lakbima.lk

නදීකාට මතක නැද්ද අපේ පුංචි කා‍ලේ.. ගීතයේ අයිතිකරුවා ගැන ඔබ නොදැන සිටි කතාවක්


අපි මේ ගීතය මුලින්ම ඇහුවේ මීට අවුරුදු තිහකට විතර කලින්. හැබැයි අද දවසේ තරුණ පරපුරේ මුවගත් මේ ගීතය රැව්දෙනවා. ප්‍රසංග වේදිකාවේදී බොහෝ ගායකයෝ මේ ගීතය ගායනා කරලා ජනප්‍රිය වුණා. ඒ වුණත් මේ ගීතය ගැයූ මුල් ගායකයා කවුද කියලා අද තරුණයකුගෙන් ඇහුවොත් සමහර විට ඊට නිවැරදි පිළිතුරක් නොලැබෙන්නට පුළුවන්. අපි මේ සැරසෙන්නේ මේ ගීතයේ සැබෑ හිමිකරුවා ගැන ඔබට කියන්නයි. ඔහු නමින් සුනිල් ප්‍රනාන්දු.

නදීකාට මතක නැද්ද ගීතය නිර්මාණය කරපු කාලයේම මම තවත් ගීත කීපයක් එළිදැක්වූවා. ඒ ගීතත් ජනප්‍රිය වුණා. පහුගිය අවුරුදු තිහක් පුරා සංගීත    ක්‍ෂේත්‍රයේ මම රැඳුණේ ඒ ගීත එක්ක.
නදීකාට මතක නැද්ද ගීතය අදටත් බොහෝ අය දන්නවා. ඒත් ඒ අය මාව දන්නේ නැහැ. ඒත් ඒ ගැන මට තියෙන්නේ දුකක් නමෛයි සතුටක්.

සුනිල් ප්‍රනාන්දු එහෙම කියන්නේ හෘදයාංගමවයි. ඔහු කොයිතරම් අහිංසක, නිහතමානී කලාකරුවෙක්ද කියලා ඒ කතාබහෙන් අපිට තවත් පැහැදිලි වුණා. මිනිස්සු ලෝකයට කොයිතරම් කාරුණික වූවත් සමහර විට ෙදෙවය ඒ අයට කාරුණික වන්නේ නැහැ. පසුගිය කාලයේ සුනිල්ගේ ජීවිතයට උදාවුණේ ඒ වගේ අභාග්‍ය සම්පන්න කාලවකවානුවක්.

දියවැඩියා රෝගය උත්සන්න වී ඇද වැටීම නිසා මාව රෝහල්ගත කළා. ඉන්පසුව මම දවස් එකහමාරක් විතර සිහි නැතිවෙලා හිටියා. රෝගී තත්ත්වය හින්දා ස්නායුවලටත් බලපෑමක් ඇතිවෙලා සිහිකල්පනාවත් නැතිව ගිහින් වසර ගණනාවක්් ඇඳටම වෙලා ඉන්න සිදුවුණා.

දෙෙවය සුනිල්ගේ ජීවිතයට ඒ විදිහට අභියෝග කරද්දී සුනිල් ෙදෙවයට අභියෝග කරලා ආයෙමත් දෙපයින් නැගිට්ටා. දැන් ඔහු සූදානම් වෙන්නේ අලුත් ගීතයක් අරගෙන ආයෙමත් රසිකයන් අතරට එන්නයි.
මගේ අලුත්ම ගීතය නිර්මාණය කරන්නේ මගේ පුතා සංගීත් මධුසංඛ. පුතා දක්ෂ ගීත රචකයෙක්. දමිත් අසංකගේ පමාවෙලා ජූඩ් රොගෑන්ස්ගේ වෙන්වන්න රහල් අල්විස්ගේ හිතට හොරා මං වැනි ජනප්‍රිය ගී රැසක්ම රචනා කළේ    මගේ පුතා..

 පුතා වගේම ඔහුගේ දියණියන් දෙදෙනාත් (ජයශානි හා රශ්මිලා) ගායනා හැකියාව ඇති අය.  ඒත් ඔවුන් සංගීතයට යොමු වී නැහැ. සුනිල්ගේ බිරිඳ ෂෙරින් අයිරාංගනී දක්ෂ ගායිකාවක්, සුනිල් සමග ඔහුගේ පළමු           ගී තැටියේ යුග ගී ගයන්නට එක්වූයේද ඇයයි.

 ඔබගේ ගීත අද පරපුර අතරත් ජනප්‍රියයි. ඒත් අද පරපුර ඔබ ගැන වැඩිය දන්නේ නැහැ. ඔවුන්ට ඔබ ගැන විස්තර ටිකක් කියන්න.

මම ගුවන් විදුලියේ සී ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්. මගේ තාත්තා (ජෝශප් ප්‍රනාන්දු) කොන්ත්‍රාත්කරුවෙක්. අපි සාමාන්‍ය පවුලක්. තාත්තයි අම්මයි (මරියා) තමයි මගේ මුල්ම ගී තැටියට වියදම් කළේ. මගේ පළමු ගීතය තමයි ගොම්මං කළුවර ඒත් ගොඩක්ම ජනප්‍රිය වුණේ නදීකාට මතක නැද්ද ගීතය.දිනෙක හමුවුණා. තාරකාවන් නිවි නිවි දි‍ලේ අඳුර ඉරා වගේ ගීතත් ජනප්‍රිය වුණා.

ඒ ගීත එක්ක ප්‍රසංග වේදිකාවේ රැඳුණු හින්දා පසුගිය අවුරුදු ගානටම මම අලුත් ගීත නිර්මාණ කළේ නැහැ. අසනීප වුණාට පස්සේ ප්‍රසංග වේදිකාවත් මට නැතුව ගියා. මගේ වෘත්තීය වුණේ මගේ සීඩී තැටි පිටපත් කරලා අලෙවි කරන එකයි. ඒ වෘත්තීය කරලා ළමයින්ට හොඳින් ඉගැන්නුවා. දැන් මට සනීපයි. ළඟදීම මම මගේ අලුත් ගීතය එළිදක්වනවා. ආයෙමත් ප්‍රසංග වේදිකාවටත් එනවා.

031-4900635 අංකයෙන් ඔබටත් සුනිල්ව අමතන්න පුළුවන්.

ආරියවංශ කුලතිලක
ඡායාරූප - මලිත් ගමගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.