lakbima.lk

කලාවට හැමෝම ආදරෙයි. කලාවත් එක්ක ජීවිත ගනුදෙනු කරන අයට ජනතා ආදරය වැඩිපුර හිමිවන්නේ ඒ නිසයි. කලාකරුවෙක් කවදාවත් තනි නොවන්නේත්, බොහෝ දෙනෙක් ඔවුන් වටා නිරතුරුව රැඳිලා ඉන්නේත් ඒ හින්දා. ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා රෝගී වීම නිසා මේ දවස්වල කලාවෙන් ඈත්වී නිවසට වී සිටින බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්.

ඔහුට ආදරය කරන පිරිස තවමත් ඔහු වටා රැඳිලා ඉන්නා බව හැමෝටම දැනගන්නට ලැබුණු තවත් අවස්ථාවක් තමයි පසුගිය 4 වැනිදා පැවැති ඔහුගේ උපන්දින උත්සවය.

1948 ජූලි මාසේ 4 වැනිදා ඉපැදුණු මේ සොඳුරු කලාකරුවාගේ 70වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 4 වැනිදාටයි. ඒ නිමිත්තෙන් පැවැති චාම් උපන්දින උත්සවය ඔහුගේ මිතුරන් විසින් සංවිධානය කළ එකක්. අත්වාරුවෙන් ඊට එක්වූ සුමින්දගේ මුවග තුළ එදා තිරයෙන් අප දුටු සොඳුරු සිනහව ඒ විදියටම රැඳිලා තිබුණා.

ඔහුගේ නවතම තත්ත්වය විමසන්නයි, මේ උපන්දින උත්සවයේ තොරතුරු දැනගන්නයි, අපි සුමින්දගේ බිරිඳ ලීලා සමග කතාබහ කළා.

“එදා උදේ කිරිබත් ඉව්වා. අපි තුන්දෙනාම ගමේ පන්සලට ගිහින් දානෙත් පූජා කළා. හවස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරන සුමින්දගේ යාළුවෝ එන බව අපිට දන්වලා තිබුණා. ඒත් ඒ අය එන බවක් එයාට දන්වන්න එපා කියලයි කිව්වේ. ඒ අයට ඕන වුණේ සප්රයිස් Birth Day පාටියක් තියන්නයි.  කට්ටියම ඇවිත් කේක් කපලා සිංදු කියලා එදා ගොඩක් සතුටු වුණා. සුමින්දත් එදා දවස ගතකළේ හරිම සතුටින්”.

සුමින්ද සිරිසේන නළුවෙක් වුණාට ඔහු සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඔහු සමග සේවය කළ සහෝදර කාර්ය මඩුල්ල තමයි මේ විදියට එදා උපන්දින උත්සවයක් සංවිධානය කළේ. වසර ගණනක් කලා ලොවේ රැඳී සිටි සුමින්දගේ 70 වැනි උපන් දිනයට කලා ලොවේ හිතවතුනුත් එක් වුණාද කියල අපි සොයා බැලුවා.

“බුද්ධදාස විතානාරච්චි මහත්තයා නම් එදා ආවා. කාර්යබහුලකම එක්ක නළු නිළියන්ට හදිසියේ සංවිධානය කළ සාදයකට සහභාගි වන්න අසීරුයිනේ. ගොඩක් අය දුරකථනයෙන් සුබ පැතුවා” සුමින්දගේ බිරිඳ අපිට එහෙම කිව්වා.

සුමින්ද සිරිසේන ලෙඩ ඇඳට වැටුණේ 2012 දී. අද වනවිට ඔහුගේ රෝගී තත්ත්වය බොහෝ දුරට සුවවී අවසන්. නමුත් අත්වාරුව නැතිව තවමත් ඔහුට ඇවිදින්නට අමාරුයි. තවමත් ඔහු නිවසට වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා.

සුමින්දට පුත්තු දෙන්නෙක් ඉන්නවා. වැඩිමල් පුතු මේ වනවිට විවාහවෙලා නෙදර්ලන්තයේ පදිංචි වෙලා ඉන්නේ. බාලපුතු නන්දිත ප්‍රසාද් සිරිසේන පියාගේ අඩිපාරේ යන්න පය තබන කා‍ලේදීමයි සුමින්ද අසනීප වුණේ. නන්දිතගේ කලා කටයුතු ගැන අපි විමසා සිටියේ ඔහුගෙන්මයි.

