lakbima.lk

මේ වගේ හීන හැමෝගේම සැබෑ වෙන්නේ නෑ

මුහුණු‍පොත කියන්නේ අද වනවිට බොහෝ දෙනාගේ ජීවිතවලට විවිධාකාරයේ බලපෑම් ඇති කරන තැනක් කීවොත් නිවැරදියි. සමහරුන්ට නරක බලපෑම් වගේම තවත් සමහරුන්ට නොහිතන විදිහේ වාසි පවා ෆේස්බුක් නිසා අත්වෙනවා.
 
මුහුණු‍පොත හරහා තමන්ගේ ජීවිතයේ හීනයන් ඉටු කර ගත් නව යෞවනයකු ගැනයි අපි මේ ඔබට කියන්නට සූදානම් වෙන්නේ. ඔහු කැළුම් දේවනාරායන. මේ දිනවල ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ මලිත් ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන කැළුම් පවසන්නේ නළුවකු වීමට හීන දකිමින් සිටි තමන්ගේ බලා‍පොරොත්තුව ඉටුවුණේ මුහුණු‍පොත නිසා බවයි.
 
 මුලින්ම කැළුම්ගේ පෞද්ගලික තොරතුරු ටිකක් කියමු නේද?
 
මගේ ගම පිළියන්දල. ඉගෙන ගත්තේ පිළියන්දල ශාන්ත ජෝන් විදුහලින්. මම දැනට ග්‍රැෆික් ඩිසයින් ගැන පාඨමාලාවක් හදාරනවා.
 
 ඔබ නළුවෙක් වෙන්න හීන දැක්කේ කොයි කා‍ලේ ඉඳන්ද?
 
පුංචි කා‍ලේ ඉඳන් ඒ ගැන ලොකු ආසාවක් මට තිබුණා. ඒ හීනය ඉටුකර ගන්න මම හුඟාක් උත්සාහ කළා. වෙළෙඳ දැන්වීම්වලට අවශ්‍ය ශිල්පීන් තෝරන Screen Test වලට සහභාගි වුණා. ඒ හරහා වෙළෙඳ දැන්වීම් කීපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. හා හා පුරා කියලා මම වෙළෙඳ දැන්වීමකට පෙනී හිටියේ අවුරුදු 15 දී විතර.
 
 
 වෙළෙඳ දැන්වීම් හරහා ටෙලි නාට්‍ය සඳහා එකතු වන්න අවස්ථාව උදාවුණේ නැද්ද?
 
නැහැ. මියුසික් වීඩියෝ 3 කට රංගනයෙන් දායක වෙන්න නම් අවස්ථාව ලැබුණා.
 

 කැළුම් පහුගිය කා‍ලේ සමාජ ජාලා මාධ්‍ය තුළ කතාබහට ලක්වූ චරිතයක් බවට පත්වුණා. ඔබට ටෙලි නාට්‍ය සඳහා අවස්ථාව ලැබුණෙත් ඒ හරහා නේද?
 
මම ඉස්සර ඉඳන් මගේ Videoෆේස්බුක් එකට දානවා. ඔය විදිහට දාපු එක Video එකක් නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. එය ලක්ෂ 10 කට ආසන්න පිරිසක් නරඹා තිබුණා. ඒ වගේම ගොඩාක් අය Share කරලත් තිබුණා. ඒ හරහා තමයි බොහෝ අය මා ගැන දැනගත්තේ. දවසක් චාමිකා අක්කා (සංගීතේ  නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස්) මගේ දුරකථන අංකය හොයාගෙන මට Call කරලා Screen Test එකකට එන්න කිව්වා. ඒ අනුව තමයි සංගීතේ ටෙලි නාට්‍යයේ මලිත්ගේ චරිතය රඟපාන්න ලැබුණේ.
 
 ඒ ආරාධනාව ලැබෙද්දී ඔබට මොනවද හිතුණේ?
 
මම දෙවැනි ඉනිම නාට්‍යය ඉතාමත් ආසාවෙන් නරඹන කෙනෙක්. ඒ නාට්‍යයට අලුත් චරිත එකතු වන විට මටත් මේ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතුණු වාර ගණන අනන්තයි. ඒත් ඒ 
නිෂ්පාදන කණ්ඩායම දෙවැනි ඉනිම ට පසුව කරන ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබෙයි කියලා නම් මට කවදාවත් හිතුණේ නැහැ. මට ඒ අවස්ථාව ලබාදුන් සාරංග මෙන්ඩිස්, චාමිකා මෙන්ඩිස්, චරිත කොතලාවල හා ලක්සිරි වික්‍රමගේ යන මහත්ම මහත්මීන්ව මේ වෙලාවේ මම ගෞරවයෙන් සිහිපත් කරනව.
 
 අන්තර්ජාලයේ තරුවක් වුණු දවස්වල කැළුම්ට ගැහැනු ළමුන්ගේ ආකර්ෂණය තදින්ම ලැබෙන්න ඇති. ඒ නිසාම ඔබේ පෙම්වතියත් ගොඩාක් කලබල වුණා කියලත් ආරංචියක් පැතිර ගියා. ඇත්තද ඒ කතාව?
 
ගෑනු ළමයින්ගේ ආකර්ෂණය නම් මට ගොඩාක් ලැබුණා. හැබැයි අනිත් කතාව නම් බොරුවක්. මොකද මට තවම පෙම්වතියක් නැහැ.
 
ඒත් කැළුම් එක්ක Video එකක පෙනී සිටි ලෝචනා ඔබේ පෙම්වතිය බවයි අන්තර්ජාලය පුරා පැතිර ගියේ?
 
ලෝචනා තමයි මගේ හොඳම යාළුවා. අපේ ගෙවල්වලට ටිකක් ළඟින් තමයි ඇයත් ඉන්නේ. ඔය කියන Video එක අපි කළේ ඒ යාළුකමටයි. එහෙම නැතුව වෙන කිසිම සම්බන්ධයක් අපි අතරේ නැහැ.
 
ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.