක

  1. පයින් ගැසූ පන්දුව නිසා ජීවිතයම උඩු යටිකුරු වූ ඩේවිඩ්ගේ කතාව
  2. කලා පවුලකම නෑකම අරන් රඟපෑමට එක්වූ අලුත්ම තරුව
  3. ඈත ගමක පුංචි කඩයක් කරගෙන හිටපු මාව තරුවක් කළේ දෙරණයි
  4. අයියලා දෙන්නයි, තාත්තයි මම රඟපානවාට අකමැති වුණා
  5. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සංගීත දිවියට වසර 40 වීම නිමිත්තෙනන් හැමෝටම නොමි‍ලේ තෑග්ගක්
  6. මට තියෙන්නේ කවුරුත් විශ්වාස නොකරන ලෙඩක්
  7. අපේ රට කලාකරුවන්ට සලකන රටක් නෙමෙයි
  8. කලාකරුවන්ගේ උපන් දින කටපාඩමින් කියන කලාකාමී අපූරු රසවතා
  9. මම රට යනවා
  10. වසර ගණනක් පුරා සතිපතා ඔබට වාසනාව රැගෙන ආ කණ්ඩම්බි
  11. ෂෙල්ටන් මුතුනමගේ ලෙඩ ඇඳේ
  12. ගයාන් චතුරිකා අලුත් ටෙලි නාට්‍යයක වැඩ අරඹයි
  13. රාජකීය උපන්දින සාදයක් ගත් චන්දිමාල් ජයසිංහ ගැන වෙනස්ම විදියේ කතාවක්

Page 1 of 14

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.