“ආනන්ද වික්‍රමගේ මහතා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක (ජනිත් වික්‍රමගේ) ගේ මිතුරෙකුගේ චරිතය මම රඟපෑවා. මොහාන්ජි රංගනාත් අධ්‍යක්ෂණය කළ “යසඉසුරු” ටෙලි නාට්‍යයේ වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ චරිතයක් රඟපෑවා. “ටින් පැටවු”, “ඉර වැඳුම” වැනි ඒකාංගික ටෙලි නාට්‍ය කීපයකුත් කළා. ඒවා අලුත්ම නිර්මාණ. මම ඒවායේ ඡායාරූප ශිල්පියා ලෙසත් සංස්කරණ කටයුතුත් කළා. දැනටත් මම වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. තාත්තා අසනීප වීමත් එක්ක කලා ලෝකේ එක්ක මට තිබුණු සම්බන්ධතා අඩු වුණා. ඒ හින්දා රඟපෑමයි, ටෙලි නාට්‍ය කටයුතුයි ඉදිරියට කරගෙන යන්න බැරිවුණා” සුමින්දගේ පුතා අපිට කිව්වේ ඒ වගේ කතාවක්.

වේදිකාව, පුංචි තිරය වගේම සිනමාව තුළත් සුමින්ද මැවූ රංගනය කවදාවත් ඔහුගේ ප්‍රේක්ෂකයන්ට අමතක වෙන්නේ නැහැ. නිසි ප්‍රතිකාර හා ව්‍යායාම් කෙරෙන අතර අත්වාරුවේ ආධාරයෙන් නිවස තුළ ඇවිද යාමේ හැකියාව මේ වනවිට සුමින්දට තියෙනවා. ‘සියලු රෝගී තත්ත්වයන් දුරු වී යළිත් සුපුරුදු ලෙසින් රංගනයට පිවිසීමට සුමින්ද සිරිසේන නම් මේ සොඳුරු කලාකරුවාට හැකිවේවා’ කියා ඔහුගේ රසික හිතවතුන් වගේම “රිද්ම” අපිත් ආශීර්වාද කරනවා.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

  1. සිඳුට 500 ලබද්දී දරපාන් පිය පදවිය ලබයි
  2. කැළුම් ශ්‍රීමාල්ගේ දියණියගේ මංගල උත්සවය දවසේ බල්ලන්ට ඇරයුම් කළේ කවුද?
  3. මහ ඇමැති ඉසුර නළු කමට බහී
  4. සිදු සහ දංකුඩ බණ්ඩා අන්තර්ජාලයේ ගැටෙයි
  5. ශානිකා මේ කියන්නේ ඇත්තද?
  6. අවුරුද්දකට වතාවක් ලංකාවට පැමිණ ගී ගයන ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයා
  7. මගේ කකුලෙන් ඇදපු යාළුවෙක් හිටියා - ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක දිමුත්
  8. නාටක මාරයි කරන සුරංගගේ අලුත්ම නාටකය කුමක්ද?
  9. හිමාලි සිරිවර්ධන මව් පදවිය ලබයි
  10. රාජ සභාවේ රජතුමා අද කෝ?
  11. මීට කලින් සුළු සුළු චරිත රඟපාලා තියෙනවා
  12. පුතාටයි දුවටයි වේදිකාව බාර දුන් කුමාරසිරි පතිරණ දැඩි තීරණයක
  13. මාව දේවදත්තයෙක් කළේ සුනිල් සර්රුයි නන්දා මාලනියි
  14. චිත්‍රපට ප්‍රදර්ශනය අක්‍රමවත් වීමෙන් ප්‍රේක්ෂකයෝ කළකිරෙනවා
  15. ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය නිවේදකයකු වන ඩෙන්සිල් නුගේගොඩ ගෙන් හැමෝම ඉල්ලන්නේ මොනවාද?

Page 1 of 98

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.